Uncategorized

රටේ ආර්ථීකය සංවර්ධනය කිරීමේ අවංක උවමනාවක් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට ඇති නමුත් අගමැතිවරයා සහ මුදල් අමාත්‍යවරයා එයට ඉඩ ලබා නොදෙන බව පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.බී දිසානායක මහතා පවසයි.

ඔහු මේ බව පැවසුවේ ආණ්ඩුවෙන් ඉවත් වූ ශ්‍රි ලංකා නිදහස් පක්ෂ 16 දෙනාගේ කණ්ඩායම පුංචි බොරැල්ල, නිදහසේ මාධ්‍ය කේන්ද්‍රයේදී ඊයේ (12) පැවැත්වූ මාධ්‍ය හමුවක් අමතමිනි.

මෙරටින් බිහිවූ ප්‍රවීණ ආර්ථීක විශේෂඥයෙකු වන ඇමෙරිකාවේ හාවර්ඩ් විශ්ව විද්‍යාලයේ ආර්ථීක විද්‍යා මහාචාර්ය ලලිත් සමරකෝන් මහතා ද ගෙන්වා ජනාධිපතිවරයා ආරම්භ කළ ආර්ථීක කවුන්සිලයට මුදල් අමාත්‍යාංශය කිසිම සහයෝගයක් ලබානොදෙන බවද එස්.බී දිසානායක මහතා සඳහන් කළේය.

රටේ ආර්ථීක දියුණුව වෙනුවෙන් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් ආරම්භ කළ ආර්ථීක කළමනාකරණ කමිටුව අහෝසි කර ආර්ථීක කවුන්සිලයක් පිහිටුවීමට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට සිදුවූයේ දිගින් දිගටම රටේ ආර්ථීකට පිරිහීම හේතුවෙන් බව ද මන්ත්‍රීවරයා පෙන්වා දුන්නේය.

ආර්ථීක කළමනාකරණ කමිටුව යටතේ ආර්ථීකය දිගින් දිගටම කඩාවැටීම හේතුවෙන් ජනාධිපතිවරයා එය අහෝසි කළ යුතු බවත් ඉන්පසු ආරම්භ කළ ආර්ථීක කවුන්සිලය යටතේ ලලිත් සමරකෝන් මහතාගේ ප්‍රධානත්වයෙන් ආර්ථීක කළමනාකරණ වැඩපිළිවෙලක් සකස් කළ බවත් හෙතෙම ප්‍රකාශ කළේය.

එම වැඩපිළිවෙල අමාත්‍යාංශ ලේකම්වරුන්, ආයතන ප්‍රධානීන් හමුවේ ඉදිරිපත් කිරීමට සූදානම් වූ අවස්ථාවේ එය කියවා ඇති නිසා කාලය නාස්ති කළ නොහැකි බව කියමින් අග්‍රාමාත්‍යවරයා හා මුදල් ඇමතිවරයා එතැනින් බැහැරව ගිය බව ද ඔහු පැවසීය.

මහාචාර්ය ලලිත් මහතාට තවමත් මුදල් අමාත්‍යාංශයෙන් සහයෝගයක් හිමිනොවන බවත් දිගින් දිගටම කෙනෙහිලිකම් කරන බවත් මන්ත්‍රීවරයා වැඩිදුරටත් පැවසී ය.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More