2019 අප්‍රේල් 21 වන දින ශ්‍රී ලංකාවේ කිතුණු බැතිමතුන් ඉලක්ක කර එල්ල වූ මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරය සිදුවී අද වන විට හරියටම වසර හතරක් ඉක්මවා ගොසිනි. පාස්කු ප්‍රහාරය මෙන්ම එම ප්‍රහාරය සුල මුල සොයා ගැනීමට විමර්ෂණ කටයුතු සිදු වූ ආකාරයද එකම මූලයකින් සිදුවූවක් බවට සැක කිරීමට තරම් කරුණු කාරණා පෙල ගැසුනු ආකාරය විමසීමෙන් තහවුරු වන බව අපගේ විශ්වාසයයි. පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් කරුණු සොයා බැලීමට පත් කළ කොමිසමේ වාර්තාව සම්බන්ධයෙන් ජේෂ්ඨ නීතිඥ කල්‍යානන්ද තිරාණගම මහතා 2021 අප්‍රේල් 21 වන දින The Island පුවත් පතට Some incomprehensible lapses in Easter Attack Commission Report නමින් ලියූ ලිපියක සිංහල පරිවර්තනයේ දෙවන කොටස හෙවත් අවසාන කොටස මෙසේ පලකරමු.
ශ්‍රී ලංකාවේ මුස්ලිම් දේශපාලනඥයන් සමඟ සහරාන් කණ්ඩායමට තිබූ සබඳතා
සහරාන් කණ්ඩායම මුස්ලිම් දේශපාලනඥයන් වන රිෂාඩ් බදුර්දීන්, අසාද් සාලි, හිස්බුල්ලා සහ රවුෆ් හකීම් වැනි මුස්ලිම් දේශපාලනඥයන් සමඟ තිබූ සබඳතා සම්බන්ධයෙන් පාස්කු කොමිසම විමර්ශනය කරනු ඇතැයි පොදු මහජනතාව බලාපොරොත්තු විය. එපමණක් නොව, එම දේශපාලනඥයන්ගේ හැසිරීම් සම්බන්ධයෙන් මාධ්‍ය විසින් කරනු ලැබ තිබූ හෙළිදරව් මහජනයාගේ බලාපොරොත්තු තව තවත් කුලු ගැන්වීමට හේතු පාදක විය. කෙසේ වුවද, පාස්කු කොමිසම ඉහත කී දේශපාලනඥයන් කිසිවෙකු සම්බන්ධයෙන් කිසිදු නිශ්චිත සොයා ගැනීමක් කිරීමට අපොහොසත්වූ අතර, ඔවුන්ට එරෙහිව කිසිදු නිර්දේශයක් නිකුත් කිරීමටද කටයුතු කර තිබුණේ නැත.
කෙසේ වුවද පාස්කු කොමිසමේ වාර්තාවේ 22 වන පරිච්ඡේදයේ ආගමික සහ වාර්ගික අසමගිය වර්ධනය වන ආකාරයෙන් සිදු කළ පුද්ගල හැසිරීම් සම්බන්ධයෙන් විමර්ශනය කර තිබේ. එහිදී තනි තනි පුද්ගලයන් ඒ සම්බන්ධව දැක්වූ දායකත්වය සාකච්ඡාවට භාජනය කර තිබේ. ඒ අනුව පුද්ගලයන් හය දෙනෙකුගේ හැසීරීම් සම්බන්ධයෙන් කොමිසම කරුණු සොයා බලා ඇති බව එම පරිච්ඡේදය පරිශීලනය කිරීමෙන් තහවුරු වේ. එම පුදගලයන් හය දෙනා නම්,
(i) රිෂාඩ් බද්යුද්දීන්
(ii) රිෂාඩ් බදුර්දීන්ගේ සොහොයුරු රියාජ් බද්යුද්දීන්
(iii) මොහොම්මදු ශිබ්ලි ෆාරුක්
(iv) හිස්බුල්ලා
(v) අබ්දුල් රාසික්
(vi) ගලගොඩඅත්තේ ඥානසාර හිමි
යන අය වෙති.
පාස්කු කොමිසම හඳුනාගත් එම චරිත හය අතුරින් ගලගොඩඅත්තේ ඥානසාර හිමිගේ ක්‍රියාකාරකම් හඳුනාගෙන තිබුණේ ගැටුමට ප්‍රධාන වශයෙන් දායක වූ චරිතයක් ලෙසයි. එලෙසම උන්වහන්සේ සම්බන්ධයෙන් වඩාත් තදින් කටයුතු කළ යුතු බවට නිර්දේශ නිකුත් කර තිබේ. එහෙත් හඳුනාගත් ඉතිරි මුස්ලිම් දේශපාලනඥයන් පස් දෙනා සම්බන්ධයෙන් එවැනි කිසිදු නිර්දේශයක් නිකුත් කිරීමට කොමිසම කටයුතු කර තිබුණේ නැත.
