දේශීය පුවත්

රුසියානු ජනාධිපති ව්ලැඩිමීර් පුටින් රුසියාවේ අලුතින් සංස්ථාපිත භූමි ප්‍රදේශවල යුද හමුදා අණදෙන මධ්‍ය්ස්ථාන දෙකකට ගොස් ඇති බව ක්‍රෙම්ලිනයෙන් ලැබෙන වාර්තා පවසයි. එලෙසම ඔහු එම චාරිකාවේදී යුක්රේන හමුදාවන්ට එරෙහි මිලිටරි මෙහෙයුමේ ප්‍රගතිය සමාලෝචනය කළ බවද ක්‍රෙම්ලිනය ඊයේ ප්‍රකාශ කළේය.

ක්‍රෙම්ලිනයෙන් ලැබෙන වාර්තා වලට අනුව, පුටින් “කෙර්සන් ප්‍රදේශයේ” පිහිටා ඇති ‘ඩිනිපර්’ සටන් කණ්ඩායමේ අණදෙන මධ්‍යස්ථානය වෙතද ගොස් ඇත. ඔහුට කණ්ඩායමේ අණදෙන නිලධාරි කර්නල් ජෙනරාල් ඔලෙග් මැකරෙවිච් සහ රුසියානු ගුවන් හමුදා අණදෙන නිලධාරි කර්නල් ජෙනරාල් මිහායිල් ටෙප්ලින්ස්කි විසින් මධ්‍යස්ථානය සම්බන්ධයෙන් වාර්තා ලබා දී තිබුණි.

ජනාධිපතිවරයා ලුගාන්ස්ක් මහජන සමූහාණ්ඩුවේ සංචාරයක නිරත වූ අතර එහිදී ඔහු ජාතික ආරක්ෂක බළකායේ ‘වොස්ටොක්’ (නැගෙනහිර) අණදෙන මධ්‍යස්ථානය වෙතද යාමට වග බලා ගත්තේය. ඔහු කර්නල් ජෙනරාල් ඇලෙක්සැන්ඩර් ලපින් ඇතුළු ඉහළ හමුදා නිලධාරීන් සමඟ ප්‍රදේශයේ තත්ත්වය පිළිබඳව අදහස් හුවමාරු කරගෙන තිබුණි.
බටහිරින් සැපයෙන බර යුද ටැංකි සහ නව සන්නද්ධ වාහන යොදා ගනිමින් ප්‍රතිප්‍රහාරයක් දියත් කිරීමට කියෙව් සූදානම් බව වාර්තා වීමත් සමඟ පුටින්ගේ හදිසි සංචාරය සිදුවීම විශේෂත්වයක් බව විදෙස් විත්ති විචාරකයන්ගේ මතයයි. යුක්රේන අගමැති ඩෙනිස් ෂ්මිගල් ඊයේ(17 ) කියා සිටියේ කියෙව් හමුදා මෙහෙයුම “නුදුරු අනාගතයේදී” ආරම්භ කරන බවයි.

යුක්රේන රුසියානු ගැටුමේ මෑත මාසවලදී, යුක්රේනියානුවන් බක්මුත් ලෙස හඳුන්වන ඩොන්බාස් පලාතේ පතල් නගරය වන ආර්ට්යොමොව්ස්ක් ප්‍රදේශයේ සඳහා දරුණු සටන් වලින් සිදු විය.

රුසියානු පුද්ගලික මිලිටරි සමාගමක් වන Wagner Group හි ප්‍රධානියා වනEvgeny Prigozhin පසුගිය සතියේ කියා සිටියේ තම හමුදා නගරයේ “80% කට වඩා” පාලනය කරන බවයි. මේ අතර රුසියානු ආරක්ෂක අමාත්‍යාංශය පැවසුවේ, වාග්නර් ප්‍රහාරකයින් ගුවන් හමුදා සමඟ එක්ව යුක්‍රේන සොල්දාදුවන් නගර මධ්‍යයේ සිට එහි බටහිර තදාසන්න ප්‍රදේශවලට තල්ලු කිරීමට කටයුතු කරමින් සිටින බවයි.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More