මොණරාගල, කුඩා ඔය සහ ගොවිඳුපුර ප්‍රදේශවල සිදුවූ වෙඩි තැබීම්වලින් පුද්ගලයින් දෙදෙනෙකු මියගොස් තිබේ.
පොලිසිය පැවසුවේ කුඩා ඔය, ඌව කුඩා ඔය ප්‍රදේශයේදී ඊයේ රාත්‍රී 11.30 ට පමණ සිදුවූ වෙඩි තැබිමකින් 52 හැවිරිදි පුද්ගලයෙකු මියගොස් ඇති බව ය.
පොලිසිය පැවසුවේ මෙරට නිෂ්පාදිත ගිනි අවියකින් වෙඩි තැබීම සිදුකර ඇති බව ය.
මේ අතර මොණරාගල, ගොවිඳුපුර ප්‍රදේශයේ ද අද අලුයම වෙඩි තැබීමක් සිදුව තිබේ.
ඉන් මියගොස් ඇත්තේ 38 හැවිරිදි පුද්ගලයෙකි.
වෙඩි තැබීමට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැත.
පොලීසිය පැවසුවේ සිද්ධියට සම්බන්ධ සැකකරු හඳුනාගෙන ඇති අතර ඔහු ප්‍රදේශයෙන් පලාගොස් ඇති බව ය.
සැකකරු අත්අඩංගුවට ගැනීම සඳහා විමර්ශන ආරම්භ කර ඇතැයි පොලීසිය සඳහන් කළේය
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...