(i) රිෂාඩ් බද්යුද්දීන්
සහරාන් සහ අනෙකුත් අන්තවාදී මුස්ලිම් කණ්ඩායම් සමඟ රිෂාඩ් බද්යුද්දීන්ගේ සැකකටයුතු සම්බන්ධතා තිබූ බවට බරපතළ සැකකටයුතු අවස්ථා ගණනාවක් තිබූ බවට ආරංචි පැතිර ගියේය. සාමාන්‍ය ජනයා අතර පමණක් නොව, දේශපාලන කවයන් තුළ පවා බද්යුද්දීන්ගේ මැදිහත්වීම් සහ අන්තවාදී බලවේග සමඟ ඇති සම්බන්ධය පිළිබඳව බරපතළ සැක සංකා මතුව තිබුණි. එම හේතුව නිසාම සමහර බෞද්ධ භික්ෂූන් වහන්සේලා සහ සමහර දේශපාලන පක්ෂ නායකයන් රිෂාඩ් බද්යුද්දීන්ට එරෙහිව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිලි කළහ. එතැනින් නොනැවතී මෙම හේතු පාදක කොට ගෙන විපක්ෂයේ දේශපාලන පක්ෂ රිෂාඩ් බද්යුද්දීන්ට එරෙහිව පාර්ලිමේන්තුවේදී විශ්වාසභංගයක්ද ගෙන ආවේය. විශ්වාසභංගය මගින් කියැවුනේ රිෂාඩ් බද්යුද්දීන් ඔහු දරන අමාත්‍ය තනතුරුවලින් ඉවත් කළ යුතු බවයි. පූජ්‍ය අතුරලියේ රතන හිමියන් උපවාසය ආරම්භ කරමින් පවසා සිටියේ ඔහුට එල්ල වී තිබෙන චෝදනාවලට අනුව ඔහු අත් අඩංගුවට ගත යුතු බවයි. විවිධ දේශපාලන පක්ෂවල සිටි සියලුම මුස්ලිම් අමාත්‍යවරු රිෂාඩ්ට පක්ෂව තමන් දරන අමාත්‍ය තනතුරුවලින් ඉල්ලා අස්වීමට කටයුතු කිරීම හේතුවෙන් රිෂාඩ් බද්යුද්දීන්ට එරෙහිව ඉදිරිපත් වූ විශ්වාසභංග යෝජනාව ඉදිරියට ගෙන යාමට නොහැකි විය.
පහත දැක්වෙන්නේ රිෂාඩ් බද්යුද්දීන්ට එරෙහිව ඉදිරිපත් වූ විශ්වාසභංග යෝජනාවේදී මෙන්ම පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවේදී ඉදිරිපත් කර තිබූ චෝදනාවලින් සමහරකි.
(i) සහරාන්ගේ ත්‍රස්ත කණ්ඩායම් සමඟ සබඳතා පැවැත්වීම.
(ii) ඔහුගේ පක්ෂයේ භාණ්ඩාගාරික ලෙස කටයුතු කළ අලව්දීන් නමැත්තා පාස්කු ප්‍රහාරයට සම්බන්ධ වූවෙකු වීම.
(iii) මරාගෙන මැරෙන ප්‍රහාරකයින් දෙදෙනෙකුගේ පියාණන් වූ මොහොමඩ් ඊබ්‍රාහිම් නමැත්තා සමඟ සබඳතා පැවැත්වීම.
(iv) මරාගෙන මැරුණු ප්‍රහාරකයෙකුගේ විවාහ මංගල උත්සවයට පවා සහභාගිවීමට තරම් ප්‍රහාරකයා හොඳින් දැන හඳුනාගෙන සිටීම.
(v) ඊබ්රාහිම්ගේ ආනයන අපනයන ව්‍යාපාර කටයුතුවලට සහයෝගය ලබා දීම.
(vi) ඔහුගේ අමාත්‍යාංශය යටතේ තිබූ කර්මාන්ත සංවර්ධන මණ්ඩලය මගින් අබලි ලෝහ විශාල ප්‍රමාණයක් වෙනත් කිසිදු ගැනුම්කරුවෙකුට නොදෙන විශේෂ වට්ටම් සහිතව, මරාගෙන මැරෙන බෝම්බකරුවෙකු වූ ඉන්සාෆ්ගේ “කොලෝසස් සමාගමට” ලබා දීම.
(vii) මොහොමඩ් ඊබ්රාහිම්ගේ පුතුන් වූ ප්‍රධාන මරාගෙන මැරෙන බෝම්බකරුවන් දෙදෙනෙකු වූ ඉන්සාෆ් සහ ඉල්හාම් යන අයවලුන් සහරාන්ගේ ප්‍රධාන මූල්‍ය ආධාරකරුවා වීම.
(viii) ඔහුගේ සම්බන්ධීකරණ නිලධාරියෙකු මෙන්ම, ඔහුගේ පක්ෂයේ ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයෙකු මන්නාරමේදී ඩෙටනේටර් සමඟ අත් අඩංගුවට පත් වීම.
(ix) ඔහුගේ නැගනියට අයත් වත්තල ප්‍රදේශයේ තිබූ නිවසක් මරාගෙන මැරෙන ප්‍රහාරකයෙකුට බද්දට ලබා දී තිබීම.
(x) දෙහිවල ප්‍රදේශයේදී අත්අඩංගුවට ගත් ත්‍රස්තවාදියෙකු නිදහස් කරගැනීම වෙනුවෙන් නියෝජ්‍ය පොලිස්පතිවරයෙකුට, යුද හමුදාපතිවරයාට හා රාජ්‍ය ආරක්ෂක අමාත්‍ය රුවන් විජේවර්ධන මහතාට දුරකතන ඇමතුම් ලබා දීම.
(xi) අත්අඩංගුවට ගත් ත්‍රස්ත සැකකරුගේ නිවසට ඔහුගේ සැප දුක් විමසීමට යාම.
(xii) තුර්කි තානාපති කාර්යාලය පුහුණුව ලැබූ ත්රස්තවාදීන් 50 දෙනෙකු ශ්‍රී ලංකාවට ඇතුළු වී ඇතැයි ලබා දුන් බුද්ධි තොරතුර නොසලකා කටයුතු කිරීම.
(xii) ඔහුගේ අමාත්‍යාංශය යටතේ ඇති ස.තො.ස. ආයතනයේ වාහන ත්රස්තවාදීන් භාවිත කිරීම.
