පුරවැසි කොලම

අමෙරිකා එක්සත් ජනපදයේ “නියෝජිත යුද්ධයක්” බවට පත්ව ඇති යුක්‍රේන යුද්ධයේ වත්මන් තත්වය සම්බන්ධයෙන් ලංකා ලීඩ් වෙබ් අඩවිය ගෝලීය ශ්‍රී ලාංකික සංසදයේ රුසියානු ශාඛාවේ නියෝජිත ආචාර්ය ජගත් චන්ද්‍රවංශ මහතාගෙන් විමසා සිටියා.

ඒ මහතා අපවෙත අදහස් දක්වමින්, ” යුක්‍රේන රුසියානු යුද්ධය ආරම්භ වී අද වන විට වසරක් ඉක්ම ගොස් තිබෙනවා. රුසියාව තමාගේ ආරක්ෂාව සම්බන්ධ ප්‍රශ්නයත් යුක්‍රේනයේ වෙසෙන රුසියානු බස කතා කරන වැසියන්ගේ මානව අයිතිවාසිකම් සම්බන්ධ ප්‍රශ්නයත් හේතු කොට ගෙන යුක්‍රේනයේ මානුෂික මෙහෙයුමක් පසුගිය වර්ෂයේ පෙබරවාරි 24 වනදා ආරම්භ කළා. සෝවියට් රුසියානු සංගමය බිඳ වැටී යුක්‍රේනය වෙන්ව යාමත් සමඟම අමෙරිකා එක්සත් ජනපදය යුක්‍රේනය කේන්ද්‍රකර ගත් ජාතිවාදී බලවේග රුසියාවට එරෙහි බලවේගයක් බවට පත්කරලීමට 1991 සිට 2014 දක්වා ඩොලර් බිලියන 5ක් වැය කර තිබෙන බව එවකට යුරෝපයේ සහ යුරේසියානු කලාපයේ කටයුතු පිළිබඳ සහකාර රාජ්‍ය ලේකම් වික්ටෝරියා නූලන්ඩ් මීට වසර 9කට පෙර අනාවරණය කළා. රුසියාව යුක්‍රේනයේ කරන මානුෂික මෙහෙයුම ආරම්භ කළ දා පටන් මේ දක්වා අමෙරිකා එක්සත් ජනපදය ඩොලර් බිලියන 130කට ආසන්න ප්‍රතිපාදන යුක්‍රේනයට වෙන්කර දී තිබෙනවා.එම ප්‍රතිපාදන වලින් සැලකිය යුතු ප්‍රමානයක් මේ වන විට යුක්‍රේනයට ලබා දී තිබෙනවා. අමෙරිකා එක්සත් ජනපදයට අනුව ඒවා යුක්‍රේනය මුහුණ දී සිටින මානුෂීය , ආර්ථික සහ යුදමය අර්බූදයන් පියමං කරවා ගැනීමට ලබා දුන් ආධාර මුදල් ලෙස සටහන් වෙනවා.මෙම මුදල් වලින් යම් ප්‍රමාණයක් ලබා දී තිබෙන්නේ ණය ලෙසිනුයි. මීට අමතරව යුරෝපයේ වෙනත් රටවල් කිහිපයක් යුක්‍රේනයට ඩොලර් බිලියන 50කට ආසන්න මුදලක් ලබා දී තිබෙනවා .ඒ අනුව අපේ රටේ සමස්ත ණය ප්‍රමානය මෙන් හතර ගුණයකට ආසන්න මුදලක් අමෙරිකාව ප්‍රමුඛ බටහිර ජාතීන් යුක්‍රේනයට ලබා දී තිබෙනවා. නමුත් එම ආධාරවල අවසන් ප්‍රතිඵලය යුක්‍රේනයට දැවැන්ත විනාශයක් ගෙන ඒම පමණයි සිදුවී තිබෙන්නේ.

