දේශීය පුවත්

ඉදිරි පළාත් පාලන මැතිවරණය සදහා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සමග එක්ව තරග කිරීමට ආරාධනය කිරීම සම්බන්ධයෙන් ඒකාබද්ධ විපක්ෂය වැට උඩ තීරණයක සිටින බව එහි අභ්‍යන්තර ආරංචි මාර්ග සඳහන් කරයි.ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ඒකාබද්ධ විපක්ෂයට ආරාධනා කිරීම නැවත වරක් රැවටීමක් වන බැවින් එම සාකච්ඡා සඳහා සහභාගි නොවිය යුතු බව ඒකාබද්ධ විපක්ෂය නියෝජනය කරන පිරිසක්ගේ අදහස වී ඇත.

මේ අතර පක්ෂයේ ආරාධනාවට අනුව එම සාකච්ඡා සඳහා සහභාගි වී ඒකාබද්ධ විපක්ෂයේ පැහැදිලිි ස්ථාවරය අවධාරණය කළ යුතු බව තවත් පිරිසකගේ අදහස වී ඇත. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට එක්වීම සඳහා ආරාධනා කරමින් පක්ෂයේ ප්‍රබල සංවිධායකයන් ඉවත් කිරීම පිළිබඳව එකඟ විය නොහැකි බවත් මොවුන්ගේ අදහස වී ඇත.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මැතිවරණ මෙහෙයුම් කමිටුව කරන්නේ යැයි කියන ආරාධනාව ලැබුණු පසු හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා සමග සාකච්ඡා කර අවසන් තීරණයක් ගැනීමට නියමිත බව එම ආරංචි මාර්ග වැඩිදුරටත් සඳහන් කළේය.

බෙලිඅත්ත හෝ කුරුණෑගල දිස්ත්‍රික්කයේ ශ්‍රී ලනිප ආසන සංවිධායක ධුරයක් භාරගෙන පක්ෂයට සේවය කිරීමට ඉදිරිපත් වන්නැයි එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මහ ලේකම් අමාත්‍ය මහින්ද අමරවීර මහතා හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතාට පසගියදා ආරාධනයක්ද කළේය.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More