පාස්කු කොමිසමේ වාර්තාව, ඉහතින් සඳහන් කළ බොහෝ චෝදනා සම්බන්ධව කළ විමසීම් සම්බන්ධයෙන් කිසිදු සඳහනක් කර නැත. නමුත් කාරණා දෙකක් පමණක් සම්බන්ධයෙන් නිර්දේශ නිකුත් කර ඇත. ඒවා නම්,
(i) යුද හමුදාව මගින් අත්අඩංගුවට ගත් ත්‍රස්ත සැකකරුවෙකු වූ ඉෂාන් මෙනියුඩීන් නමැත්තා නිදහස් කර ගැනීම වෙනුවෙන් යුද හමුදාපතිවරයාගෙන් විමසීම; මේ සම්බන්ධයෙන් පාස්කු කොමිසම නීතිපතිවරයාට නිර්දේශ කර ඇත්තේ අපරාධ නඩු විධාන සංග්‍රහයේ ඇති සුදුසු ප්‍රතිපාදන යටතේ මේ සම්බන්ධයෙන් අධිකරණ ක්‍රියාමාර්ග ගැනීමට කටයුතු කරන ලෙසයි. පාස්කු කොමිසම මොන දේ නිර්දේශ කර තිබුණද, අත්අඩංගුවේ පසුවන සැකකරුවෙකු සම්බන්ධයෙන් විමසීමට එරෙහිව අපරාධමය වරදක් යටතේ අධිකරණ ක්‍රියාමාර්ග ගත නොහැකිය.
(ii) ඔහුගේ අමාත්‍යාංශය යටතේ තිබූ කර්මාන්ත සංවර්ධන මණ්ඩලය මගින් අබලි ලෝහ විශාල ප්‍රමාණයක් වෙනත් කිසිදු ගැනුම්කරුවෙකුට නොදෙන විශේෂ වට්ටම් සහිතව මරාගෙන මැරෙන බෝම්බකරුවෙකු වූ ඉන්සාෆ්ගේ “කොලෝසස් සමාගමට” ලබා දීම මගින් රජයට රුපියල් මිලියන 4.6ක් පාඩු කිරීම. ඉන්සාෆ් සහ ඉල්හාම් යනු සහරාන්ට මූල්‍ය පහසුකම් සැපයූ ප්‍රධාන පුද්ගලයන් දෙදෙනාය. (පාස්කු කොමිසම 334 පිටුව)
මාවනැල්ල සිද්ධියට සම්බන්ධ මුෆීස්ට ඇප ලබාගැනීම සඳහා ඉල්හාම්ගෙන් ලැබුණු රුපියල් ලක්ෂ 5ක් මුෆීස්ගේ භාර්යාවට සහරාන් විසින් ලබා දුන් බව අනාවරණය වී තිබුණි. මෙම සිද්ධිය සම්බන්ධ පාස්කු කොමිසම කරනු ලැබූ එකම නිර්දේශය වන්නේ අල්ලස් හා දූෂණ කොමිසමට අදාළ සිද්ධිය සම්බන්ධයෙන් කරුණු යොමු කරන ලෙසයි.
පාස්කු ප්‍රහාරයට උපයෝගී කර ගත හැකි ලෙස ආර්ථික සහයෝගය සහ පුපුරන ද්‍රව්‍ය නිපදවිය හැකි ලෙස ද්‍රව්‍ය ලබා දීම සම්බන්ධයෙන් විමර්ශනයක් කිරීමට පාස්කු කොමිසම කටයුතු නොකිරීම විමතියට කාරණයකි.
(ii) රියාජ් බද්යුද්දීන්
රියාජ් යනු රිෂාඩ් බද්යුද්දීන්ගේ සොහොයුරායි. ඔහු අමාත්‍ය කාර්ය මණ්ඩලයේද සාමාජිකයෙකි. සහරාන්ගේ විශාලතම මූල්‍ය සම්පාදකයා වන ඉන්සාෆ් සමඟ සමීප සබඳතා පැවැත්වූවෙකි. අබලි ලෝහ විකිණීම සම්බන්ධයෙන් සහ ඒවා විකිණීමේදී සිදුවූ වංචා සම්බන්ධයෙන් එම කාලය තුළ කැප වූ අයෙකි. (පාස්කු කොමිසම් වාර්තාවේ 335 වන පිටුව). පාස්කු කොමිසම පොලිසියට දන්වා සිටින්නේ එම කාරණා සම්බන්ධයෙන් අවශ්‍ය විමර්ශන කරන ලෙසයි.
ෆ කොළඹ අග රදගුරු මැල්කම් රංජිත් හිමිපාණන් ප්‍රකාශ කර සිටියේ පාස්කු ප්‍රහාරය දියත් කළ පුද්ගලයන් තමන්ගේ දේශපාලන ශක්තිය වර්ධනය කර ගැනීමේ උවමනාවෙන් මෙම ප්‍රහාරය දියත් කර ඇති බවයි.
ෆ මෙම සැකකටයුතු තත්ත්වයන් පාස්කු ප්‍රහාරයේ සැබෑ වගකිවයුත්තන් හඳුනාගැනීමට තරම් ප්‍රයෝජනවත් නොවන්නේද?
(iii) එම්. මොහොමඩ් ෂිබ්ලි ෆාරුක්
ෂිබ්ලි ෆාරුක් මඩකලපුව දිස්ත්‍රික්කයෙන් නැඟෙනහිර පළාත් සභාවට තේරී පත්වී 2012 වර්ෂයේ සිට 2017 වර්ෂය දක්වා එම පළාත් සභාව විසුරුවන තෙක් පළාත් සභා මන්ත්‍රීවරයෙකු ලෙස කටයුතු කළ අයෙකි. ඔහු සහරාන් සහ රිල්වාන් යන අය 2015 වර්ෂයට ආසන්න කාලයේදී හඳුනාගෙන තිබූ අතර, ඔහු සහරාන් සහ ඔහුගේ කණ්ඩායම සමඟ ළඟ සම්බන්ධතාවකින් කටයුතු කර ඇති අයෙකි. සහරාන්ගේ රැස්වීම් පැවැත්වීමට අවශ්‍ය වන ශබ්ද විකාශන බලපත්‍ර පොලීිසියෙන් රැගෙන දීමට කටයුතු කර ඇත්තේ ෂිබ්ලි ෆාරුක් විසිනි. රිල්වාන් තුවාල ලැබූ අවස්ථාවේදී රවුෆ් හකීම් සමඟ ඔහුව බැලීමට රෝහලටද ගොස් ඇත. සහරාන් සහ ජාතික තව්හිද් ජමාත් සංවිධානය දේශපාලන අනුග්‍රහය ෂිබ්ලි ෆාරුක්ගෙන් 2017 වර්ෂයේ සිට ලබාගෙන ඇත. ෂිබ්ලි ෆාරුක්ට එරෙහිව කිසිවක් සඳහන් කිරීමට හෝ කිසිදු නිර්දේශයක් ලබා දීමට පාස්කු කොමිසම කටයුතු කර නැත.
