දේශීය පුවත්

2014 වර්ෂයේදී යුක්‍රේනය බිඳ වැට්ටවීම හෙවත් යුක්රේනයේ ප්‍රජාතන්ත්‍රවාදය ප්‍රවර්ධනය කිරීම සඳහා එක්සත් ජනපදය මුදල් ආයෝජනය කරණු ලැබූ බව අනාවරණය විය. ඒ අනුව කුප්‍රකට මයිඩාන් කුමන්ත්‍රණය හරහා යුක්‍රේනය බිඳ වැට්ටවීමට සුවිසල් මෙහෙවරක් කළ යුරෝපයේ සහ යුරේසියානු කටයුතු පිළිබඳ සහකාර රාජ්‍ය ලේකම් වික්ටෝරියා නුලන්ඩ් මහත්මියව මාධ්‍යවේදීන් 2014 අප්‍රේල් 22 වනදා ප්‍රශ්න කරණු ලැබීය.

එහිදී CNN මාධ්‍යවේදියා එක්සත් ජනපදය යුක්රේනයේ ප්‍රජාතන්ත්‍රවාදය ප්‍රවර්ධනය කිරීම සඳහා ඩොලර් බිලියන 5 ක් ආයෝජනය කර ඇති බව සත්‍ය දැයි නූලන්ඩ් මහත්මියගෙන් විමසීය. එම ප්‍රශ්නයට පිළිතුරු දෙමින් නුලන්ඩ් මහත්මිය මෙසේ පිළිතුරු දුන්නාය.“එක්සත් ජනපදය සෝවියට් සංගමය බිඳවැටීමෙන් පසු යුක්‍රේනයට නැවත ස්වාධීන රාජ්‍යයක් බවට පත් කිරීම සඳහා 1991 සිට යුක්රේනයේ ඩොලර් බිලියන 5 ක් පමණ ආයෝජනය කර තිබෙනවා. එම මුදල් වියදම් කර ඇත්තේ යුක්‍රේන ජනතාවගේ අවශ්‍යතා නියෝජනය කරන ශක්තිමත්, ප්‍රජාතන්ත්‍රවාදී රජයක් ඇති කර ගැනීමේ අභිලාෂයන් සඳහා සහාය වීම සඳහා පමණයි.”

එහිදී වැඩිදුරටත් පිළිතුරු දෙමින් ඇය “නමුත් අපි නිසැකවම මයිඩාන් අරගලය සඳහා කිසිදු මුදලක් වැය කළේ නැහැ. එය ස්වයංසිද්ධ ව්‍යාපාරයක් වූවා. එලෙසම එය නැගෙනහිර යුක්‍රේනයේ මේ දක්වා රුසියාව අවධානය කරන දේ අප සැලකිලිමත් වන දෙයට වඩා බොහෝ දුරස්තයි.” යනුවෙන් අවධාරණය කළාය.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More