දේශීය පුවත්

චීනයෙන් එල්ල වන ආරක්ෂක තර්ජනවලට එරෙහිව ඇමරිකාව ආරක්ෂා කිරීම සඳහා ජනාධිපති ජෝ බයිඩෙන් කිසිවක් නොකරන බවත් ආර්ථික සම්බාධක පනවමින් තම ජාතික ආර්ථිකයට හානි කරන ක්‍රියාමාර්ග ගන්නවා හැර වෙනත් කිසිදු දෙයක් ඔහු නොකරන බවද එක්සත් ජනපද භාණ්ඩාගාර ලේකම් ජැනට් යෙලන් ප්‍රකාශ කරයි.

“චීනය සමඟ අපගේ සබඳතාවයන් වලදී ජාතික ආරක්‍ෂාව අතිශයින් වැදගත්” යැයි යෙලන් 19 දා වොෂින්ටනයේ පැවති මාධ්‍ය සාකච්ඡාවකදී පැවසීය. චීනයට යම් තාක්‍ෂණික දැනුම ලබා ගැනීම අවහිර කිරීම උදාහරන්යට ගත් ඇය , “අපගේ ආර්ථික අවශ්‍යතා සමඟ වෙළඳාම් කිරීමට චීනය බල කරන විට පවා අප අපම පැනවූ සම්බාධක සම්බන්ධයෙන් සම්මුතියක් ඇති කර ගැනීමට කටයුතු කළේ නැහැ.”

“අසාධාරණ” ආර්ථික භාවිතයන් සහ මෑත වසරවල එක්සත් ජනපදයට හා ඇගේඉ මිතුරන් වෙත “වඩා ගැටුම්කාරී ඉරියව්වක් ප්‍රදර්ශනය කරන” බවට යෙලන් චීනයට චෝදනා කළාය. චීනයෙන් එල්ල වන ආරක්ෂක තර්ජන වලට මුහුණ දීම සඳහා වොෂින්ටනය සතුව “පුළුල් මෙවලම් කට්ටලයක්” ඇති බවත්, අපනයන පාලනය සහ මහජන විමුක්ති හමුදාවට (PLA ) සහාය සපයන ආයතනවලට එරෙහිව සම්බාධක පැනවීම වැනි මෙවලම් රාශියක් ඇතැයි ඇය වැඩිදුරටත් පැවසුවාය.

“සයිබර් ආරක්ෂාව සහ චීනයේ මිලිටරි-සිවිල් සංයෝජනයට සම්බන්ධ තර්ජන වලට මුහුණ දීම සඳහා භාණ්ඩාගාර දෙපාර්තමේන්තුවට අනුබද්ධිත සම්බාධක බලධාරීන් සිටිනවා,” යෙලන් පැවසීය. “අපි ජාතික ආරක්‍ෂක අවදානම් සඳහා එක්සත් ජනපදයේ විදේශ ආයෝජන ද ප්‍රවේශමෙන් සමාලෝචනය කරන අතර එවැනි අවදානම් විසඳීමට අවශ්‍ය ක්‍රියාමාර්ග ගන්නවා. සැලකිය යුතු ජාතික ආරක්ෂක ඇඟවුම් සහිත නිශ්චිත සංවේදී තාක්‍ෂණයන් සඳහා එක්සත් ජනපදයෙන් පිටතට යන ඇතැම් ආයෝජන සීමා කිරීමේ වැඩසටහනක් අපි සලකා බලමින් සිටිනවා.” ඇය පැවසුවාය.

චිප් සෑදීමේ උපකරණ අපනයනය සීමා කිරීම වැනි උසස් අර්ධ සන්නායක තාක්ෂණයන් සුරක්ෂිත කිරීමෙන් චීන සමාගම් අවහිර කිරීමට බයිඩෙන් පරිපාලනය දැනටමත් පියවර ගෙන ඇත. වොෂින්ටනය ආර්ථික වාසියක් ලබාගැනීමට හෝ චීනයේ වර්ධනය හා නවීකරණය අඩාල කිරීමට එවැනි ක්‍රියාමාර්ග නොගන්නා බව යෙලන් අවධාරණය කළාය.

