දේශීය පුවත්

රිචඩ් බ්‍රැන්සන්ගේ වර්ජින් ඕබිට් හෝල්ඩිංග්ස් සමාගම අද (04 ) නිවේදනය කළේ බංකොලොත් භාවය ආරක්ෂා කිරීම සඳහා එක්සත් ජනපද ව්‍යවස්ථාවේ 11 වන පරිච්ඡේදයේ ප්‍රතිපාදන ප්‍රකාරව බංකොලොත් භාවය සඳහා කරුණු ගොනු කර ඇති බවයි.

වර්ජින් ඕබිට් හෝල්ඩිංග්ස් සමාගම කැලිෆෝනියාව පදනම් වූ චන්ද්‍රිකා දියත් කිරීමේ සමාගමකි. එලෙසම ඔහුට අයත් වර්ජින් සමූහ ව්‍යාපාරයේ අනුබද්ධිත ආයතනයකි.

වර්ජින් ඕබිට් හෝල්ඩිංග්ස් සමාගම ප්‍රධාන විධායක නිලධාරී ඩෑන් හාර්ට්ට අනුව, සමාගම එක්සත් ජනපදයේ ඩෙලවෙයාර් දිස්ත්‍රික්කයේ බංකොලොත් උසාවියට කරුණු ගොනු කිරීමෙන් පසු එහි වත්කම් විකිණීම සඳහා ගැනුම්කරුවෙකු සොයමින් සිටී.

“අපගේ මූල්‍ය තත්ත්වය යථාවත් කිරීමට සහ අතිරේක මූල්‍ය පහසුකම් මගින් සමාගම සුරක්ෂිත කිරීමට අප මහත් පරිශ්‍රමයක් දැරුවා. එහෙත් පවතින තත්වය සැලකිල්ලට ගෙන අවසානයේදී ව්‍යාපාරයට වඩාත් සුදුසු දේ කළ යුතු යැයි අපි තීරණය කළා” යනුවෙන් ප්‍රධාන විධායක නිලධාරී ඩෑන් හාර්ට් සමාගමේ වෙබ් අඩවියේ ප්‍රකාශයක් නිකුත් කරමින් කියා සිටියේය.

“අපගේ තාක්ෂණ කණ්ඩායම විසින් නිර්මාණය කරන ලද අති නවීන දියත් කිරීමේ තාක්‍ෂණය ,සමාගම විකිණීමේ ක්‍රියාවලිය ඉදිරියට ඇදෙන විට ගැනුම්කරුවන්ට පුළුල් ආකර්ෂණයක් ලබා දෙනු ඇතැයි අපි විශ්වාස කරනවා. මෙම අවස්ථාවෙහිදී, 11 වන පරිච්ඡේදයේ දැක්වෙන ක්‍රියාවලිය කාර්යක්ෂමව මෙන්ම වටිනාකම් වලට උපරිම අලෙවියක් හඳුනා ගැනීමට සහ අවසන් කිරීමට හොඳම ඉදිරි මාවත වනු ඇතැයි අපි විශ්වාස කරනවා.

වර්ජින් ඕබිට් හෝල්ඩිංග්ස් ස්මාගම 2017 දී ආරම්භ කරන ලදී. එහි ප්‍රධාන ජයග්‍රහණය වූයේ යානයේ පියාපත් යටින් රොකට්ටුවක් දියත් කිරීමෙන් චන්ද්‍රිකා අභ්‍යවකාශයට යැවීම සඳහා නවීකරණය කරන ලද  බෝයිං 747 ජෙට් යානයක් භාවිතා කරන පද්ධතියක් සංවර්ධනය කිරීමයි. සමාගම 2020 සිට මෙහෙයුම් හයක් දියත් කර ඇති අතර ඉන් හතරක් සාර්ථක විය.

කෙසේ වෙතත්, පසුගිය ජනවාරි මාසයේදී සමාගමේ අවසාන මෙහෙයුමේදී යානය දියත් කිරීමේදී ඇති වූ තාක්ෂණික දෝෂයක් නිසා රොකට්ටුවක් සාගරයට කඩා වැටුණි. එම හේතුවෙන් සමාගම විශාල වශයෙන් පාඩු ලැබූ අතර එතැන් සිට අමතර අරමුදල් ලබා ගැනීමට උත්සාහ කළේය. කෙසේ වුවද සමාගමේ මුල්‍ය තත්වය යහපත් කරවීම සඳහා, මෙහෙයුම් නතර කළ අතර මාර්තු මස මැද භාගයේදී සමාගමේ කාර්ය මණ්ඩලයෙන් 85% ක් ඉවත් කරන ලදී.

ඊයේ(03) එක්සත් ජනපද නියාමන ගොනු කිරීමකට අනුව, අසාර්ථක චන්ද්‍රිකා දියත් කිරීමට පෙර සිටම වර්ජින් ඕබිට් හෝල්ඩිංග්ස් සමාගම මූල්‍ය ගැටලුවලට මුහුණ දී තිබුණි. 2022 දෙසැම්බර් 31 වන දින වන විට “අපගේ මෙහෙයුම් වලින් ධනාත්මක මුදල් ප්‍රවාහයක් උත්පාදනය කර නොමැති අතර අපගේ මෙහෙයුම් සඳහා මුදල් යෙදවීමට ප්‍රමාණවත් මුදල් ප්‍රවාහයක් ලබා දීමට ප්‍රමාණවත් ආදායමක්ද උපයා ගෙන නොමැත.” යනුවෙන් සමාගම පැවසීය.

සඳුදා, වර්ජින් ඕබිට් හෝල්ඩිංග්ස් සමාගමේ වෙළඳපල වටිනාකම ආසන්න වශයෙන් 2021 දී පැවැති ඩොලර් බිලියන 3 කට වඩා වැඩි වටිනාකමේ සිට ඩොලර් මිලියන 65 ක් දක්වා අඩු විය.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More