බටහිර යුරෝපය “මූලෝපායික ස්වාධිපත්‍යය” අනුගමනය කළ යුතු බවත් එක්සත් ජනපදය වෙනුවෙන් ගැටුම්වලට මැදිහත්වීමෙන් වැළකී සිටිය යුතු බවත් ප්‍රංශ ජනපති එමානුවෙල් මැක්‍රොන් ඊයේ(10) “පොලිටිකො” වෙබ් අඩවිය වෙත පැවසීය. ප්‍රංශ ජනාධිපතිවරයා මීට පෙර ද එවැනිම ප්‍රකාශ කර ඇති නමුත් යුක්රේනය සම්බන්ධයෙන් වොෂින්ටනයේ ක්‍රියාපටිපාටිය අනුගමනය කිරීමට කටයුතු කළේය.
ප්‍රංශ ජනපති එමානුවෙල් මැක්‍රොන් චීනය තුළ සංචාරය කරමින් සිටින අතර තුරදි වෙබ් අඩවිය සමඟ සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමින් පැවසුවේ “අපේ නොවන අර්බුදවලට හසු වුවහොත් යුරෝපය විශාල අවදානමකට මුහුණ දෙනවා” යනුවෙනි.
“අප තුළ වන තේරුම් ගැනීමට අපහසු කාරණය නම් පැන නගින තත්වයන් විසින් ඇති කරණ භීතියෙන් මිදීමට අපි ඇමරිකාවේ අනුගාමිකයින් පමණක් බව, අපිම විශ්වාස කිරීමයි.” මැක්‍රොන් පැවසීය. එහිදී වැඩිදුරටහ් අදහස් දක්වමින් “යුරෝපීයයන් පිළිතුරු දිය යුතු ප්‍රශ්නය වන්නේ. තායිවානය තුළ අර්බූදයක් මවා පා එය වේගවත් කිරීම අපගේ අවශ්‍යතාවයට සිදුවන දෙයක්ද? නැහැ කෙසේවත් නැහැ. නරකම දෙය නම් යුරෝපීයයන් වන අප මෙම මාතෘකාවේ අනුගාමිකයින් බවට පත් විය යුතු බවත් එක්සත් ජනපද න්‍යාය පත්‍රයෙන් සහ චීනය අමෙරිකවේ හැසිරීම සම්බන්ධයෙන් දක්වන අධි ප්‍රතිචාරය මත අපගේ හැසිරීම තීරණය කර යුතු යැයි සිතීමයි.” යනුවෙන් පෙන්වා දුන්නේය.
පොලිටිකො වෙබ් අඩවිය සමඟ සම්මුඛ සාකච්ඡාවට එක් වීමට පෙර මැක්‍රොන් චීන ජනාධිපති ෂී ජින්පින් හමුවූ තිබුණි. එම හමුවෙන් පසුව ඔහු නිගමනය කළේ “යුක්රේනයේ අර්බුදය විසඳීමට යුරෝපීයයන් වන අපට නොහැකි නම්, අපි තායිවානය සම්බන්ධයෙන් චීනයට විශ්වාසදායක ලෙස , “පරිස්සමින්! ඔබ යම් වැරැද්දක් කළහොත් එය නිවැරදි කිරීමට අපි එහි සිටිමු!” යැයි පවසන්නේ කෙසේද? යනුවෙනි.
මැක්‍රොන් චීන ගුවන් සීමාවෙන් ඉවත් වී පැය කිහිපයකට පසු, බීජිං පාලනය තායිවානය වටා හමුදා අභ්‍යාස දියත් කළ අතර, එය තායිවාන් දිවයින චීන ප්‍රධාන භූමියෙන් නිදහස් වනවාට පක්ෂපාතිත්වයක් දක්වන තායිවාන ජනාධිපතිනි සායි ඉන්ග්-වෙන් බදාදා කැලිෆෝනියාවේ එක්සත් ජනපද නීති සම්පාදකයින් හම්වුවීමට එරෙහි ප්‍රතිචාරයක් ලෙස කළ ක්‍රියාවක් බව විදෙස් විත්ති විචාරකයන්ගේ මතයයි.