යෙලන් මානව හිමිකම් උල්ලංඝනය කිරීම් සම්බන්ධයෙන් චීනයට දොස් පැවසූ අතර යුක්රේන අර්බුදය මධ්‍යයේ රුසියාවට “සීමාවන් පනවන්නේ නැතැයි” ඇය චෝදනා කළාය. චීනය ද්‍රව්‍යමය සහය ලබා දෙන්නේ නම් හෝ රුසියාවට සම්බාධක මග හැරීමට උදව් කළහොත් ප්‍රතිවිපාක දරුණු වනු ඇතැයි ඇය අනතුරු ඇඟවූ අතර මානව හිමිකම් උල්ලංඝනය කිරීම් වැලැක්වීමට එක්සත් ජනපදය සිය “මෙවලම්” භාවිතා කරන බවද ඇය පෙන්වා දුන්නාය.

“ජාතික ආරක්ෂාව මෙන්ම අපි මානව හිමිකම් ආරක්ෂා කිරීම සම්බන්ධයෙන්ද සම්මුතියක් ඇති කර නොගනිමු,” යෙලන් පැවසීය. “මෙම මූලධර්මය අප ලෝකය සමඟ සම්බන්ධ වන ආකාරය සඳහාද පදනම වේ.”

කෙසේ වුවද වොෂින්ටනය “තමන්ගේම මානව හිමිකම් ප්‍රශ්න විසඳා ගැනීමට වැඩි උත්සාහයක් ගත යුතු” බව යෝජනා කරමින් බීජිනය එක්සත් ජනපදයේ චෝදනා ප්‍රතික්ෂේප කර ඇත. බයිඩෙන්ගේ පරිපාලනය චීන ආර්ථික ප්‍රගතිය පාලනය කිරීමට උත්සාහ කරමින් බීජිනය වොෂින්ටනයට ආරක්ෂක තර්ජනයක් ලෙස යක්ෂාවේශ කිරීම සම්බන්ධයෙන් වොෂින්ටනයේ “සීතල යුද මානසිකත්වයක්” සම්බන්ධයෙන් චීන නායකයින් වොෂින්ටනයට දොස් පවරා ඇත.

“විරුද්ධ රටකට දියුණු වන්නට ඉඩ නොදීම සහ මර්දනය ඇමරිකාව නැවත ශ්‍රේෂ්ඨ බවට පත් නොකරනු ඇති අතර චීනය ජාතික පුනර්ජීවනය කරා ගමන් කිරීම එම ක්‍රියා මගින් නවත්වන්නේ නැත” යනුවෙන් චීන විදේශ අමාත්‍ය Qin Gang පසුගිය මාසයේ මාධ්‍ය වෙත අදහස් දක්වමින් පැවසීය.

වොෂින්ටනය අනෙකුත් රටවලට සම්බාධක පැනවීම සඳහා ගෝලීය මූල්‍ය පද්ධතිය මත ඇති ඔවුන්ගේ අධිකාරිත්වය භාවිතා කිරීම විසින් ලෝකයේ සංචිත මුදල් ලෙස එක්සත් ජනපද ඩොලරයේ භූමිකාව හීන කළ හැකි බව යෙලන් මෙම සතිය මුලදී පිළිගත්තාය. එක්සත් ජනපද මුදල් ඒකකය තුළ වන මිලිටරි ආධිපත්‍ය සම්බන්ධයෙන් විමසූ විට, ඇය සී එන් එන් පුවත් සේවය වෙත පැවසුවේ එවැනි උපක්‍රම “ඩොලරයේ ආධිපත්‍යය යටපත් කළ හැකි” බවයි.

 



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More