දේශීය පුවත්

බ්‍රසීලය, රුසියාව, ඉන්දියාව, චීනය සහ දකුණු අප්‍රිකාව යන රටවලින් සමන්විත බ්‍රික්ස් සංවිධානයේ රටවල් වෙළඳාම් කිරීමේ පහසුව වෙනුවෙන් නව මුදල් ඒකකයක් හඳුන්වාදීමට සූදානම් වන බව විදෙස් මාධ්‍ය වාර්තාකර ඇත.

මෙම නව මූල්‍ය ගිවිසුම සම්බන්ධයෙන් එළැ‍ඹෙන අගෝස්තු මාසයේදී දකුණු අප්‍රිකාවේ පැවැත්වෙන ඔවුන්ගේ වාර්ෂික සමුළුවේදී සාකච්ඡා කිරීමට සූදානම්ව අති බවත්, රුසියානු – යුක්රේනය යුද ගැටුමත් සමග බටහිර රටවලින් රුසියාව වෙත ආර්ථික සම්බාධක පැනවීමත් සමග මෙම නව මූල්‍ය ඒකකයක් නිර්මාණය කිරීමේ උවමනාව ඇතිව ඇති බවත් විදෙස් මාධ්‍ය පෙන්වා දෙයි.

මේ අතර රුසියානු – යුක්‍රේන යුද ගැටුම හේතුවෙන් සම්බාධක පැනවිමට ලක්ව ඇති රුසියාව මේ වනවිට සිය වෙළඳාම් සිදු කිරිම සඳහා අමෙරිකා එක්සත් ජනපද ඩොලරය වෙනුවට චිනයේ යුවාන් මුදල් ඒකකය වැඩිවශයෙන් භාවිතා කර ඇතැයි බ්ලූම්බර්ග් වෙබ් අඩවිය අනාවරණ කර සිටී.

ඉකුත් සතියේ මොස්කව් හිදී රුසියානු ජනපති සහ චීන ජනපති හමුවු අවස්ථාවේදී රුසියානු ජනාධිපතිවරයා ඉල්ලා ඇත්තේ චීන මුදල් මගින් රුසියාව , ආසියානු රටවල් සහ ලතින් අමෙරිකානු රටවල් සමග ගනුදෙනු කිරීමට අවශ්‍ය සහාය ලබාදෙන බවය.

පසුගිය වසරේ චිනය සහ රුසියාව අතර වෙළඳ වටිනාකම ආසන්න වශයෙන් අමෙරිකානු ඩොලර් බිලියන 190ක් වන අතර මේ සඳහා ගෙවීම් කරනු ලැබ ඇත්තේ රුසියානු සහ චීන මුදල් ඒකක වලින් වීම විශේෂත්වයකි.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More