අමෙරිකාවේ මේ අති අමානූෂීය මෙහෙයුම් හොඳින්ම තේරුම් අරගෙන සිටින්නේ අමෙරිකාව සමඟ එක පෙලට සිටගත් රටවල්ම වීම ඉතිහාසයේ සරදමක්. දකුණු කොරියාව අමෙරිකාව ලබා දුන් ෂෙල් වෙඩි රුසියාවට එරෙහිව භාවිත කිරීමට යුක්‍රේනයට දීම ප්‍රතික්ෂේප කළා.අමෙරිකාවේ හොඳම සටන් සගයා වන ඊශ්‍රායලයත් දකුණු කොරියාවේ ක්‍රියා මාර්ගයම අනුගමනය කළා. මැද පෙරදිග මුස්ලිම් ලෝකයේ අමෙරිකාවට සිටින හොඳ මිතුරෙක් වන සෞදි අරාබිය තමාගේ දරුණු පස මිතුරා වන ඉරානය සමඟ ගිවිසුමකට එනවා.එහි බෙරුම්කරුවා වන්නේ චීනයයි. මෙම රටවල් තුන විසින් අත්සන් කරන ගිවිසුම අත්සන් කරන්නේ ඉංග්‍රීසි භාෂාවෙන් නොවෙයි. ඉරානයේ ජාතික භාෂාව වන පර්සියානු බස සෞදි අරාබියාවේ භාවිත කරන අරාබි භාෂාව සහ චීනයේ ජාතික භාෂාව වන මැන්ඩරීන් බස ඔවුන් ඒ සඳහා යොදා ගන්නවා. එය නවීන ලෝක ඉතිහාසය තුළ ඉංග්‍රීසි භාෂාවෙන් අත්සන් නොකරන ලද පළමු අන්තර්ජාතික ගිවිසුමයි. මේ අතර සෞදි අරාබිය සහ චීනය ඛනිජ තෙල් සම්බන්ධයෙන් අත්සන් කරන ගිවිසුමක් හේතුවෙන් අමෙරිකානු මැරීන් හමුදාවේ පස්වෙනි බලකාය ගිල්වා හැරීමට තරම් ප්‍රභල පහරක් අමෙරිකාවට එල්ල වූ බව ආර්ථික විශේෂඥයන්ගේ මතය වී තිබෙනවා. මීට සමාන්තරව සෞදි අරාබියේ නිර්මාණය වන නව නගර පද්ධති ව්‍යාපෘතියක් වෙනුවෙන් යුවාන් බිලියන ගනණක ණයක් චීනය සෞදි අරාබියට ලබා දෙනවා. මැදපෙරදිග අරාබි කළාපයට යුවාන් වලින් ලබාදෙන ප්‍රථම ණය මුදල බවට මෙම ණය මුදල ඉතිහාසය තුළ සනිටුහන් වෙනවා.

මෙම නව තත්වය අමෙරිකාව විසින් තම බාහු බලය යොදා ගනිමින් ලෝකය මත පවත්වා ගෙන ගිය නව යටත්විජිතවාදී ආර්ථික ක්‍රමවේදයේ තනි ආධිපත්‍යයේ නිර්ලජ්ජිත පරාජයේ සංකේතය කියායි සමහර අමෙරිකානු විද්වතුන් පවා හඳුන්වන්නේ. ඊට සමාන්තරව චීනය තම ආර්ථික හැකියාව යොදා ගනිමින් විතැන්වන අමෙරිකානු ආධිපත්‍යය දක්ෂ ලෙස අත්පත් කර ගනිමින් සිටිනවා. අමෙරිකාව ලෝකයේ බොහෝ රාජ්‍යයන්ට අයත් වරායවල්, ගුවන්තොටුපලවල්, මහා මාර්ග ආදී යටිතල පහසුකම් බෝම්බ දමා සුණු විසුණු කර දැමීමට ඩොලර් ට්‍රිලියන ගණන් වැය කරනවා.

ඊට සමාන්තරව චීනය ලෝකයේ සංවර්ධනය වෙමින් පවතින රටවල යටිතල පහසුකම් සංවර්ධනය කිරීමට ඩොලර් ට්‍රිලියන ගණන් වැය කරමින් සිටිනවා. අමෙරිකාව යුක්‍රේනයේදී සිය නව කොළනිකරන ආර්ථික ක්‍රමවේදයේ කෙටි කාලයක් පැවතෙන “අමෙරිකානු සියවසය” සම්බන්ධයෙන් හොඳම පාඩම මම අදහස් දක්වන මේ මොහොතේදීත් රුසියාවෙන් ඉගෙනගනිමින් සිටිනවා.

අමෙරිකානු නව කොළනිකරණ ව්‍යාපෘතියේ ඉරාක සහ යුක්‍රේන මෙහෙයුම සඳහා අමෙරිකානු ඩොලර් ට්‍රිලියන 8.1ක් වියදම් කර ඇති බව දැන් අනාවරණය වී තිබෙනවා.මෙය අමෙරිකානු මධ්‍යම පන්තියේ ඇතුලාන්තය හිස් කරලීමට සමත්ව තිබෙනවා. එපමණක් නොවෙයි අමෙරිකානු යුද ශක්තිය සම්බන්ධයෙන් වන සාකච්ඡා සිනාසාගරයක් බවට පත් කර තිබෙනවා. මීට සමාන්තරව චීනය සහ රුසියාව ශක්තිමත් එක පෙරමුණකට ගෙන ඒමට මෙවැනි මුග්ධ ක්‍රියා සමත්ව තිබෙනවා.චීනය සහ රුසියාව සන්ධානගත වීම ඩොලරයේ ආධිපත්‍ය බරපතල ලෙස තර්ජනයට ලක් කිරීමට සමත්ව තිබෙනවා. අමෙරිකාව ට්‍රිලියන ගණන් මුදල් මිලියන ගණන් මිනිස් ජීවිත විනාශ කරමින් අත්පත් කරගත් කිසිදු දෙයක් නැති බවට අමෙරිකානු විද්වතුන් මත දක්වනවා. ඒ අනුව යුක්‍රේනයේ පරාජයත් සමගින් ඇරඹීමට නියමිතව ඇත්තේ මනුෂ්‍යත්වයේ යුගයයි. චීනය සහ රුසියාව ප්‍රමුඛ ඉරානය,දකුණු අප්‍රිකාව ,බ්‍රසීලය වැනි රටවල ධ්‍රැවීකරණයට ලක්වූ නව යුගයයි.”

සංවාද සටහන ජීවන්ත ජයතිස්ස



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More