(iv) අසාද් සාලි
පාස්කු කොමිසම් වාර්තාව, මාවනැල්ල සිද්ධිය සමඟ අසාද් සාලිගේ සම්බන්ධය හඳුනා ගෙන තිබෙන අතර, වනාතවිල්ලුවේදී අත්අඩංගුවට ගත් නෆ්රිත් සහ නවිත් නිදහස් කර ගැනීමට මැදිහත් වූ බවද හඳුනාගෙන තිබේ. (පාස්කු කොමිසම් වාර්තාව පිටුව 118). නෆ්රිත් සහ නවිත් යනු මුෆීස්ගේ මස්සිනාවරුන් වන අතර, ඔවුන් වනාතවිල්ලුවේදී අත්අඩංගුවට ගනු ලැබුවේ පුපුරන ද්‍රව්‍ය සහ බෝම්බ සකස් කරන ආකාරය පිළිබඳව ඉංග්‍රීසියෙන් ලියන ලද සටහන්ද සමඟය. අසාද් සාලි, නෆ්රිත් සහ නවිත් යන සැකකරුවන් දෙදෙනා නිදහස් කර ගැනීමට මැදිහත් වී ඇති බව අනාවරණය විය. අසාද් සාලි දෙහිවල ට්‍රොපිකල් ඉන් හෝටලයේදී මරාගෙන මැරුන ජමීල් මොහොමඩ්ගේ පියා වූ අබ්දුල් ලතීෆ්ගේ මස්සිනාවූ තාසිම් මවුලවිගෙන් මාවනැල්ල සිද්ධිය සම්බන්ධයෙන් විමසීම් කර ඇති බවද අනාවරණය විය. තාසිම් මවුලවිගෙන් ලැබුණු තොරතුරුවලට අනුව අසාද් සාලි වහාම පොලිස්පති පූජිත් ජයසුන්දර සහ ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු සම්බන්ධ කර ගත් අතර, ඔවුන් දෙදෙනා හමුවීමට අවස්ථාව ඉල්ලා ඇත. එහිදී අසාද් සාලි පොරොන්දු වී ඇත්තේ එම දිනය ඇතුළත මාවනැල්ල සිදුවීමට අදාළ ප්‍රධාන සැකකාර සහෝදරවරුන් දෙදෙනා අදාළ බලධාරින් වෙත මවුලවිවරයා විසින් භාර කරන බවයි. නමුත් ඔහුගේ පොරොන්දුව ඉටු කිරීම සිදු වූයේ නැත. මෙවැනි මැදිහත්වීම් ස්වාධීන පොලිස් පරීක්ෂණ සිදු කිරීමට බාධා වේ. (පාස්කු කොමිසම් වාර්තාව පිටුව 122-123 ) සහරාන් විසින් තමන්ට ඉල්හාම්ගෙන් ලැබුණු රුපියල් ලක්ෂ 5ක මුදල මාවනැල්ල සිද්ධියට අදාළ සැකකරුවන් නිදහස් කර ගැනීමට මුෆීස්ගේ බිරිඳ වෙත ලැබෙන්නට සලස්වා තිබුණි.
මෙම සියල්ලෙන්ම තහවුරු වන්නේ මාවනැල්ල සහ වනාතවිල්ලුව සිද්ධීන්ට සම්බන්ධ ප්‍රධාන සැකකරු සමඟ අසාද් සාලිට ඉතා කිට්ටු සම්බන්ධතා තිබී ඇති බවයි. කෙසේ වුවද පාස්කු කොමිසම අසාද් සාලි ත්රස්තවාදීන් සමඟ පැවැත්වූ සම්බන්ධතා පිළිබඳව කිසිදු විමසීමක් හෝ පරීක්ෂණයක් කිරීමට උත්සුක වී නැත. එලෙසම අසාද් සාලිගේ ත්‍රස්ත සම්බන්ධතා පිළිබඳව කිසිදු නිර්දේශයක් හෝ පාස්කු කොමිසම නිකුත් කර නැත. පාස්කු කොමිසම කර ඇති එකම නිර්දේශය වන්නේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු, පළාත් සභා මන්ත්‍රීවරයෙකු හෝ පළාත් පාලන මන්ත්‍රීවරයෙකු, අත්අඩංගුවේ හෝ බන්ධනාගාරගත කර සිටින ත්‍රස්ත සැකකරුවෙකු සම්බන්ධයෙන් පොලීසිය සිදුකරන විමර්ශනයකට අදාළව කරනු ලබන මැදිහත්වීම් අපරාධ වරදක් ලෙස සලකන නීති සම්පාදනය කරන ලෙසයි. (පාස්කු කොමිසම 124 පිටුව) අසාද් සාලි මේ වන විට අත්අඩංගුවේ පසු වුවද ඒ පාස්කු කොමිසමේ නිර්දේශ අනුව සිදු වූවක් නොවේ.
