පුරවැසි කොලම

සිංහලයාගේ ජාතික උත්සවය ලෙස සැලකෙන අවුරුදු උත්සවය හෙවත් සූර්ය මංගල්‍යය වනාහි: සූර්යයාට කෘතගුණ සැලකීම සඳහා ජාතියක් ලෙස එකාවන්ව එක්වෙමින්, වසර දහස් ගණනක් මුළුල්ලේ අඛණ්ඩව පවත්වාගෙන ආ චාරිත්‍රවිධි ජනක්‍රීඩා ආදියෙන් සමන්විත අභිමානවත් සංස්කෘතික මංගල්‍යයයි.

සිංහල අවුරුදු උත්සවය අප මහින්දාගමනයෙන් ලත් දායාදයක් සේ සමහරු හැඳින්වූවත්, එය පණ්ඩුකාභය රජ සමය (ක්‍රිපූ 400) තෙක් ඈතට විහිදෙන්නක් බැව් මහාවංසය දක්වයි. එසේම කාශ්‍යප රජ දවස සීගිරිය අබියස බක්මහ උලෙළට සමාන උත්සවයක් පැවති බවත්, කීර්ති ශ්‍රී මේඝ යුවරජු (ක්‍රිව12 වන සියවස) වසන්ත උත්සවයකට සහභාගි වූ බවත් මහාවංස තොරතුරු හෙළිකරයි.

මේ අනුව දීර්ඝ ඉතිහාසයක් ඇති සිංහල අවුරුදු උත්සවයට සමහර හින්දු ලක්ෂණ ඇතුළත් වූයේ පොලොන්නරු යුගයේදීය. බ්‍රිතාන්‍ය ආධිපත්‍යයට නතුවීමත් සමග සිංහල අවුරුදු චාරිත්‍ර පසුපසට තල්ලු වී ගියේය. එහෙත් 1855 දී දොන් පිලිප් ද සිල්වා ඈපා අප්පුහාමි පඬිතුමා පංචාංග ලිත සකස් කිරීමත් සමග සිංහල අවුරුදු චාරිත්‍රය නැවත බෞද්ධයන් අතරට පැමිණි අතර, ඉන් ඇතිවූ ප්‍රබෝධය හේතු කොටගෙන 1855 දී සිංහල අවුරුදු දිනය නිවාඩු දිනයක් බවට පත්විය.

සැලසූ කමත, කුඹුර ආදියටද ආචාර දැක්වීමට සිංහලයා වගබලාගනී. සිංහල අවුරුද්ද මිනිසාගේ කායික මානසික ආධ්‍යාත්මික තත්ත්වයන් වඩාත් ඉහළ තලයකට ඔසවන මිනිසාගේ යහගුණ ඔප් නංවාලන අඛණ්ඩ ධර්ම චාරිකාවක් වන්නේ ඒ නිසාය.

මිනිස් සිත ගොරහැඬි කරන තෘෂ්ණාව, වෛරය, ඊර්ෂ්‍යාව, ලෝභය වැනි දුර්ගුණ විරේචනය කර මුදු මොළොක් සුවපත් මනසක් ඇති කරන විස්මිත මනෝ චිකිත්සාමය ගුණ රාශියක් සිංහල අවුරුද්දේ අඩංගුය.

චාරිත්‍රයන්හි අරුත ගැඹුරින් විමසන්නකුට සිංහල අවුරුද්දේ ඇති මනස සුවපත් කරන ගුණ දැකිය හැකිය. සිංහල අවුරුද්දේ ගැබ් වන මේ මනෝ චික්තිසාමය ලක්ෂණ විමසීම මේ ලිපියේ මුඛ්‍ය පරමාර්ථය වේ.

සූර්යා සුබ මොහොතින් මේෂ රාශියට සම්ප්‍රාප්ත වීම සමරනු වස් සමස්ත ජාතියම එකම වර්ණයකින් සැරසී එකම නැකතකින් එකම දිශාවක් බලා ළිපගිනි දල්වා එකම අහරක් පිස එකම නැකතින් සියල්ලෝම අනුභව කරති. මෙරටදී පමණක් නොව විදේශයන්හිදී පදිංචි සිංහලයන්ද මෙදින ඔවුනට හැකි ශක්ති පමණින් චාරිත්‍ර ඉටුකිරීම චමත්කාර ජනක හැඟීම් ඇති කරයි. කොළඹින් සැතපුම් සියගණන් ඈත ඒ කොන මේ කොන සැම කොන වෙසෙන ජනතාව එකම අරමුණකට ඒකාත්මික කරවන සිංහල අවුරුද්දට සමාන විචිත්‍ර උලෙළක් ලොව තවත් නැත.

