රුසියානු ජනාධිපති ව්ලැඩිමීර් පුටින් ඊයේ(17 ) ක්‍රෙම්ලිනයේදී චීන ආරක්ෂක අමාත්‍ය ජෙනරාල් ලී ෂැංෆු හමුවූ බව වාර්තා වේ. පසුගිය මාසයේදී චීන ආරක්ෂක අමාත්‍යවරයා බවට පත් වීමෙන් පසු සිය පළමු විදෙස් සංචාරය ලෙස තෙදින සංචාරයක් සඳහා මොස්කව් වෙත පැමිණියේය.
ක්‍රෙම්ලිනය විසින් මාධ්‍යට නිකුත් කර ඇති තොරතුරුවලට අනුව, “ප්‍රයෝජනවත් තොරතුරු,” මිලිටරි-තාක්ෂණික සහයෝගීතාව සහ විවිධ ඒකාබද්ධ හමුදා අභ්‍යාසවල නිරන්තර හුවමාරු කිරීම් ඇතුළුව ආරක්ෂක ක්ෂේත්‍රයේ මොස්කව් සහ බීජිං අතර “ක්‍රියාකාරී” සහ පුළුල් සහයෝගීතාවයක් ඇති කිරීම සම්බන්ධයෙන් සාකච්ඡා කර තිබේ.
චීන ආරක්ෂක ඇමතිවරයාගේ සංචාරය සම්බන්ධයෙන් අදහස් දක්වමින් රුසියානු ජනාධිපතිවරයා “ආර්ථික, සමාජීය, සංස්කෘතික, අධ්‍යාපනික සහ වෙනත් ක්ෂේත්‍රවලට අමතරව අපගේ සබඳතාවල අතිශය විශ්වාසනීය, උපායමාර්ගික ස්වභාවය ශක්තිමත් කරන තවත් තීරණාත්මක හමුවක් සිදුවූ බව නොඅනුමානයි.” යනුවෙන් පැවසුවේය.
චීන ජනාධිපති ෂී ජින්පින් මහතා නැවත තේරී පත්වීමෙන් පසු ඔහුගේ පළමු රාජ්‍ය සංචාරය ලෙස මොස්කව් වෙත පැමිණ සති කිහිපයකට පසුව චීන ආරක්ෂක අමාත්‍ය ලීගේ සංචාරය කඩි මුඩියේ සිදුවීමද විශේෂත්වයක් බව විදෙස් විත්ති විචාරකයෝ පවසති. එහිදී චීන ආරක්ෂක ඇමතිවරයා සහ රුසියානු ජනධිපති පුටින් “අන්‍යෝන්‍ය මිලිටරි විශ්වාසය තව දුරටත් ගැඹුරු කිරීමට” දිවුරුම් දුන්නේය. එලෙසම මිත්‍රත්වය ප්‍රකාශ කරමින් ඒකාබද්ධ ප්‍රකාශයකට අත්සන් තැබීමටද කටයුතු කළෝය.
චීන ආරක්ෂක අමාත්‍යවරයා මාධ්‍ය වෙත අදහස් දක්වමින් චීන ආරක්ෂක අමාත්‍යවරයා බවට පත්වීමෙන් පසු කරන ලද ඔහුගේ පළමු විදේශ සංචාරය බවත් ඔහු රුසියාවට පැමිණියේ රුසියාව සහ චීනය අතර ද්විපාර්ශ්වික සබඳතාවල විශේෂ ස්වභාවය සහ උපායමාර්ගික වැදගත්කම තවදුරටත් අවධාරණය කිරීමට බවත් පැවසුවේය. පාස්කු ඉරිදා තමා හමුවීමට කාලය සොයා ගැනීම සම්බන්ධයෙන් ඔහු පුටින්ට කෘතඥතාව පළ කළේය.
රුසියානු-චීන සබඳතා දැනටමත් නව යුගයකට අවතීර්ණ වී සීතල යුද්ධයේ ඕනෑම මිලිටරි-දේශපාලන සන්ධානයක් අභිබවා ගොස් ඇති බවත් තුන්වන පාර්ශ්වයන්ට එරෙහිව නොබැඳී සිටීම, ගැටුම් නොමැතිකම සහ ඉලක්ක නොකිරීම යන මූලධර්ම මත සබඳතා ගොඩනගා ඇති බවත් ලී සඳහන් කළේය.
රුසියානු ආරක්ෂක අමාත්‍ය සර්ජි ෂොයිගු ද මහතාද රැස්වීමට සහභාගී වී සිටියේය. අප්‍රේල් 16 සිට 19 දක්වා ඔහු රුසියානු ඉහළ පෙළේ හමුදා නිලධාරීන් කිහිප දෙනෙකු සමඟ සාකච්ඡා කිරීමට අපේක්ෂා කරන බව අනාවරණය කළේය.
චීනය, එක්සත් ජනපදය සමඟ වැඩෙන ගැටුම සහ තායිවානය සම්බන්ධයෙන් ඇති ආතතීන් වැඩිවෙමින් පවතින අවස්ථාවක, පසුගිය මාසයේ රටේ ආරක්ෂක ඇමතිවරයා ලෙස ජෙනරාල් ලී ෂැංෆු පත් කළේය. “රුසියාවේ ප්‍රධාන ආයුධ අපනයන ආයතනය වන Rosoboronexport සමග සැලකිය යුතු ගනුදෙනු වල නිරත වීම හේතුවෙන් 2018 දී එක්සත් ජනපදය චීන ආරක්ෂක ඇමතිවරයා වන ජෙනරල් ලී අසාදු ලේඛනගත කිරීමට කටයුතු කළේය.
රුසියාව සහ යුක්රේනය අතර පවතින ගැටුමේදී චීනය මධ්‍යස්ථව සිටින අතර මොස්කව් වෙත සම්බාධක පැනවීම හෝ දෙපාර්ශවයටම ආයුධ යැවීම ප්‍රතික්ෂේප කරනු ලැබීය. ඒ වෙනුවට ගැටුම් සඳහා සාමකාමී විසඳුමක් ඉල්ලා සිටී. එසේ වුවද, පසුගිය සතියේ සීඅයිඒ අධ්‍යක්ෂ විලියම් බර්න්ස් ප්‍රකාශ කළ පරිදි, මොස්කව් සහ බීජිං අතර වර්ධනය වන සබඳතා අමෙරිකාවේ භූ දේශපාලන ආධිපත්‍යයට තර්ජනයක් බව එක්සත් ජනපදය තක්සේරු කර ඇත.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...