(v) එම්.එල්.ඒ.එම්. හිස්බුල්ලා
හිස්බුල්ලා කාත්තන්කුඩිය අරාබිකරණය කිරීම පිණිස දැවැන්ත කාර්යභාරයක් කළ පුද්ගලයෙකි. ඔහුගේ දැක්මට අනුව ඉස්ලාම් ධර්මය ඇදහීමේ නිවැරදි ක්‍රමවේදය වන්නේ වහාබ්වාදයේ ඉගැන්වීම් අනුගමනය කිරීමයි. ඔහු සමහර අවස්ථාවලදී ප්රචණ්ඩ අන්තවාදී ක්‍රියා පිළිවෙත් සම්බන්ධයෙන් අදහස් දක්වා තිබේ. ඔහුගේ සගයන් වන්නේ ආදම් ලෙබ්බේ මොහමුදු මුම්තාස් සහ ආචාර්ය සාරික් නායික් වැනි අයයි. මෙම ආදම් ලෙබ්බේ මොහමුදු මුම්තාස් නම් පුද්ගලයා තවුහිද් අනුගාමිකයෙක් වන්නා සේම, අයි.එස්. (ෂික්පසජ ීඒඑැ) මතවාද දරන්නන්ගේ හිතවතෙකි. ආචාර්ය සාරික් නායික් යනු අන්තවාදී මත ප්‍රචාරය කරන්නෙකු මෙන්ම “පීස් ටී.වී. (ඡැ්ජැ ඔඪ)” නම් රූපවාහිනී නාලිකාවේ අයිතිකරුයි. ඔහුගේ “පීස් ටී.වී. (ඡැ්ජැ ඔඪ)” රූපවාහිනි නාලිකාව ඉන්දියාවේ සහ බංග්ලාදේශයේ තහනම් කෙරුණි. පාස්කු කොමිසම, කාත්තන්කුඩි ප්‍රදේශයේ අන්තවාදය පතුරුවා හැරීමට හිස්බුල්ලා පහසුකම් සලසා ඇති බව හඳුනාගෙන තිබුණි. (පාස්කු කොමිසම් වාර්තාව 342-343 පිටු)
කෙසේ වුවද පාස්කු කොමිසම හිස්බුල්ලාට දඬුවම් නිර්දේශ කර නොතිබුණි.
(vi) අබ්දුල් රාසික්
අබ්දුල් රාසික් යනු ශ්‍රී ලංකා තවුහිද් ජමාත් සංවිධානයේ ලේකම්වරයා ලෙස 2005 සිට කටයුතු කළ පුද්ගලයායි. 2014 මැයි මාසයේදී ඔහු “ත්‍රිවිධ රත්නය යනු මැණික් ගල් තුනක් බවත් බුදුන් වහන්සේ මිනී මස් අනුභව කළ බවත්” පවසා සිටියේය. ඔහුගේ මෙම ප්‍රකාශවලට විරුද්ධව පොලිසිය විසින් කොළඹ මහේස්ත්‍රාත් උසාවියේ ඊ7467/1/14 යටතේ නඩු පවරනු ලැබිණි. නමුත් අද වන විට වර්ෂ හතක් ගතවී තිබුනද ඔහුට විරුද්ධව චෝදනා ඉදිරිපත් කර නැත. අදාළ නඩු ගොනුව මීට වසර තුනකට පෙර නීතිපතිට යොමු කර තිබුණි. වසර 2017 දී අබ්දුල් රාසික් දෙහිවලදී ප්‍රකාශ කර සිටියේ අයි.එස්. යනු ඉස්ලාමයම බවයි. ව්‍යවස්ථාවේ බුද්ධාගමට ප්‍රමුඛස්ථානය ලබාදීමට එරෙහිව ඔහු විවෘතවම මත පළ කරයි. සාරා නමැත්තිය ඉස්ලාම් ආගමට හැරවීමට මැදිහත් වී ඇත්තේ මෙම අබ්දුල් රාසික්ම බව කරුණු ඔප්පු වී තිබේ. ඔහු සාරාට විවාහ කර දීමට හස්තුන්ව තෝරා ගත්තා පමණක් නොව, විවාහයේදී දෙනු ලබන දෑවැද්ද හෙවත් “මහර්” ලබා දීමටද කටයුතු කළේය. ශරියා නීතිය ක්‍රියාත්මක කළ යුතු බවට ඔහු කොළඹදී දැවැන්ත උද්ඝෝෂණයක් සංවිධානය කර තිබුණි. පාස්කු කොමිසම කළ එකම නිර්දේශය වන්නේ “නීතිපතිවරයා, මොහුට විරුද්ධව කඩිනමින් අපරාධ චෝදනා එල්ල කළ හැකිදැයි සොයා බැලිය යුතුයි” යන්නයි. (පාස්කු කොමිසම් වාර්තාව 429 වන පිටුව )
* නමුත් පාස්කු කොමිසම ගලගොඩඅත්තේ ඥානසාර හිමිට විරුද්ධව 2007, අංක 56 0ත්, සිවිල් සහ ජාත්‍යන්තර සම්මුතීන් පිළිබඳ පනතේ ප්‍රතිපාදන ප්‍රකාරව නඩු පැවරීමට කළ නිර්දේශ අබ්දුල් රාසික් සම්බන්ධයෙන් අදාළ කරගෙන නැත.
(vii) ගලගොඩඅත්තේ ඥානසාර හිමි
පාස්කු කොමිසම ගලගොඩ අත්තේ ඥානසාර හිමි සම්බන්ධයෙන් කළ සොයා ගැනීම් සහ ඒවාට අදාළ නිර්දේශ : බොදු බල සේනා සංවිධානය ආගමික සහජීවනයට තර්ජනයක් වන නිසා තහනම් කළ යුතුය. මුස්ලිම් තරුණයන් රැඩිකල් බවට පත් කිරීමට උන්වහන්සේගේ ප්‍රකාශ සහ ක්‍රියා හේතු වී තිබේ. නීතිපතිවරයා, උන්වහන්සේ 2014 ජූනි 19 වනදා අළුත්ගමදී සහ 2013 පෙබරවාරි 17 වන දා මහරගමදී කළ ප්‍රකාශ සම්බන්ධයෙන් 2007, අංක 56 0ත්, සිවිල් සහ ජාත්‍යන්තර සම්මුතීන් පිළිබඳ පනතේ ප්‍රතිපාදන ප්‍රකාරව අපරාධ චෝදනා ගොනු කිරීමට කටයුතු කළ යුතුයි.
