දේශීය පුවත්

සියලු භෝග සඳහා ග්ලයිෆොසේට් භාවිතයට ලබාදුන් අවසරය හෙට (16දා) දිනයේදී යළි තේ සහ රබර් සඳහා පමණක් සීමා කර ගැසට් පත්‍රයක් නිකුත් කරන බව කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා පැවසීය.

මාධ්‍ය වෙත අද (15දා) අදහස් දක්වමින් මේ බව පැවසූ අමාත්‍යවරයා,

” ග්ලයිෆෝසේට් තහනම ඉවත් කිරීම සම්බන්ධයෙන් විද්වත් කමිටුවක් පත් කළා. ඒ කමිටුවේ තීන්දුවක් අනුව ග්ලයිෆෝසේට් තහනම ඉවත් කරලා ගැසට් පත්‍රයක් පළ කරලා තියෙනවා. නමුත් සඳුදා වන විට නැවත ගැසට් පත්‍රයක් පළ වෙනවා. තේ සහ රබර් හැර අනෙකුත් භෝග සඳහා ග්ලයිෆෝසේට් තහනම තවදුරටත් පැවැත්වෙන ආකාරයට. ඒ තුළින් තේ සහ රබර් වගා කරන අයට පමණක් කෘෂිකර්ම අමාත්‍යංශයේ නිර්දේශ මත අවසර ලබා දෙනවා.

මේ සම්බන්ධයෙන් තේ සහ රබර් වගා කරන අයගෙන් දැඩි ලෙස ඉල්ලීමක් තිබුණා. මේ තහනම ඉවත් කරන්න කියලා. විශේෂයෙන්ම මේ නිසා රබර් කර්මාන්තයටද බලපෑමක් ඇතිවූණා. ඒ අනුව විද්වත් කමිටුවකින් ආපු නිර්දේශ මත එම භෝග දෙකට තහනම ඉවත් කරන්න කටයුතු කළා. “ යැයි පැවසීය



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More