කොට්ඨාස හා සමානුපාතික මිශ්‍ර නව මැතිවරණ ක්‍රමය යටතේ පළාත් සභා මැතිවරණය මේ වසරේ පැවැත්වීමට නොහැකි වනු ඇතැයි පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශ අභ්‍යන්තර ආරංචි මාර්ග සඳහන් කරයි.
ජාතික සීමා නිර්ණය කොමිෂන් සභා වාර්තාවේ පවතින අඩුපාඩු සොයා බැලීම සඳහා අගමැති රනිල් වික්‍රමසිංහ විසින් කමිටුවක් පත්කළ යුතු වුවද එම කමිටුවද මතෛක් පත්කර නැත.
පළාත් සභා මැතිවරණය පැරණි ක්‍රමයට පැවැත්විය යුතු බව දේශපාලන පක්ෂ කිහිපයක් විසින් රජයට දැනුම් දී ඇති අතර පැරණි ක්‍රමයට පැවැත්වීමට නම්, 2017 අංක 17 දරන පළාත් සභා මැතිවරණ ක්‍රමය සංශෝධනය කිරීම සඳහා වන පනත් කෙටුම්පත නැවත පාර්ලිමේන්තුවේ තුනෙන් දෙක බහුතර බලයකින් සම්මත කළ යුතුය.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...