*යම් පුද්ගලයෙකුට 2007, අංක 56 0ත්, සිවිල් සහ ජාත්‍යන්තර සම්මුතීන් පිළිබඳ පනතේ ප්‍රතිපාදන ප්‍රකාරව නඩු පැවරූ විට එම පුද්ගලයාට ඇප ලබා ගැනීමට නොහැකි අතර, දඬුවම බරපතළ වැඩ ඇතිව සිරදඬුවම වේ.
2007, අංක 56 0ත්, සිවිල් සහ ජාත්‍යන්තර සම්මුතීන් පිළිබඳ පනතේ ප්‍රතිපාදන 3(3) අ ප්‍රකාරව යම් පුද්ගලයෙකු පනතේ විස්තර කරන වරදක් කර ඇත්නම් එම පුද්ගලයා සම්බන්ධ නඩු කටයුත්ත මහාධිකරණයේදී විමසීමට ලක් කරනු ලබන අතර, වරදකරු වුවහොත් වසර දහයක් නොඉක්මවන සිර දඬුවමකට යටත් වේ.
– මෙම පනතේ ප්‍රකාරව අත්අඩංගුවට පත්වන අයෙකුට ඇප හිමි නොවන අතර, මහාධිකරණය විශේෂිත අවස්ථාවලදී හැර ඇප ලබාදීමේදි අදාළ චෝදනාව සම්බන්ධයෙන් අර්ථ දැක්වීම් ලබා දිය හැකිය.
*පාස්කු කොමිසම වෙනත් කිසිදු පුද්ගලයෙකුට 2007, අංක 56 0ත්, සිවිල් සහ ජාත්‍යන්තර සම්මුතීන් පිළිබඳ පනතේ ප්‍රතිපාදන ප්‍රකාරව අධි චෝදනා භාර දීමට නිර්දේශ නොකරයි. ඒ අනුව ඥානසාර හිමි පමණක් මෙම කටුක නීතියට යටත් කරන්නේ මන්ද යන කාරණය කෙනෙකුට පැන නැගීම අතිශය සාධාරණ ය.
සමහර භෞතික කාරණා සම්බන්ධයෙන් පාස්කු කොමිසමේ අසම්පූර්ණ සොයා ගැනීම් සහ නිර්දේශ නොමැතිකම
පහත දැක්වෙන අත්‍යවශ්‍ය ප්‍රායෝගික වැදගත්කමක් ඇති කාරණා සම්බන්ධයෙන් පාස්කු කොමිසම සම්පූර්ණ විමර්ශනයක් කර නොමැති අතර, ඒ වෙනුවෙන් කළ යුතු නිර්දේශ නිකුත් කිරීමටද අපොහොසත් වී තිබේ.
(1) භයානක විදේශ ත්රස්තවාදීන් සමඟ සම්බන්ධතා පැවැත්වූ පුද්ගලයෝ
යූසුෆ් අල් ක්වාඩවි යනු ඊජිප්තුවේ “මුස්ලිම් සහෝදරත්වය” සංවිධානයේ භක්තිමත් සාමාජිකයෙකි. මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාර මූලධර්ම සම්බන්ධයෙන් කැපවූ අයෙකි. (පාස්කු කොමිසම් වාර්තාවේ 52 වන පිටුව) යූසුෆ් අල් ක්වාඩවිට එංගලන්ත රජය 2008දීත්, ප්‍රංශ රජය 2012දීත් එම රටවලට ඇතුළත් වීම තහනම් කරන ලද්දේය. (පාස්කු කොමිසම් වාර්තාවේ 52 වන පිටුව) ඊජිප්තුවේ කොළඹ පිහිටි ශ්‍රී ලංකා තානාපති කාර්යාලය 2020 ජූනි 15 වන දින මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් පවසා සිටියේ යූසුෆ් අල් ක්වාඩවි යනු ඊජිප්තුවේ තහනම් කරන ලද “මුස්ලිම් සහෝදරත්වය” නම් සංවිධානයේ “මූල ප්රභවය” ලෙස හඳුනාගෙන ඇති බවත්, ඔහු අන්තර් ආගමික වෛරය පැතිරවීම සහ ප්රචණ්ඩත්වය වපුරවන “කල්ට්” සංස්කෘතිය පතුරුවා හැරීමට කටයුතු කර ඇති බවත්ය. ඔහුගේ ඊජිප්තු පුරවැසිභාවය අහෝසි කර ඇති බවත් ඊජිප්තු අධිකරණය ඔහුට ජීවිතාන්තය දක්වා සිර දඬුවම් නියම කර ඇති බවත් එම නිවේදනය මගින් පවසා සිටී. (පාස්කු කොමිසම් වාර්තාවේ 54 වන පිටුව)
පාස්කු කොමිසමට, 2013 අප්‍රේල් 28 වන දින ශ්‍රී ලාංකිකයන් තිදෙනෙකු යූසුෆ් අල් ක්වාඩවි සමඟ පෙනී සිටි ඡායාරූපයක් ලැබී තිබුණි. එම ඡායාරූපයේ යූසුෆ් අල් ක්වාඩවි සමඟ පෙනී සිටි ශ්‍රී ලාංකිකයන් තිදෙනා වන්නේ ඉනාමුල්ලා, නායිමුල්ලා සහ මධ්‍යම පළාත් සභාවේ හිටපු පළාත් සභා මන්ත්‍රී මුස්ලිම් කවුන්සිලයේ සභාපති වූ එන්.එම්. අමීන් යන අයයි.
