දේශීය පුවත්

අප්‍රිකානු මහාද්වීපය මුහුණ දී සිටින ණය ගැටලු විසඳීමට ජීබිං පාලනය බාධා කරන්නේ යැයි  වොෂින්ටනය කරන ලද චෝදනාවෙන් පසුව අප්‍රිකානු රටවල් මුහුණ දෙන ණය ගැටලු විසඳීමට සැලකිය යුතු උත්සාහයක් ගන්නා ලෙස චීනය එක්සත් ජනපදයෙන් ඉල්ලා ඇතැයි විදෙස් මාධ්‍ය පවසයි.

පසුගිය අප්‍රේල් 10වනදා චීනයේ අගනුවරදී මාධ්‍ය වෙත අදහස් දැක්වූ විදේශ අමාත්‍යාංශයේ ප්‍රකාශක වැන්ග් වෙන්බින්, අප්‍රිකාවේ ණය උගුලට තම රට වගකිව යුතු බවට එල්ල වන චෝදනා ප්‍රතික්ෂේප කළ අතර, ඒ වෙනුවට චීනය සෑම විටම අන්‍යෝන්‍ය ප්‍රතිලාභ සහ සමානාත්මතාවය මත පදනම්ව අප්‍රිකානු ජාතීන් සමඟ සම්බන්ධ වී ඇති බව කරුණු සහිතව පැහැදිළි කළේය.

එහිදී “සමහර බටහිර දේශපාලනඥයන්” සංවර්ධනය වෙමින් පවතින රටවල් සමඟ චීනයේ සහයෝගීතාවය කඩාකප්පල් කිරීමට උත්සාහ කරන බවත් වැන්ග් චෝදනා කළේය.

ඔවුන්ගේ උපක්‍රමය සංවර්ධනය වෙමින් පවතින රටවල් සහ ජාත්‍යන්තර ප්‍රජාව විසින් අවබෝධ කරගෙන ඇති බවත් ඒවාට වෙළඳපොලක් නොමැති බවත් වැන්ග් වෙන්බින් පෙන්වා දුන්නේය.

චීනය අප්‍රිකානු රටවලට ණය දෙන ප්‍රධාන ප්‍රභවයක් වී තිබෙන නමුත් ඝානාව සහ සැම්බියාව ඇතුළු සමහර අප්‍රිකානු රටවල් ඔවුන්ගේ ණය ආපසු ගෙවීමට අරගල කරන බැවින් එම රටවල්ට ණය ලබා දීමේ ක්‍රමවේදයන් ප්‍රශ්න කිරීමට ලක් කර ඇත.

අප්‍රිකානු කලාපයේ ආර්ථික සංවර්ධනය සඳහා අවශ්‍ය වන පරිදි බීජිනය සිය ණය පහසුකම් ලබා දීමට කටයුතු කර ඇති අතර, සමහර පිරිස් ණය ලබා ගන්න රටවල ආර්ථිකයන් කෙරෙහි ඒ මගින් ඇති වන බලපෑම පිළිබඳව කනස්සල්ල මතු කර ඇත. අසුගියදා සම්මුඛ සාකච්ඡාවකට එක් වෙමින් ලෝක බැංකු සභාපති ඩේවිඩ් මැල්පාස් කියා සිටියේ චීනය අප්‍රිකානු රටවලට ලබා දෙන සමහර ණයවල නියමයන් සහ කොන්දේසිවල තත්වය පැහැදිලිව ප්‍රකාශ යුතු බවයි.

“මම දැඩි ලෙස දිරිමත් කරන දෙය නම් චීනය ඔවුන්ගේ ණය කොන්ත්‍රාත්තු සම්බන්ධයෙන්  විනිවිදභාවයෙන් කටයුතු කළ යුතුය යන්නයි. එය එක් ප්‍රධාන ගැටලුවක්. ඔබ කොන්ත්‍රාත්තුවක් සකසා එය වෙනත් කිසිවකුට නොපෙන්වන්න’ යැයි කොන්දේසි පැනවුවහොත්, එය අවාසියකි. ඒ නිසා එවැනි කොන්දේසි වලින් ඉවත් වෙන්න,” මල්පාස් මාධ්‍ය වෙත පැවසීය.

කෙසේ වෙතත්,පසුගිය 10 වනදා වැන්ග් සඳහන් කළේ, ලෝක බැංකුවේ සහ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ (IMF) විශාලතම කොටස් හිමියා එක්සත් ජනපදය බවයි. බහුපාර්ශ්වික මූල්‍ය ආයතන වලට හිමිකම් කියනු ලබන මුළු ණය ප්‍රමාණයෙන් 70% කට ආසන්න ප්‍රමාණයක්  ඉහත සංවිධාන දෙක සතු වේ. චීන රාජ්‍ය තාන්ත්‍රිකයා ප්‍රකාශ කළේ, ඒ ණය එක්සත් ජනපදය සහ යුරෝපය විසින් අප්‍රිකාවට ලබා දී ඇති බවයි. ඒ අනුව මූල්‍ය ප්‍රාග්ධනය සම්බන්ධයෙන් ගත් කළ අප්‍රිකානු රටවල වඩාත්ම වැදගත් වාණිජ ණය හිමියා වන වොෂින්ටනය, අප්‍රිකානු ණය ගැටළු විසඳීමට සහභාගී වීම අත්හල “නොහැකි වගකීමකට” මුහුණ දෙන බව ඔහු අවධාරණය කළේය.

“අපි එක්සත් ජනපද පාර්ශවයෙන් ඉල්ලා සිටින්නේ ඔවුන්ගේ වගකීම් අවංකව ඉටු කරන ලෙසත්, අප්‍රිකාවේ ණය ප්‍රශ්නය විසඳීමට කටයුතු කිරීමේදී බහුපාර්ශ්වික මූල්‍ය ආයතන සහ වාණිජ ණය හිමියන්ගේ සැලකිය යුතු සහභාගීත්වය ප්‍රවර්ධනය කිරීමට වැඩි උත්සාහයක් ගන්නා ලෙසත් ය” යනුවෙන් වැන්ග් පැවසීය.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More