දේශීය පුවත්

එක්සත් ජාතීන්ගේ ජනගහන අරමුදල (UNFPA ) ඊයේ (19 ) 2023 සඳහා එහි ‘ලෝකයේ රාජ්‍යන්ගේ ජනගහන වාර්තාව’ නිකුත් කරන ලද්දේය. ඒ අනුව ඔවුන්ගේ ජනවාරි වාර්තාව මගින් පුරෝකථනය කරන්නේ ඉන්දියාව ලෝකයේ වඩාත්ම ජනාකීර්ණ රට ලෙස චීනය අභිබවා යාමට නියමිත බවයි. එක්සත් ජාතීන්ගේ සංවිධානයට අනුව මෙම වර්ෂයේ ජූලි මාසයේදී ඉන්දියාවේ ජනගහනය බිලියන 1.4286 දක්වා ළඟා වීමට ඉඩ ඇති අතර එය චීනයේ ජනගහනය වන බිලියන 1.4257 ට වඩා මිලියන 2.9 ක් වැඩි වනු ඇත.

වාර්තාවේ නිගමනය පදනම් වී ඇත්තේ 2021 වසරේ පැවැත්වීමට නියමිතව තිබූ ඉන්දියානු සංගණනය වසංගතය හේතුවෙන් කල් දැමූ බවට ලබා දී ඇති ඇස්තමේන්තු මතය. ඉන්දියාවේ ජන සංගණනය 2022 වසර දක්වා කල් දැමුනු අතර පසුව නැවත 2024 දක්වා ප්‍රමාද කරන බව නිවේදනය කළේය.ඉන්දියාවේ ජන සංගනනය අවසන් වරට 2011 දී පවත්වන ලදී.ඉන්දියාඅනු ජන සංගණනය බ්‍රිතාන්‍ය යටත් විජිත යුගයේ ආරම්භ වූ අතර පසුගිය වසර 140 පුරාවට සෑම දශකයකට වරක්ම සියලුම ඉන්දියානු රජයන් ජන සංගණනයක් සිදු කර ඇති බවට වාර්තා තිබේ.

එක්සත් ජාතීන්ගේ ජනගහන ඇස්තමේන්තු සහ ප්‍රක්ෂේපන ප්‍රධානී පැට්‍රික් ගර්ලන්ඩ් බීබීසීයට පැවසුවේ ඉන්දියාවේ ජනගහනය පිළිබඳ වාර්තාවේ දත්ත කිසිදු “සැබෑ නිල දත්ත” නොමැති නිසාවෙන් “ඛණ්ඩනාත්මක තොරතුරු මත පදනම් වූ බොළඳ උපකල්පන” බවයි.

කෙසේ වුවද මෑත දශක කිහිපය තුළ ඉන්දියාවේ ජනගහන වර්ධනය සැලකිය යුතු ලෙස අඩු වී ඇත. 1971 සහ 1981 අතර 24.7% ක තිබු ජනගහන වර්ධන වේගය 2001 සිට 2011 දක්වා කාලයේදී 17.7% දක්වා පහත වැටුණු බවට වාර්තා දෙස්දෙයි.එම තත්වය ඇති වීමට අධ්‍යාපන මට්ටම් ඉහළ යාම, සෞඛ්‍ය සේවා වැඩිදියුණු වීම සහ දරිද්‍රතාවය පිටුදැකීම යන ප්‍රවණතාව බොහෝ දුරට හේතු වී ඇති බව විශ්ලේෂකයන්ගේ මතයයි. 1950 දී ඉන්දියාවේ එක් කාන්තාවකට උපත් 5.7 ක් ලැබුණු බවට වාර්තා වූ අතර පසුගිය වසරේ එය 2.2 දක්වා පහත වැටී. සඵලතා අනුපාතය ක්‍රමයෙන් අඩුවෙමින් පවතින බව සලකුණු කළේය. 1952 දී, ඉන්දියාවේ දකුණු ප්‍රදේශයේ සමහර ප්‍රාන්තවල දරුවන් දෙදෙනෙකුගේ ප්‍රතිපත්තියක් දැඩි ලෙස බලාත්මක කිරීමත් සමඟ පවුල් සැලසුම නිල ප්‍රතිපත්තියක් ලෙස අනුගමනය කළ පළමු රට ඉන්දියාව ලෙස වාර්තා පොත් වලට ඇතුලත් විය.

