දේශීය පුවත්

රුසියානු පෞද්ගලික මිලිටරි සමාගමේ (PMC) ප්‍රධානී එව්ගෙන්ය් ප්‍රිගෝෂින් අනාවරණය කළේ, ඊයේ යුක්‍රේනයේ අට්‍රියොමොව්ස්ක් හෙවත් බක්මුත් නගරය විධිමත් ලෙස තමන්ගේ පාලනයට නතු කරගත් බවයි. නගරයේ පරිපාලන ගොඩනැගිල්ල ඉදිරිපිටදී ගත් බව පැවසෙන වීඩියෝවක් ප්‍රකාශයට පත් කරමින් ඔහු මේ බව ප්‍රකාශයට පත් කළේය. එම අත්පත් කර ගැනීම රුසියානු යුක්‍රේන සටනේ සන්ධිස්ථානයක් බව යුද විශේෂඥයෝ පවසති.

ප්‍රිගෝෂින් බක්මුත් නගරය අල්ලා ගත් බවට නිවේදනය නිකුත් කරනු ලැබුවේ ඊයේ (02) පස්වරුවේ ශාන්ත පීටර්ස්බර්ග්හි ආපන ශාලාවක වැඩිදියුණු කළ පුපුරණ ද්‍රව්‍ය පිපිරීමකින් ප්‍රමුඛ රුසියානු හමුදා බ්ලොග්කරුවෙකු වන ටාටාර්ස්කි (සැබෑ නම මැක්සිම් ෆොමින්) මිය ගොස් පැය කිහිපයකට පසුව වීම විශේෂත්වයකි.
“ බක්මුත් අත්පත් කරගත් බව නීත්‍යානුකූලව ප්‍රකාශයට පත් කරනවා. දැන් සතුරා  යුක්‍රේනයේ බටහිර දිස්ත්‍රික්කවල ගොනු වී සිටිනවා” යැයි පීඑම්සී ප්‍රධානියා වැඩිදුරටත් පැවසීය.

යුක්‍රේනයේ අට්‍රියොමොව්ස්ක් හෙවත් බක්මුත් අත් පත් කර ගැනීම සඳහා වන සටන යුක්රේනයේ සන්නද්ධ ගැටුමේ වඩාත්ම තීව්‍ර හා ලේවැකි ගැටුම් වලින් එකක් ලෙස ඉස්මතු වී ඇති අතර, දෙපාර්ශවයටම සැලකිය යුතු හානි සිදුව ඇති බව වාර්තා වේ. මේ අතර නගරයට උපායමාර්ගික මිලිටරි වටිනාකමක් නොමැති බව බටහිර නිලධාරීන් ප්‍රකාශ කර ඇති බව බටහිර මාධ්‍ය වාර්තා කර සිටියේය. එහෙත් යුක්රේන ජනාධිපති ව්ලැදිමීර් සෙලෙන්ස්කි පසුගියදා නගරය බලකොටුවක් ලෙස ප්‍රකාශ කිරීමෙන් පසු හැකි තාක් දුරට බක්මුත් නගරය ආරක්ෂා කිරීමට ප්‍රතිඥා දුන්නේය.

සිදුවන අලාභ නොතකා බක්මුත්  අල්ලා ගෙන සිටීමට ගනු ලැබූ උත්සාහයන්, “යුක්රේන හමුදාවට බරපතල හානි ගෙන දුන්නා.” පසුගිය සතියේ මුලදී ප්‍රිගෝෂින් අවධාරණය කළේය. කෙසේ වෙතත්, ඩොනෙට්ස්ක් මහජන සමූහාණ්ඩුවට අයත් බක්මුත් නගරය අල්ලා ගැනීමට නායකත්වය දුන් වැග්නර් සටන්කාමීන්ට ද “බරපතල හානි” සිදු වූ බව ඔහු පිළිගත්තේය.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More