සකසාගන්නා ලද ආහාරවලින් සැරසූ මේසය වටා පවුලේ සාමාජියෛා් අනුභවයට සුබ මොහොත එළඹෙන තෙක් රැස්ව හිඳිති. නියමිත වර්ණයෙන් යුතු අලුත් ඇඳුමින් සැරසී සුබ දිශාව මුහුණ ලා සුබ මොහොතින් පළමු ආහාර පිඬ මුවෙහි ලාගනිති. ඉන් පසු නිවෙසේ ගෘහමූලික වූ පියා අතින් පවුලේ සියලු දෙනාගේ මුවට ආහාර පිඬක් එකතු වෙයි. පියාගෙන් ලද ආහාර පිඬෙන් පසු දරුවෝද ඔවුනොවුන්ට ආහාර පිඬකින් සංග්‍රහ කරති. ප්‍රිය සල්ලාප හමුවේ ආහාර අනුභවයෙන් පසු දරුවෝ මවුපියන්ට බුලත්හුරුලු දී වැඳ පෙර වසරේ සිදුවූ වැරදීම්වලට සමාව අයදිමින් නව වසරටද ආශිර්වාද ලැබගනිති.

වැඩ ඇල්ලීම යනු තමාට අයත් කාර්ය ඒ මොහොතේ සංකේතවත් කරමින් සිදු කිරීමය.

දරුවෝ පාඩම් කටයුතුත්, වැඩිහිටියෝ ගසක් රෝපණය කිරීම ආදියත් සිදු කරති.

දෙනා වගබලාගනු දැකිය හැකිය.

සහජීවනය සහ සංහිදියාව

අවුරුද්දේ සියලු ක්‍රියාකාරකම් පිටුපස ඇත්තේ කායික යහපැවැත්ම සහ මානසික සංහිඳියාවය. වෙනදාට වඩා කැපවීමක් ආදරණීය සහයක් සැමියා වෙතින් බිරිදට ලැබේ. දරුවෝද මවුපියන් වටා එතෙමින් ඔවුන්ගේ ආදරය ලබති. නිවෙසේ කටයුතුවලට තම ප්‍රමාණයෙන් සහාය වෙති. නිවෙසේ සාමය ප්‍රීතිය කඩ වෙන අකැප දේ සිදු නොවීමට සැමදෙන වබලාගනිති. මිදුලේ ගසක ගැට ගසන ඔන්චිල්ලාව අවුරුදු සිරිය දෙගුණ තෙගුණ කරවයි.

අවුරුදු ක්‍රීඩා ජවන හා පිටිය ඉසව්වලින් යුක්තය. එමගින්ද ජයපරාජයට වඩා සාමූහිකත්වයට සහභාගිත්වයට මුල්තැන දීම නිසා සුහදව තරගකර ජයලද්දෝද පරාජය වූවෝද සතුටින් විසිර යති.

සොබාදහම සමානාත්මතාව සහ අවුරුදු කුමරු

මනුෂ්‍යයා ස්වභාවධර්මය සමග ඒකාත්මික වූ විශේෂ සත්ත්වයෙක්ය යන්න සිංහල අවුරුද්ද නිහඬවම පෙන්වන තවත් ලක්ෂණයකි. ස්වභාව ධර්මයාට කෘතගුණ සැලකීම අවුරුද්දේ චිරාගත සම්ප්‍රදායකි.

අවුරුදු කුමරු ලෙස අප වෙත එන්නේ හිරු දෙවියන්ගේම වෙනත් ස්වරූපයක් බව ජන විඥානයේ තැන්පත්ව ඇති බැවින් අවුරුදු කුමරුගේ පංගුව ඔහු වෙනුවෙන් තැනූ පැළක වෙන්කර තැබෙයි.

අවුරුදු ක්‍රීඩා ජවන හා පිටිය ඉසව්වලින් යුක්තය. එමගින්ද ජයපරාජයට වඩා සාමූහිකත්වයට සහභාගිත්වයට මුල්තැන දීම නිසා සුහදව තරගකර ජයලද්දෝද පරාජය වූවෝද සතුටින් විසිර යති.

