Uncategorized

උතුරේ යුද හමුදාවට තමන්ගෙන් නොවිමසා කිසිදු තොරතුරක් ලබා නොදෙන්නැයි උතුරු පලාත් ප්‍රධාන අමාත්‍ය සී.වී.විග්නේශ්වරන් මහතා පවසයි.

ප්‍රධාන අමාත්‍යවරයා මේ බව කියා සිටියේ ඊයේ (12) දින කිලිනොච්චි ඩිපෝ මන්සන්ධියේදී ආබාධිත වූවන් වෙනුවෙන් ඉදිවූ සංවර්ධන මධ්‍යස්ථානයක් විවෘත කිරීමේ අවස්ථාවට සහභාගී වෙමිනි.

එහිදී අදහස් දැක්වූ උතුරු පලාත් ප්‍රධාන අමාත්‍යවරයා වැඩිදුරටත් කියා සිටියේ,

“මම කියන්න කැමතියි උතුරේ සියලුම රාජ්‍ය නිලධාරීන්ට යුද හමුදාව තොරතුරු ඉල්ලන්න ආවොත් දෙන්න එපා කියලා. එහෙම ඇවිත් තොරතුරු ඉල්ලුවොත් ඔබතුමාල එයාලට කියන්න උතුරු පලාත් ප්‍රධාන අමාත්‍යවරයා දැනුම් දීල තියෙන්නේ කිසිම තොරතුරක් එතුමන්ගෙන් විමසීමක් කරන් නැතුව දෙන්න එපා කියල තියෙන්නෙ කියලා. මගෙන් අහලා අවශ්‍ය තොරතුරු දෙන්නම් කියලා එයාලට කියන්න.

ඒ වගේම මේ පලාත මධ්‍යම රජයෙන් එක පලානයක් සිද්ද වෙනවා පලාත් සභාවෙන් තවත් පාලනයක් සිද්ද වෙනවා. මේ දෙකටම අමතරව තුන්වනුව තවත් පාලනයක් විදිහට ආණ්ඩුකාරවරයාගේ පාලනයත් ඇවිල්ලා. මේ සියලු පාලනයන්ගෙන් අපහසුතාවයට පත්වෙන්නේ අපේ ජනතාවයි. මේ හේතු නිසා තමයි අපි මුල සිටම ෆෙඩරල් පාලනයක් ඉල්ලන්නේ මීට අමතරව ලංකාවේ පලාත් නවයෙම ස්වයං පාලනයකුත් අවශ්‍යයි කියලා ඉල්ලීමකුත් කරන්න ඕන.“ යනුවෙනි.

වන්නි රොමේෂ් මධුෂංඛ



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More