දේශීය පුවත්

චීන මහජන ජනරජයේ ඉහළම ව්‍යවස්ථාදායකය වන ජාතික මහජන කොංග්‍රසයේ විදේශ කටයුතු කමිටුව අද (06) ප්‍රකාශයක් නිකුත් කරමින් අමෙරිකා එක්සත් ජනපද ව්‍යවස්ථාදායකයේ කථානායක කෙවින් මැකාති ඇතුළු එක්සත් ජනපද කොන්ග්‍රස් සාමාජිකයින් සහ තායිවාන නායක සායි ඉන්ග්-වෙන් අතර එක්සත් ජනපදයේ පැවති හමුවට දැඩි ප්‍රතිචාර දක්වා තිබේ.චීන මහජන ජනරජයේ ජාතික මහජන කොංග්‍රසයේ විදේශ කටයුතු කමිටුව එම හමුව සම්බන්ධයෙන් නිකුත් කළ සම්පූර්ණ ප්‍රකාශය පහත පලවේ.

අප්‍රේල් 6දා,
චීනයේ ප්‍රබල විරෝධය සහ ගාම්භීර නියෝජනය නොතකා, එක්සත් ජනපද ව්‍යවස්ථාදායකයේ කථානායක කෙවින් මැකාති සහ අනෙකුත් කොන්ග්‍රස් සභිකයෝ, තායිවාන ජනාධිපතිනි සායි ඉන්ග් වෙන් ( Tsi Ing-wen ) සිය විදේශ සංචාරයේදී අතරමැදි සංචාරක මධ්‍යස්ථානය ලෙස අමෙරිකාව තෝරාගැනීම ප්‍රයෝජනයට ගනිමින් හමුවීම අවධාරනය කළහ. මෙම පියවර එක්-චීනයක් මූලධර්මය සහ චීන-එක්සත් ජනපද ත්‍රිත්ව ඒකාබද්ධ ප්‍රකාශනයේ විධිවිධාන බරපතල ලෙස උල්ලංඝනය කර ඇතිවාක් මෙන්ම ජාත්‍යන්තර නීතිය සහ ජාත්‍යන්තර සබඳතා පාලනය කරන මූලික සම්මතයන්ද බරපතල ලෙස උල්ලංඝණය කරන ලද්දේය. එලෙසම , චීනයේ ස්වෛරීත්වය සහ භෞමික අඛණ්ඩතාව දැඩි ලෙස හෑල්ලුවට ලක් කරන ලදී. චීනයේ ජාතික මහජන කොංග්‍රසය මෙම ක්‍රියාවලියට දැඩි ලෙස විරුද්ධ වන අතර එය දැඩි ලෙස හෙළා දකී.

ලෝකයේ ඇත්තේ එක් චීනයක් පමණක් වන අතර තායිවානය චීනයේ භූමියෙන් වෙන් කළ නොහැකි කොටසකි. චීන මහජන ජනරජයේ රජය යනු මුළු චීනයම නියෝජනය කරන එකම නීත්‍යානුකූල ආයාතනයයි. කයිරෝ ප්‍රකාශනය සහ පොට්ස්ඩෑම් ප්‍රකාශය ඇතුළු ජාත්‍යන්තර නීති ලේඛන මාලාවක් මගින් තායිවානය කෙරෙහි චීනයේ ස්වෛරීභාවය සම්බන්ධයෙන් පැහැදිලි කර ඇත. තායිවානයට චීනයේ කොටසක් වීම හැර ජාත්‍යන්තර නීතියේ වෙනත් තත්ත්වයක් නොමැත. එක්සත් ජනපද ආණ්ඩුවේ තුන්වන ඉහලම නිලධාරියා වන මැකාතිගේ ක්‍රියාව, තායිවාන ප්‍රශ්නය සම්බන්ධයෙන් එක්සත් ජනපදය විසින් චීනයට කරන ලද වගවීම බරපතල ලෙස බිඳ දමා “තායිවානයේ නිදහස” අපේක්ෂා කරන බෙදුම්වාදී බලවේග වෙත බරපතල වැරදි සංඥාවක් ලබා දී ඇත. එම ක්‍රියාව ඓතිහාසික කරුණු සහ යුක්තිය පාගා දමා ජාත්‍යන්තර නීතියේ ආධිපත්‍යයට හානි කළ ක්‍රියාවකි.

චීනයේ භෞමික අඛණ්ඩතාව උල්ලංඝනය කිරීමකට හෝ වෙන්වීමේ ක්‍රියාවලිය ඉවසා දරා සිටීම “චීනයේ ස්වෛරීභාවය”  සිදුකරන්නේ නැත. ජාතික මහජන කොංග්‍රසය විසින් සකස් කරන ලද සහ පනවන ලද බෙදුම්වාදී විරෝධී නීතියේ, එක්-චීන මූලධර්මයට අනුගත වීම, “තායිවානයේ නිදහස” අපේක්ෂා කරන බෙදුම්වාදී ක්‍රියාකාරකම් වැළැක්වීම සහ තායිවාන ප්‍රශ්නයට බාහිර බලවේගවල මැදිහත්වීම් වලට විරුද්ධ වීම ඇතුළු ප්‍රධාන කරුණු සම්බන්ධයෙන් පැහැදිලි ලෙස කොන්දේසි පනවා තිබේ. “චීනය පාලනය කිරීම සඳහා තායිවානය භාවිතා කිරීම” සහ “තායිවානයේ ස්වාධීනත්වය” යන කාරණා වලට මුවා වී බෙදුම්වාදී බලවේගයන්ට සහාය දැක්වීම හෝ අනුබල දීම සඳහා වන ඕනෑම යෝජනා ක්‍රමයක් අසාර්ථක වනු ඇත. “විදේශීය සහාය ඉල්ලා ස්වාධීනත්වය අපේක්ෂා කරන” සහ ජාතිය යළි එකමුතුකිරීමට වල කපන ඕනෑම ක්‍රියාවක් අනුගමනය කරන බලවේග යුක්තිය ඉදිරියට ගෙන ඒමටද බැඳී සිටී.

තායිවාන ප්‍රශ්නය චීනයේ මූලික අවශ්‍යතාවල හරය වන අතර චීන-එක්සත් ජනපද සබඳතාවල පදනමේ මූලාධාරය වේ. එලෙසම චීන-එක්සත් ජනපද සබඳතා පවත්වාගෙන යාමේදි තරණය නොකළ යුතු පළමු රතු රේඛාවද වන්නේය. එක්සත් ජනපදය සහ තායිවානය අතර ඇති සියලුම ආකාරයේ නිල අන්තර්ක්‍රියාවලට අපි දැඩි ලෙස විරුද්ධ වෙමු. එක්-චීනයක් මූලධර්මය විකෘති කිරීම, අඳුරු කිරීම සහ හිස් කිරීම නවත්වන ලෙසත්, රතු රේඛාව තරණය කිරීමේ වික්‍රමාන්විත ක්‍රියාව නවත්වන ලෙසත්, චීන-එක්සත් ජනපද සබඳතාවල දේශපාලන පදනම යටපත් කිරීම නවත්වන ලෙසත් අපි එක්සත් ජනපද රජයෙන් සහ කොන්ග්‍රසයෙන් දැඩි ලෙස ඉල්ලා සිටිමු.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More