ඒකාබද්ධ විපක්ෂයේ පක්ෂ නායක රැස්වීම සඳහා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ 16 දෙනාගේ කණ්ඩායම නියෝජනය කරමින් ඩබ්ලිව්.ඩී.ජේ.සෙනෙවිරත්න, සුසිල් ප්‍රේමජයන්ත, එස්.බි. දිසානායක සහ අනුර ප්‍රියදර්ශන යාපා යන අය සහභාගී වීමට නියමිතය.
ඒකාබද්ධ විපක්ෂයේ පක්ෂ නායක රැස්වීමට සහභාගී වීමට අවස්ථාව දෙන ලෙස මෙම කණ්ඩායම එහි නායක දිනේෂ් ගුණවර්ධනගෙන් ඉල්ලීමක් කර තිබිණි. ඒ අනුව ඉකුත් සතියේ පැවැති පක්ෂ නායක රැස්වීමේදී එම කණ්ඩායමෙන් ජ්‍යෙෂ්ඨයන් දෙදෙනෙක් පක්ෂ නායක රැස්වීමට කැඳවන ලෙස හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ දිනේෂ් ගුණවර්ධනට දැනුම් දී ඇත.
ඒ අනුව ඩබ්ලිව්.ඩී.ජේ.සෙනෙවිරත්න, සුසිල් ප්‍රේමජයන්ත, එස්.බි. දිසානායක සහ අනුර ප්‍රියදර්ශන යාපා යන අයගෙන් වරකට දෙදෙනෙකු බැගින් ඊට සහභාගී වීමට නියමිත බව 16 කණ්ඩායමේ ප්‍රකාශකයකු සඳහන් කළේය.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...