පුරවැසි කොලම

ඉකුත් ජනවාරි 08 යහපාලන දෙමුහුන් රෙජීමය බලයට පත්වන්නේ , හොරකම , වංචාව , දූෂණය පිටුදැකීමට ප්‍රතිඥා දෙමිනි. එලෙසම හොරු ඇල්ලීම ද යහපාලකයන් ගේ ප්‍රමුඛ ප්‍රතිඥාවකි. ගෙවීගිය වසර 3 1/2 ක කාලය තුල යහපාලනය සිය රාජ්‍ය පාලනයෙන් වැඩි කාලයක් වෙන්කලේ හොරු ඇලීම වෙනුවෙනි.

නමුත් ප්‍රශ්නය වන්නේ සැබෑවටම අල්ලන්නේ හොරුන් ද ?. යන්නයි. හොරු ඇල්ලීම නම් ජනප්‍රිය සටන්පාඨයට මුවා වී ,දේශපාලන ප්‍රතිවාදීන් ගෙන් පලිගැනීමට ආණ්ඩුව කාලය මිඩංගු කර තිබෙන බවට ඒකාබද්ධ විපක්ෂ චෝදනා කරයි. සැබවින්ම , මේ ගෙවීගිය වසර 3 1/2 ක කාලයට ආණ්ඩුව ඇල්ලූ හොරෙක් නැත. මහින්ද රාජපක්ෂ ප්‍රමුඛ රාජපක්ෂ පවුලේ සාමාජිකයන් FCID ,CID ,විශේෂ ජනාධිපති විමර්ශන කොමිෂන් වෙත පමුණුවමින් හා රිමාන්ඩ් බන්ධනාගාර ගත කරමින් ඔවුන් වෙතින් පලිගැනීම ආණ්ඩුවේ දේශපාලන මොඩලයක් වී තිබේ.

එලෙසම , ඉකුත් ආණ්ඩුවේ ප්‍රභල දේශපාලන චරිත හා එම ආණ්ඩුවේ වගකීම දැරූ නිලධාරීන් ද , මෙලෙස ගෙවී ගිය වසර 3 1/2 ක කාලයට පලිගැනීම් වලට ලක්ව ඇත. ලාංකීය දේශපාලනයේ එක්තරා ආකාරය නව මොඩලයක් බවට මේ පලිගැනීම් ආකෘතිය පත්ව තිබේ.

1970 පමණ ඈත අතීතයකට ලාංකීය දේශපාලන පලිගැනීම් ඉතිහාසය දිවයන්නේ ය.මැතිවරණයකින් පවතින ආණ්ඩුව පරාජය වී නව ආණ්ඩුවක් පත්වීමත් සමග , දේශපාලන ප්‍රචාන්ඩ ක්‍රියා හා ප්‍රතිවාදීන් ගෙන් පලිගැනීම් සිදුකරන නොදියුනු දේශපාලන අසංස්කෘතියක් මේ රටේ පැවතුනි. 1977 එක්සත් ජාතික පක්ෂය බලයට පැමිණීමත් සමග, නොනිල වශයෙන් සතියක කාලයක් පොලීසියට නිවාඩු දී , ප්‍රතිවාදී, ශ්‍රි ලංකා නිදහස් පාක්ෂිකයින්ගෙන් පලිගැනීම් සිදු කලේය. එසේ පලිගැනීම් සිදුවුව ද ඒවා යම් කාලයක් තුල අවසන් වූයේ ය.

නමුත් ජනවාරි 08න් පසු පලිගැනීම සංවිධානාත්මක වී තිබේ. ඊට නෛතික මුහුණුවක් ද ලැබී තිබේ. යහපාලන රෙජීමය බලයට පත්වීමෙන් අනතුරුව පොලීසියේ මේ අරමුණ සඳහා ම වෙනම පොලිස් කොට්ඨාසයක් ස්ථාපිත කලේ ය. එය පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාස හෙවත් FCID වේ. මේ ඒකකයේ නිත්‍යානුකූල භාවය මෙරට නීතී විශාරදයන් මෙන්ම විදේශීය නීතී විශාරදයන් ද ප්‍රශ්න කර ඇති අතර , මහා බ්‍රිතාන්‍යයේ ප්‍රකට රැජින නීතිඥවරයකු වන ස්ටීවන් හාවි ප්‍රකාශ කරන්නේ මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය නිත්‍යානුකූල ආයතනයක් නොවන බවයි.

මෙහි පැමිණිලි ඉදිරිිපත් කිරීමේ පටිපාටිය සාමාන්‍ය ක්‍රමවේදයෙන් බැහැර වන අතර ,විශේෂ කමිටුවක් විසින් අදාල පැමිණිලි විමර්ශනයට FCID ය වෙත බාරදෙනු ලැබේ. අගමැති ,විපක්ෂ ප්‍රධාන සංවිධායක ඇතුලු කණ්ඩායමක් විමර්ශන කටයුතු සඳහා මේ ආයතනයට පැමිණිලි ඉදිරිපත් කරනු ලබන්නේය. දේශපාලන ප්‍රතිවිරුද්ධ තාවය මතම ගෙවීගිය අවසර 3 1/2 ක කාලය තුල මේ ආයතනය ක්‍රියා කර තිබෙව ඔවුන්නේ ක්‍රියාකාරකම් හා අදාල සිද්ධි අද්‍යනයේදී මැනවින් පෙනී යන්නේය.