සිතින් සිත ගලා යයි. එහි ප්‍රතිඵලයක් ලෙස අයිතිය වෙනුවට යුතුකම් වගකීම් පිළිබදව හැඟීම් ඉස්මතු වෙයි. අවුරුදු මංගල්ලය පුරා ඒ ප්‍රබල ඔසුව විවිධ චාරිත්‍ර මඟින් අපට එන්නත් වෙයි. ඊළග අලුත් අවුරුද්ද එනතෙක් එයින් ප්‍රතිශක්තිය සැපයෙයි. ජීවිතයේ දුක් කම්කටුලු, වගකීම්, යුතුකම් බර දිනකට දෙකකට බිම තැබෙන්නේ අලුත් අවුරුදු දාය. තමන්ට ප්‍රිය වූවන් සමග හුරුපුරුදු පරිසරයක අත්විදින මේ කායික මානසික අස්වැසිල්ල සංහිඳියාව සරල වුවද සැහැල්ලු වුවද ගැඹුරු මානසික පදනමක් සහිතය. ඒ වටා වන සියලු චාරිත්‍ර සැකසී ඇත්තේ මනස සුවපත් කරන්නටය. තමාට මෙන්ම අනුන්ටද ඒ සුවය බෙදන්නටය. වර්තමානයේ දක්නට නැතත් අතීත අවුරුදු සිරිත් හිංසනයෙන් තොරය; සත්කාරයෙන් අනූනය; මත්පැනින් තොරය.

අවුරුදු කෑම මේසය නිර්මාංසය. සතාසීපාවට පවා නිදහසට ඉඩ විවෘතය. මෙවන් පරිසරයක ඇති සුවය කායික මානසික පීඩාවලින් හෙම්බත් වී දිවි ගෙවන මිනිසුන්ගේ මනසට ලැබෙන ඉහළ චිකිත්සාමය ප්‍රතිකාරයකි.

එහෙත් එකම මොහොතක වැඩ අත්හැරීම, වැඩ ඇල්ලීම, අනුභවය, හිසතෙල් ගෑම, රැකී රක්ෂා සදහා පිටත්ව යෑම ආදී චාරිත්‍ර දෙස සිංහලයා මතුපිටින් බැලීමට පුරුදු වූ දා පටන් සිංහල අවුරුද්දේ ගාම්භීරත්වය, අභිමානවත් බව සහ අපේකම ගිලිහී යන්නට විය. සමාජය වාණිජකරණය වීමේ වේගයට සමාන වේගයකින් සිංහලයාගේ සිතින් සිංහල අවුරුද්ද මැකී යමින් තිබේ. වර්තමානයේ එහි දක්නට ඇත්තේ ආත්මීය වින්දනයක්, සංහිඳියාවක් නොව වෙළෙඳ ආක්‍රමණිකයන්ගේ ගොදුරක් බවට පත්ව අලෙවි වන සියලු වටිනාකම් දියවී යෑමේ විලාපයක් සහ පුහු ඝෝෂාවකි.

මිනිසා දිනෙන් දින ලෝකය තුළ හුදෙකලා වෙමින් කුඩා වපසරියක තමන්ම සාදාගත් රාමුවකට සිර වී පීඩා විඳිමින් සිටී. මනස සුවපත් වන්නේ කොටු කර තැබූ විට නොව නිදහස් කළ විටය; අරුත්බරව නිදහස් කළ විටය. සාමය, ප්‍රීතිය, මුහුණට මුහුණ අන්තර්-ක්‍රියා, සන්නිවේදනය, සුරක්ෂිතබව, අනුන් වෙනුවෙන් කැපවීම, බෙදා-හදාගැනීම ආදියෙන් මනසට ඇතිකරනුයේ සැහැල්ලුවකි. නූතන මනෝ විද්‍යාවේදී මේ සියල්ල ප්‍රතිකාරාත්මක ප්‍රවේශයන්ය. එවැනි ප්‍රවේශයන් රාශියක් සිංහල අවුරුදු සිරිත්-විරිත්වල අන්තර්ගත වී ඇත.

එබැවින් මේ රාමුවලින් මිදී සිංහල අවුරුදු චාරිත්‍ර ඔස්සේ අවුරුද්දේ අරමුණු ස්පර්ශ කරන්නට යමකුට සිතක් පහළ වුව හොත් ඒ සදහා සුදුසුම දිනක් නුදුරේම එළඹෙයි. අවුරුදු හා බැඳුණු එයටම ආවේණික අපගේ වටිනා හර පද්ධතීන්, ක්‍රීඩා, කලා, ආහාර රටා වියැකී යා නොදෙන්නට වාණිජත්වයට බිලි නොදෙන්නට තම ශක්ති ප්‍රමාණයෙන් එය රැකගනු පිණිස සිංහල අවුරුදු චාරිත්‍ර ඔබේ නිවෙසේ සිදු කරන්නට ඔබ උත්සුක වේ නම් එය ජාතියට කෙරෙන ප්‍රණාමයක් වනු ඇත.

– ජේ‍ෂ්ඨ මනෝ උපදේශිකා එෂාමා කාරියකරවන කලකට ඉහත දිනමිණ පුවත්පතට ලියූ ලිපියකි –



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More