* කාලය පිළිබඳ ප්රශ්නය ඉස්මතුවන බැවින් ඔවුන් පිළිබඳ සොයා බැලීමක් පාස්කු කොමිසම විසින් කර නොතිබුණි, නමුත් මෙම තිදෙනා යූසුෆ් අල් ක්වාඩවි සමඟ තිබෙන සම්බන්ධය පිළිබඳව සොයා බැලීමක් කළ යුතු බවට නිර්දේශ කර තිබුණි. (පාස්කු කොමිසම් වාර්තාවේ 54 පිටුව )
(2) අධ්‍යාපනය තුළින් නිල වශයෙන් ත්‍රස්තවාදය ප්‍රචලිත කිරීම
අධ්‍යාපන අමාත්‍යාංශය විසින් මුද්‍රණය කරනු ලැබ ප්‍රකාශයට පත් කර ඇති දෙමළ භාෂාවෙන් රචිත “ඉස්ලාම් සභ්‍යත්වය” විෂයට අදාළ 12 වන ශ්‍රේණියේ ගුරු අත් පොතෙහි 79 වන පිටුවෙහි යූසුෆ් අල් ක්වාඩවිගේ ප්‍රකාශ උපුටා දක්වා ඇත. එලෙසම “ඉස්ලාම්” විෂයට අයත් 13 වන ශ්‍රේණියේ සිංහල ගුරු අත් පොතෙහි පිටු අංක 44, 63, 109 සහ 123 යන පිටුවල යූසුෆ් අල් ක්වාඩවිගේ ප්‍රකාශ උපුටා දක්වා ඇත. එලෙසම “ඉස්ලාම්” විෂයට අයත් 12 වන ශ්‍රේණියේ සිංහල ගුරු අත් පොතෙහි පිටු අංක 72හි යූසුෆ් අල් ක්වාඩවි විසින් ලියන ලද පොත පත වැඩිදුර කියවීම සඳහා නිර්දේශ කර ඇත. (පාස්කු කොමිසම් වාර්තාව 54 වන පිටුව )
12 වන සහ 13 වන ශ්‍රේණිවල “ඉස්ලාම් ධර්මය” සිංහල සහ දෙමළ ගුරු අත්පොත්වල නිර්දේශ කර ඇති අතිරේක කියවීම් පොත්වල බොහෝ අන්තවාදීන් විසින් ලියන ලද ලිපි කියවන ලෙස නිර්දේශ කර තිබේ. එම ඉස්ලාම් අන්තවාදීන් වන්නේ ්ඉමක ්ක් ඵ්මාමාසල ූහහසප ්ක න්්අ‘සහහ්, මුස්ලිම් සහෝදරත්වය සංවිධානයේ ඵදයදපපැා ්ක-ඨය්‘්කස සහ මුස්ලිම් සහෝදරත්වය සංවිධානයේ ඍ්ජයස ්ක-ඨය්බබ්දමජයස යන අයයි.
මෙම “මුස්ලිම් සහෝදරත්වය” සංවිධානය ඊජිප්තුවේ තහනම් කරන ලද ත්‍රස්තවාදී සංවිධානයකි.
“මුස්ලිම් සහෝදරත්වය” සංවිධානයේ ඉගැන්වීම් වන්නේ “රාජ්‍යය බලය නොමැතිව ඉස්ලාමය යථාර්ථයක් කළ නොහැකිය. රාජ්‍යය බලය සහ ඉස්ලාමය යනු නිවුන් සහෝදරයන්ය.” ඔවුන්ගේ පරමාර්ථය ආගම පමණක් නොව සමස්ත භූමිය සහ රාජ්‍ය පාලන බලයයි. (පාස්කු කොමිසම් වාර්තාව 54-57 පිටු )
*පාස්කු කොමිසම මෙම අන්තවාදී ඉගැන්වීම් ගුරු අත්පොතට ඇතුළු වූයේ කෙලෙසද කියා සොයා බැලීමක් කර නැත. එලෙසම මෙම ඉගැන්වීම් මගින් දරුවන්ට සහ ගුරුවරුන්ට සිදුවන හානිය පිළිබඳ විමර්ශනය කිරීමක්ද කර නැත.
*පාස්කු කොමිසම කර ඇති එකම නිර්දේශය වන්නේ මෙම ඉගැන්වීම් අදාළ අධ්‍යාපන ග්රන්ථවලින් ඉවත් කිරීම පමණි.
*කෙසේ වුවද පාස්කු කොමිසම මෙම අන්තවාදී ඉගැන්වීම් පාසල් ගූරු අත්පොතට ඇතුළත්කිරීමට දායක වූ පුද්ගලයන් එම තනතුරුවලින් ඉවත් කිරීම හෝ ඔවුනට විරුද්ධව ත්‍රස්තවාදී කටයුතු ප්‍රවර්ධනය සම්බන්ධයෙන් අධිකරණ ක්‍රියාමාර්ග ගැනීමට නිර්දේශ නොකිරීම සම්බන්ධව කෙනෙකුට ගැටලුවක් පැන නැගිය හැකිය.
(03) ගුවන් විදුලි සංස්ථාව මගින් වහබ්වාදය ප්‍රචලිත කිරීම
ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාව ඉතා දිගු කලක සිට වහාබ්වාදී වැඩසටහන් ප්‍රචාරය කිරීම සම්බන්ධයෙන් පාස්කු කොමිසම වෙත කරුණු අනාවරණය වූයේය. අයි.එස්. මතවාදයට එරෙහිව මත දක්වන පුද්ගලයන්ට සහ වහාබ්වාදයට එරෙහිව මත දක්වන පුද්ගලයන්ට කිසිදු ආකාරයකින් ගුවන් කාලය වෙන් නොකිරීමට ගුවන් විදුලි සංස්ථාව වග බලාගෙන තිබුණි. අහමඩ් මුන්වර් නමැත්තෙකු ශ්‍රී ලංකා ජමාත් ඉස්ලාමි සංවිධානයේ ඉල්ලීම මත මෙම සීමා කිරීම් කර ඇති බවට කරුණු අනාවරණය විය. මෙම අහමඩ් මුන්වර්ගේ පුත්‍රයා විවාහ වී ඇත්තේ දෙහිවල ට්‍රොපිකල් ඉන් හෝටලයේදී මරාගෙන මැරෙන ප්‍රහාරය එල්ල කළ ජමීල්ගේ සහෝදරියක් සමගය.
