දේශීය පුවත්

වසර හතකට වැඩි කාලයකට පසු සෞදි අරාබිය සහ ඉරානය දෙරටේ ඉහළම රාජ්‍ය තාන්ත්‍රිකයින් අතර පළමු විධිමත් හමුව බීජිංහිදී ඊයේ(7) සිදුවීමෙන් පසු වහාම ක්‍රියාත්මක වන පරිදි රාජ්‍ය තාන්ත්‍රික සබඳතා යළි ආරම්භ කරන බව දෙරටම නිවේදනය කළේය. පසුගිය මාසය තුළ දෙරට අතර හොඳ හිත වර්ධනය කිරීමට චීනයේ මැදිහත්වීම පුළුල් කිරීම කැපී පෙනෙන බව විදෙස් විත්ති විචාරකයෝ පවසති.මේ අතර චීනය විසින් අනුබල දුන් සහ ක්‍රියාත්මක කරන රාජ්‍ය තාන්ත්‍රික දර්ශනය ලොව පුරා පිළිගැනීමට ලක්ව ඇති බව රාජ්‍යතාන්ත්‍රික සබඳතාවයන් පිළිබඳ විශේෂඥයෝ පවසති.

චීන රාජ්‍ය මන්ත්‍රී විදේශ අමාත්‍ය ඡෙන් ගාන්ග් මහතා ඊයේ (7) බීජිංහිදී සෞදි අරාබියේ විදේශ අමාත්‍ය ෆයිසාල් බින් ෆර්හාන් අල් සවුද් කුමරු සහ ඉරාන විදේශ අමාත්‍ය හොසේන් අමීර්-අබ්දුල්ලාහියන් හමුවී සෞදි අරාබිය සහ ඉරානය අතර රාජ්‍ය තාන්ත්‍රික සබඳතා යළි ආරම්භ කිරීමට අවශ්‍ය මුල පිරීම සිදු කළේය.

විදේශ අමාත්‍යවරුන් දෙදෙනා අතර මුහුණට මුහුණ හමුවක් සඳහා බීජිං නුවරට පැමිණ සිටියහ. මෙම හමුවෙන් පසු සෞදි අරාබිය සහ ඉරානය අතර ඒකාබද්ධ ප්‍රකාශයකට ඡෙන් ගාන්ග් ඉදිරියේදී අත්සන් තබන ලද්දේය. ඒ අනුව වහාම ක්‍රියාත්මක වන පරිදි දෙරට අතර රාජ්‍ය තාන්ත්‍රික සබඳතා යළි ආරම්භ කරන බව දෙරටම නිවේදනය කළේය.

චීනය, සෞදි අරාබිය සහ ඉරානයේ ඒකාබද්ධ ප්‍රයත්නයන් සමඟ පසුගිය මාසයේ බීජිං හි පැවති සෞදි අරාබිය-ඉරාන සාකච්ඡා සැලකිය යුතු ප්‍රතිඵල අත්කර ගැනීමට සමත්ව තිබේ. එතැන් සිට දෙපාර්ශවයම හොඳ ඉහළ මට්ටමේ අන්තර්ක්‍රියා සිදු කර ඇති අතර ඔවුන්ගේ නිර්මාණාත්මක මැදිහත් වීම සහ අවංකභාවය හොඳින් ප්‍රදර්ශනය කර ඇති බවද වාර්තාවේ. එම තත්වය චීනය බෙහෙවින් අගය කරන බව ඡෙන් ගාන්ග් මහතා පැවසීය. දෙරට අතර සබඳතා වඩාත් ශක්තිමත් කිරීම සඳහා අඛණ්ඩව නව පියවර ගැනීමට චීනය දෙපාර්ශවයට සහාය දෙන බව ඡෙන් ගාන්ග් මහතා අවධාරණය කළේය.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More