තායිවාන නිදහස සම්බන්ධ ගැටළුවේදී චීනය සහ එක්සත් ජනපදය අතර සබඳතා ඓතිහාසික වශයෙන් පහළ මට්ටමකට වැටී තිබේ. එක්සත් ජනපද ජනාධිපති ජෝ බයිඩන් පසුගිය වසරේ අවස්ථා කිහිපයකදීම යෝජනා කළේ බීජිනය පරිපාලනය තායිවානය ප්‍රධාන භූමිය සමඟ නැවත ඒකාබද්ධ කිරීම වැළැක්වීමට වොෂින්ටනය මිලිටරිමය වශයෙන් මැදිහත් වන බවයි. මැක්‍රොන් ඇතුළු ලෝක නායකයින් තායිවාන ගැටුමෙන් ඉවත්ව සිටීමට ගෙන ඇති තීරණය චීනය සෑහීමකට පත්වන බවක් පෙනෙන්නට තිබුණද, යුක්‍රේනයේ සිදු කරන මිලිටරි මෙහෙයුම සම්බන්ධයෙන් රුසියාව හෙළා දැකීමට චීනය තල්ලු කිරීමේ ඔවුන්ගේ උත්සාහය, චීන ජනාධිපතිගේ කෝපයට හේතු වී ඇති බව මාධ්‍ය වාර්තා සහ චීන නිලධාරීන්ගේ ප්‍රකාශයන් වලින් පිළිබින්න්ඹු වන බව විදෙස් විත්ති විචාරකයෝ පෙන්වා දෙති.
යුක්රේනයේ ගැටුම විසින් යුරෝපයේ “මූලෝපායික ස්වයං පාලනය” පිලිබඳ සාකච්ඡා ද බොහෝ දුරට අඩපන කර තිබෙන බව විචරකයින්ගේ මතයයි. මැක්‍රොන් සහ හිටපු ජර්මානු චාන්සලර් ඇන්ජෙලා මර්කෙල් පසුගිය වසරවල එක්සත් ජනපදය කෙරෙහි ඔවුන්ගේ විශ්වාසය අඩු කිරීම සම්බන්ධයෙන් පුළුල් ලෙස සාකච්ඡා කර තීඉ. එහෙත්, බර්ලිනයේ බලය වෙනස් වීමෙන් බ්ලයට පැමිණි ඔලාෆ් ෂෝල්ස්ගේ ආණ්ඩුව වොෂින්ටනයේ නියමය පරිදි යුක්‍රේනය සන්නද්ධ කිරීම සඳහා දශක කිහිපයක සාමවාදී විදේශ ප්‍රතිපත්තිය ආපසු හැරවීම කරනු ලැබීය.ප්‍රංශය සහ ජර්මනිය විසින් කියෙව් පරිපාලනයේ හමුදාවන්ට සන්නද්ධ වාහන, පතොරම් සපයා ඇති අතර මීට අමතර ජර්මනිය යුද ටැංකි සැපයීමටද කටයුතු කර තිබේ.
ඉහළ යන බලශක්ති පිරිවැය සහ උද්ධමනය ගෘහස්ථ අස්ථාවරත්වයට දායක වීමත් සමඟ, මැක්‍රොන් යුරෝපා සංගමය ඉදිරිපත් කළ රුසියානු විරෝධී සම්බාධක පැකේජ 10ටම සහාය දක්වා තිබේ. පසුගිය පෙබරවාරි මාසයේ සිට අවස්ථා කිහිපයකදී රුසියානු ජනාධිපති ව්ලැඩිමීර් පුටින් සමඟ ප්‍රංශ ජනාධිපති මැක්‍රොන් සාකච්ඡා කළද යුක්රේනයේ ක්‍රියාත්මක ක්‍රෙම්ලිනයේ හමුදාවල ක්‍රියාකාරිත්වය නතර කිරීමට තවමත් සමත් වී නැත.
ප්‍රංශ ජනාධිපතිවරයා “තවමත් යුරෝපා සංගමයේ මූලෝපායික ස්වාධීනත්වය ගැන කතා කරනවා.” රුසියානු විදේශ අමාත්‍ය සර්ජි ලැව්රොව් පසුගිය ගිම්හානයේදී පැවසුවේය. “එහෙත් ඔවුන්ට එය ලබා ගැනීමට ඉඩ නොතබන බව මට විශ්වාසයි.” සර්ජි ලැව්රොව් මහතා වැඩිදුරටත් අනාවරණය කළේය.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...