*පාස්කු කොමිසම් වාර්තාව පවසා සිටින්නේ කාලය පිළිබඳ ප්රශ්නය හේතුවෙන්, අහමඩ් මුන්වර්ට එරෙහිව කරුණු සොයා බැලීමට නොහැකි වූ නමුත් ඔහු ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාව තුළ කර ඇති ක්‍රියා සම්බන්ධයෙන් විමර්ශනය කරන ලෙසට නිර්දේශ කර ඇත. (පාස්කු කොමිසම් වාර්තාව 58 පිටුව)
(4) ශ්‍රී ලංකාවේ රාජ්‍යතාන්ත්‍රික නිලධාරීන්ට අයි.එස්. ත්රස්තවාදීන් ප්‍රහාරයකට සූදානම් වීම සම්බන්ධයෙන් ලැබුණු තොරතුරු සැඟවීම
2018 වර්ෂයේ අගෝස්තු මස 10 වන දින පාකිස්ථානු බලධාරීන් පාකිස්ථානයේ ශ්‍රී ලංකා මහ කොමසාරිස් කාර්යාලයට ඉතා වැදගත් ශ්‍රී ලංකාවේ ආරක්ෂාවට අදාළ තොරතුරක් ලබා දුන්නේය. එම තොරතුරට අනුව අයි.එස්. “ඔන් ලයින්” ජාලයට සම්බන්ධ ශ්‍රී ලංකාවේ ක්‍රියාශීලී සාමාජිකයෙකු පහසුවෙන් සපයාගත හැකි රසායන ද්‍රව්‍ය උපයෝගී කරගනිමින් බෝම්බ නිෂ්පාදනය කිරීමට සූදානම් වන බව අනාවරණය කර තිබුණි. ජිහාඩ් සංවිධානයට අයත් උපකරණ තොගයක් සැකකරුවෙකු වෙතින් සොයා ගෙන තිබුණු අතර, ඒවා අතර තිබී බෝම්බ සෑදීමට ගන්නා ද්‍රව්‍ය පිළිබඳ ලයිස්තුවක්ද සොයා ගෙන තිබුණි. සැකකරුවන්ගේ පින්තූර කිහිපයක්ද ලබා දීමට කටයුතු කර තිබුණි. එහෙත් මෙම තොරතුරු ශ්‍රී ලංකාවේ ආරක්ෂක අංශ බලධාරින් වෙත ලැබී තිබුණේ නැත. (පාස්කු කොමිසම් වාර්තාව 76 පිටුව )
*පාකිස්ථානු රජය මෙම තොරතුරු පාකිස්ථානයේ ශ්‍රී ලංකා මහ කොමසාරිස් කාර්යාලයට ලබා දී තිබුණේ 2018 අගෝස්තු මාසයේදී හෙවත් පාස්කු ප්‍රහාරයට මාස අටකට පමණ පෙරදීය. එලෙසම එවකට අමාත්‍යවරයෙකු වූ විජේදාස රාජපක්ෂ මහතා 2016 නොවැම්බර් මාසයේදී සිරියාවේ අයි.එස්. ත්රස්තවාදීන් සමඟ සම්බන්ධකම් පවත්වන ශ්‍රී ලාංකිකයන් 32 සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේදී තොරතුරු අනාවරණය කිරීමෙන් පසුව පාකිස්ථානය අදාළ තොරතුරු පාකිස්ථානයේ ශ්‍රී ලංකා මහ කොමසාරිස් කාර්යාලයට ලබා දී තිබීමද සැලකිය යුතු විශේෂත්වයකි.
*මෙම තොරතුර ශ්‍රී ලංකාවේ ආරක්ෂක අංශ වෙතට ලබා දී තිබුණේ නම් ඔවුනට ආරක්ෂක පියවරයන් අනුගමනය කිරීමට ඉඩ තිබුණි. මෙතරම් වැදගත් ආරක්ෂක තොරතුරක් ආරක්ෂක අංශ වෙත ලබා දීමට කටයුතු නොකිරීම පාස්කු ප්‍රහාරයට දායක වීමක් ලෙස සැලකිය හැකිය.
* මෙම තොරතුරු ශ්‍රී ලංකා රජයට ලබා නොදී රඳවා තබා ගත් පාකිස්ථානයේ ශ්‍රී ලංකා මහ කොමසාරිස් කාර්යාලයේ සේවය කළ නිලධාරීන් කවුද? ඔවුන් තවමත් ශ්‍රී ලංකාවේ විදේශ දූත සේවාවල සේවය කරනවාද? ඔවුන් මෙම තොරතුර ශ්‍රී ලංකා රජයට ලබා දීමට කටයුතු නොකළේ කුමන හේතුවක් නිසාද? එම නිලධාරින් අයි.එස්. ත්රස්තයන් සමඟ හෝ වහාබ්වාදය පතුරුවා හරින්නන් සමඟ සබඳතා පවත්වන්නවුන්ද? මෙම සියලු කාරණා නිරාවරණය කර ගත යුතුය.
*පාස්කු කොමිසම පාකිස්ථානු මහකොමසාරිස් කාර්යාලයේ එම නිලධාරීන්ගේ අසමත්භාවය සම්බන්ධව කිසිදු ආකාරයකින් විමසීමක් කිරීමට කටයුතු කර නැත.
* කොමිසම කර ඇති එකම නිර්දේශය වන්නේ මෙම ප්‍රමාද දෝෂය සම්බන්ධයෙන් විමර්ශනයක් කළ යුතුය යන්න පමණි. (පාස්කු කොමිසම 154 වන පිටුව )
පරිවර්තනය ජීවන්ත ජයතිස්ස
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...