චීනය ලෝකය තුළ ගොඩා නගා ගෙන ඇති ආර්ථික සහ යුදමය බලය සහ මොස්කව් පරිපාලනය සමඟ ගොඩ නගා ගෙන ඇති සමීප සබඳතාව නිසාම යුක්රේනයේ ඇතිවී තිබෙන ගැටුම්කාරී තත්වය සමනය කිරීමට මැදිහත් විය හැකි “පෘථිවියේ තිබෙන එකම රට” චීනය බව බව ප්‍රංශ ජනාධිපති කාර්යාලයේ මූලාශ්රයන් උපුටා දක්වමින් පසුගිය 31 වනදා සී එන් එන් පුවත් සේවය පැවසුවේය. සී එන් එන් පුවත් සේවය පවසන පරිදි ප්‍රංශ ජනාධිපති එම්මානුවෙල් මැක්රොන් ලබන සතියේ බීජිං වෙත පැමිණීමට පෙර මෙම ප්‍රකාශය සිදු කිරීම විශේෂත්වයකි.
“රුසියාවටත් යුක්රේනයටත් ගැටුමේ හැරවුම් ලක්ෂයක් නිර්මාණය කර දිය හැකි ලෝකයේ පවතින රටවල් අතුරින් අතලොස්ස අතරට චීනයද අයිතිවෙනවා. වඩාත් ගැඹුරින් සලකා බැලුවහොත් එවැනි එකම රටත් චීනය පමණක්ම විය හැකියි.” ප්‍රංශ ජනාධිපති ඩේවිඩ් මැක්රේන් පැවසූ බව සී එන් එන් පුවත් සේවය වැඩිදුරටත් පවසයි.
චීන කොමියුනිස්ට් පක්ෂය විසින් කරුණු 12කින් යුත් ‘යුක්රේන අර්බුදයේ දේශපාලන විසඳුම පිළිබඳ චීන ස්ථාවරය’ පසුගිය පෙබරවාරි මාසයේදී ඉදිරිපත් කරනු ලැබීය. ඒ සමඟම චීනය යුක්රේනයේ සාමයේ ඇති කිරිමේ විභවය සහිත බේරුම්කරුවෙකු ලෙස ස්ථානගත විය. නමුත් බටහිර මාධ්‍යවල චීන යෝජනා “සාම සැලැස්මක්” ලෙස විස්තර කර ඇතත්, ලේඛනය ගැටුම අවසන් කිරීම සඳහා පියවරෙන් පියවර මාර්ගෝපදේශයක් ලබා නොදෙන බව උලුප්පා දක්වනු ලැබීය. ඒ වෙනුවට බීජිනය ඕනෑම අනාගත ගනුදෙනුවක් පිළිපැදිය යුතු මූලධර්ම ලැයිස්තුගත කිරීම පමණක් කරන බවට ප්‍රචාරය කළේය.
චීනය ඉදිරිපත් කරන යෝජනා වල අඩංගු කරුණු 12 ට දෙපාර්ශවයටම සහන ඇතුළත්වන ලෙස සකසා තිබේ. නිදසුනක් වශයෙන්, “දෙපාර්ශවයම අනෙකාගේ රටේ ස්වෛරීත්වයට” ගරු කළ යුතු බව යෝජනාවලිය අවධාරණය කරයි.එම යෝජනාව මගින් කියෙව් පරිපාලනය ඉල්ලා සිටින පූර්ව ගැටුම් දේශසීමා ආපසු ලබා දිය යුතුය යන අවධාරනයට එකඟ වේ. “සියලු රටවල නීත්‍යානුකූල ආරක්ෂක අවශ්‍යතා සහ උත්සුකයන් බැරෑරුම් ලෙස සැලකිය යුතුයි” යන යෝජනාව රුසියාව අවධාරණය කරන යුක්රේනයේ දේශසීමා ඔස්සේ තවදුරටත් නේටෝ ව්‍යාප්ත කිරීම නොකළ යුතුය යන අවධාරණය සමඟද එකඟ වේ.
චීන ස්ථාවරය ක්‍රෙම්ලින පාලනය විසින් පිළිගනු ලැබූ නමුත්, රුසියාවට පක්ෂව ගැටුම නැවැත්වීමේ “උපායශීලී පියවරක්” ලෙස කරුණු දක්වමින් එක්සත් ජනපද රාජ්‍ය දෙපාර්තමේන්තුව විසින් චීන යෝජනා ප්‍රතික්ෂේප කරනු ලැබුවේය. එලෙසම යුක්රේන ජනාධිපති ව්ලැඩිමීර් සෙලෙන්ස්කි පැවසුවේ ලේඛනයේ ඇති කරුණු අතලොස්සකට පමණක් එකඟ වන බවයි.
ප්‍රංශ ජනාධිපති එමානුවෙල් මැක්රොන් එළබෙන 5 වෙනිදා චීනයට ගොස් ජනාධිපති ෂී ජින්පින්ග් සහ අගමැති ලී චියැන්ග් හමුවීමට නියමිතය. සීඑන්එන් පුවත් සේවය පවසන පරිදි, මැක්රෝන් “මෙම යුද්ධය අවසන් කිරීමට විසඳුම් හඳුනා ගැනීමට ක්‍රමයක් සෙවීමට” උත්සාහ කරනු ඇත. එහෙත් රොයිටර් පුවත් සේවය වාර්තා කළේ රුසියාවට යුක්රේනයේ භාවිතා කිරීමට ආයුධ සැපයීමට එරෙහිව මැක්රොන් චීන ජනාධිපති ෂීට දැඩි අනතුරු ඇඟවීමක් කරනු ඇති බවයි.
“අපගේ පණිවිඩය ඉතා පැහැදිලියි. රුසියාවට සමීප වීමට පෙළඹවීමක් තිබිය යුතුයි. නමුත් එය සීමාව ඉක්මවා නොයාමට වග බලා ගත යුතුයි.” නිර්නාමික ප්‍රංශ රාජ්‍යතාන්ත්‍රිකයෙකු මාධ්‍ය වෙත පැවසීය.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...