අමෙරිකාවේ FOX රූපවාහිනී නාලිකාවට සම්මුඛ සාකච්ඡාවක් ලබාදෙමින් එරට හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසා ඇත්තේ රුසියානු ජනාධිපති ව්ලැද්මීර් පුටින් විශිෂ්ට මිනිසෙකු බවය.
එමෙන්ම අමෙරිකාවට තර්ජන එල්ලවන්නේ රුසියාව හෝ චීනයෙන් නොව අමෙරිකාව තුළින්ම බව මෙහිදී ඩොනල්ඩ් ට්‍රම්ප් පවසා තිබේ.
වත්මන් අමෙරිකාවේ ප්‍රධාන ප්‍රතිවාදියා රුසියාව හෝ චීනය නොව රට තුළම ජීවත්වන අසහනයෙන් පෙළෙන රැඩිකල් කණ්ඩායම් බව අමෙරිකාවේ හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ මතය වී තිබේ.
එහිදී වැඩිදුරටත් අදහස් දක්වා ඇති හිටපු අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්,
“අමෙරිකාවේ ප්‍රධානම ප්‍රතිවාදියා චීනයද? රුසියාවද? උතුරු කොරියාවද? මම කියනවා.. ලොකුම ප්‍රශ්නෙ තියෙන්නේ රට තුළ. අසහනයෙන් පෙළෙන රැඩිකල් කණ්ඩායම්. අපිට රුසියාව, චීනය එක්ක සහයෝගෙන් ඉන්න පුළුවන්. මං කළා. මං චීනයෙන් ඩොලර් බිලියන ගණන් අරගත්තා. කිසිම ජනාධිපති කෙනෙක්ට බැරි වුණා. ඔවුන්ට මම ගෞරව කරනවා.”
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...