රටක නීතිය හා පිලිවෙල ( LOW AND ORDER ) ක්‍රියාත්මක වීමේ දී ඒ තුල සමානාත්මතාවයක්, ස්වාධීනත්වයක් , විනිවිදභාවයක් ,සාධාරණත්වයක් පැවතිය යුතුය. නමුත් ඉකුත් වසර 3 1/2 ක කාලය තුල ” හොරු ඇල්ලීම ” නම් වූ ජනප්‍රිය සටන් පාඨයට මුවා වී යහපාලන දෙමුහුන් රෙජීමය ස්වකීය දේශපාලන ප්‍රතිවාදීන් වෙතින් පලිගැනීමටහොරු ඇල්ලීම නම් “අලංකාරිකය ” භාවිත කර තිබේ.

ඉකුත් පාලන සමයේ හොරකම් , වංචා ,දූෂණ සිදුවී ඇත්නම් ඒවා සොයා බැලිය යුතුය. එලෙසම එවැනි සිද්ධීන් ට සම්බන්ධවූවන් නීතිය හමුවට පැමිණ වීම ද කලයුතුය. නමුත් මේ කරන හොරු ඇල්ලීම නම් වූ විගඩම නිසා සිදු වී ඇත්තේ , සැබෑ හොරුන් අල්ලා ගැනීමට ද නොහැකි වීමය. හොරු ඇල්ලීමට බලයට ආ ආණ්ඩුව අවසානයේ , හොරුන් විසින් අල්ලාගෙන තිබේ. මහා බැංකු බැඳුම්කර සිද්ධියට ඍජුවම චෝදනා එල්ල වී ඇත්තේ ආණ්ඩුවේ ඉහලම වගකිව යුත්තන්ට ය. පොලිස් මූල්‍ය අපරාධව කොට්ඨාස ය මහ බැංකු හොරුන් සම්බන්ධයෙන් අනුගමන කරන්නේ දැඩි නිහඬතාවයකි.

නීතිය ක්‍රියාත්මක වීම මෙසේ විෂම වෙද්දී , අධිකරණ ක්‍රියාවලියේ වන්නාවූ පරස්පරතා හා විෂමතා පිලිබඳව ද නීතී ක්ශේත්‍රයේ දැඩි කතාබහකට ලක් වී තිබේ. සාමාන්‍ය කාලයෙන් බහැරව උසාවිකටයුතු සිදුවීම , පෝය හා නිවාඩු දිනවල වැඩ දින වලදී මෙන් කටයුතු වීම , සුවිශේෂ පුද්ගලයන් රිමාන්ඩ් ගතකිරීම සදහා විවෘතව තැබීම ?. නීතී ක්ශේක්ත්‍රයේ කතාබහට ලක්වූ කාරනා ය. පොදු දේපල පනත යටතේ අත්ඩංගුවට පත් ඇතැම් වග උත්තරකරුවන් සම්බන්ධයෙන් අධිකරණ කටයුතු සිදුවූ ආකාරය විවිධත්වයක් ගනු ලැබූ බව නීතී ක්ශ්ක්ත්‍රයේ ප්‍රවීණයෝ පෙන්වා දෙති.

යහපාලන මූලධර්ම වලට කිසිසේත් අදාල නොවන අතිශය නග්න මුහුණුවරකින් පලිගැනීම් කිරීමට වත්මන් ආණ්ඩුව ක්‍රියාකර තිබේ. කලකට පෙර ඉතා අවිධිමත් ව සිදුකල හා කෙටිකාලයකින් අවසන් කල පලිගැනීම් යහපාලන රෙජීමය ඉතාම විධිමත්ව මෙන්ම සංවිධානාතම මුහුණුවරකින් දැන් සිදු කරනු ලැබේ.එලෙසම එහි ඇති විශේෂත්වය වන්නේ එහි වන්නා වූ අඛණ්ඩ තාවය යි.

මේ ආණ්ඩුව බලයට පත්ව වසර 3 1/2ක් ගෙවී ගොස් තිබේ මෙහි නිල කාලය අවසන් වීමට තව ඇත්තේ වසර 1 1/2කට නොඅඩු කාලයකි . ගෙවීගිය වසර 3 1/2 ටම මේ ආණ්ඩුව සිදු කොට ඇත්තේ , හොරු ඇල්ලීමේ මුවාවෙන් ස්ව්කීය දේශපාලන ප්‍රතිවාදීන් ගෙන් පලිගැනීම පමණි. මෙහි ඇති විශේෂත්වය වන්නේ මේ ගෙවීගිය වසර 3 1/2 ටම කිසිදු හොරෙක් මේ ආණ්ඩුව ට අල්ලාගැනීමට නොහැකි වීමය.