ඉන්දියාව ද මේ වන විට ‘යෞවන පිබිදීමක්’ ලෙස හඳුන්වන සංසිද්ධිය අත්විඳිමින් සිටී. එනම් සමස්ථ ඉන්දියානු ජනගහනය තුළ තරුණ පුද්ගලයින්ගේ සංඛ්‍යාත්මක වැඩි වීමක් වාර්තාවේ. ආර්ථික සහයෝගිතා සහ සංවර්ධන සංවිධානයට ( Organization of Economic Cooperation and Development-OECD) අනුව, 2021 දී ඉන්දියාවේ වැඩ කරන වයසේ පුද්ගලයින් මිලියන 900 ක් සිටියහ.

ජනවාරි මාසයේ ජාතික සංඛ්‍යාලේඛන කාර්යාංශයේ වාර්තාවකට අනුව,ලෝකයේ වඩාත්ම ජනාකීර්ණ රාජ්‍යය වන චීනය,  සිය වසර 60 ක ඉතිහාසය තුළ එහි ජනගහන පරිහානියේ පළමු වසර ලෙස 2022 වර්ෂය සනිටුහන් කළේය. පසුගිය වසරේ චීනයේ පුද්ගලයන් 1000කට දරු උපත් 6.77ක් සිදු වූ අතර එය පෙර වසරේ උපත් 7.52ට සාපේක්ෂව ජන්ගහන වර්ධනය අඩු වීමකි.

චීනයේ මේ තත්වය ඇති වීමට ,ජනගහන පිපිරීමක් පාලනය කිරීම සඳහා නායක ඩෙන්ග් ෂියාඕපිං යටතේ 1980 දී සම්මත කරන ලද එක් දරු ප්‍රතිපත්තිය චීනයේ අඩු උපත් අනුපාතයට අර්ධ වශයෙන් දොස් පැවරේ. මෙම ප්‍රතිපත්තිය 2015 දක්වා ක්‍රියාත්මක විය. 2016 දී චීන රජය දරුවන් දෙදෙනෙකුගේ ප්‍රතිපත්තියක් සහ විවාහක ජෝඩු සඳහා දරුවන් ලැබීම සඳහා දිරිගැන්වීම් කිහිපයක් ප්‍රකාශයට පත් කළ අතර, පසුව වයස්ගත වීමේ අභියෝග ජයගැනීමේ අරමුණින් 2021 දී එම සංඛ්‍යාව තවත් දරුවන් තිදෙනෙකු දක්වා වැඩි කරන ලදී.වයස්ගත ජනගහනය, දකුණු කොරියාව සහ ජපානය වැනි අනෙකුත් නැගෙනහිර ආසියාතික ජාතීන් ද මුහුණ දෙන ගැටලුවකි.

චීනයේ ජනගහනය ගණනය කිරීමේදී, එක්සත් ජාතීන්ගේ සංවිධානය එහි ‘විශේෂ පරිපාලන කලාප’ දෙක වන හොංකොං සහ මැකාවු – මෙන්ම තායිවානය ද බැහැර කර තිබේ. නමුත් එම ප්‍රදේශ දෙකෙහි ඒකාබද්ධ ජනගහනය මිලියන 30 කට වඩා වැඩි ය.

පසුගිය නොවැම්බරයේ ගෝලීය ජනගහනය බිලියන අට ඉක්මවා ගිය අතර, ඉන්දියාව සහ චීනය එක්ව සමස්ථ ගෝලීය ජනගහනයෙන් තුනෙන් එකකට වඩා වැඩි ප්‍රමාණයකට අයිතිවාසිකම් පවසයි.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More