දේශනයක් පවත්වමින් සිටි ජපාන අග්‍රාමාත්‍ය ෆුමියෝ කිෂිඩා ඉලක්ක කර යම් පිපිරීමකින් සිදුව ඇති බව ජපාන මාධ්‍ය වාර්තා පවසයි.
ජපානයේ NHK මගින් නිකුත් කර ඇති වීඩියෝ දර්ශන මගින් මහජනතාව පලා යන ආකාරය සහ පිපිරීමෙන් පසු පුද්ගලයෙකු අත්අඩංගුවට ගන්නා ආකාරයත්, එම පුද්ගලයා විසින් අග්‍රාමාත්‍ය වරයා දෙසට දුම් බෝම්බයක් වැනි දෙයක් විසි කරන ආකාරයත් දැක් වේ.
ජපානයේ ප්‍රාදේශීය ප්රවෘත්ති ඒජන්සිය වන Kyodo ප්රවෘත්ති මගින් වාර්තා කර ඇත්තේ එය දුම් බෝම්බයකට සමාන දෙයක් ලෙසයි.
කෙසේ වෙතත් මෙම ප්‍රහාරයෙන් අගමැතිවරයාට හානියක් සිදුවී නොමැති බව වාර්තා වේ.
මේ වන විට ජපානයේ රටපුරා පළාත් පාලන මැතිවරණයේ ප්රචාරක කටයුතු ද සිදු වෙමින් පවතින පසුබිමක සැක සහිත මෙම ප්‍රහාරය පසුගිය වසරේ ජූලි මාසයේදී ජපානයේ බටහිර නගරයේ නාරා හි මැතිවරණ ප්රචාරක දේශනයකදී වෙඩි තබා ඝාතනය කරන ලද හිටපු ජපාන අගමැති ෂින්සෝ අබේගේ ඝාතනය හා සම්බඳතාවක් ඇත්ද යන්න පිළිබඳව මේ වන විට පරීක්ෂණ පවත්වන බවයි වාර්තා වන්නේ.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...