යහපාලන රෙජීමය පලිගැනීම නීත්‍යානුකූල කරතිබේ. පලිගැනීමට නෛතික රාමුවක් හා නෛතික වට පිටාවක් සකස් කර දී තිබේ. සකලවිධ පලිගැනීම් මේ නෛතික රාමුවත්, නෛතික වටපිටාවත් තුල සිදුවීම විශේෂත්වයකි.ආණ්ඩු විරෝධී මතධාරීන් මර්ධනයට ආණ්ඩුව භාවිත කරන මෙවලම , FCID ආයතනයයි.ප්‍රජාතන්ත්‍රවාදය ද අභියෝගයට ලක්කර ඇති යහපාලන රෙජීමය ,ආණ්ඩුවේ ජනතා විරෝධී ක්‍රියාකාරකම් වලට එරෙහිව ජනමතය ගොඩනගන නායකයින් මර්ධනය කරන අවිය බවට පත්කරගෙන ඇත්තේ, කිසිදු නෛතික හැඩතලයක් නැති පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය යි.

පොලිස්පති වරයාගේ ජනප්‍රිය ම , වචනයෙන් පවසන්නේ නම් , මේ වනාහී නීතිය නැවීමකි. එය නීතිය නැවීමකටත් වඩා නීතිය කන් කෙටියෙන් අල්ලා නීතියේ පශ්චාත් භාගයට පයින් ගැසීමකි. ගෙවී ගිය වසර 3 1/2 ක කාලයට නිලනොලත් සංඛ්‍යා ලේඛන වලට අනුව ඉකුත් රජයේ හිටපු ජනාධිපතිවරයා ගේ සිට 60,000 කට වැඩි පිරිසකට දේශපාලන පලිගැනීම සිදුකොට ඇත.

FCID වෙතකැඳවීම , ප්‍රශ්න කිරීම , රිමාන්ඩ් කිරීම ,විවිධ කොමිෂන් හමුවට පමුණුවාලීම,වැඩ තහනම් කිරීම, වැටුප් අත්හිටුවීම , සේවයෙන් නෙරපාහැරීම ,තනතුරු අහිමිකිරීම , ස්ථාන මාරු කිරීම , රැකියාව හැර යෑමට සැලැස්වීම යනු මේ පලිගැනීම් වල විවිධ ස්වරූපයන් ‍ ය. මේ පලිගැනීම දරාගත නොහැකිව ඇතැම් දෙනා ඉතතා අවාසනාවන්ත ලෙස මරණයට පත්වී තිබෙන අතර, ඇතැම් දෙනා අඝාතය, හදවත් ආබාධ වැනි රෝගී තත්වයන්ට පත්ව තිබේ. පලිගැනීම් ඉවසාගත් නොහැකිව සියදිවි හානිකරගත් ඇතැම් අනුවේදනීය කතා පුවත් ද මේ අතර වන්නේ ය.

මේ සෑම අයෙක්ම මෙසේ පලිගැනීම වලට ලක්ව ඇත්තේ , පුද්ගලික මට්ටමේ කාරනා නිසා නොවන බව පැහැදිලිය. මේ සියල්ලෝ මෙසේ පලිගැනීමට ලක්ව ඇත්තේ , ඉකුත් රජයේ රාජ්‍ය ප්‍රතිපත්තිය ක්‍රියාත්මක් කිරීමට කටයුතු කිරීම හේතුවෙනි. මෙහි ඇති භයානකම ප්‍රතිඵලය වර්තමානයේ සහ අනාගතයේ රාජ්‍ය ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කිරීමට රාජ්‍ය නිලධාරින් මැලිවීමය.

මේවන විට හිටපු ජනාධිපති ලේකම්වරයාට අච්චු කොට තිබේ. ඔහු සහ එම දඬුවමට ලක් වූ අනිත් රාජ්‍ය නිලධාරියා ඊට එරෙහිව අභියාචනයක් ඉදිරිපත් කර ඇත.තවත් රාජ්‍ය නිලධාරින් විශාල පිරිසකට එරෙහිව නෛතික කටයුතු ,පරික්ෂණ සිදුකෙරෙමින් පවති.වරදක් කල අයෙක් වෙත්නම් ඔහුට දඬුවම් නොකල යුතුයැයි මෙයින් අදහස් නොකරන අතර , මෙතැන ඇති ගැටළු වන්නේ දේශපාලන පදනමක් මත පිහිටා මර්ධනීය මෙවලමක ස්වරූපයෙන් මේ කටයුතු සිදුකිරීමය.

ගෙවීගිය වසර 3 1/2ක කාලය තුල පුද්ගලයන් 60 ,000 කට අඩික ප්‍රමාණයකින් මෙලෙස පලිගැනීම් සිදු කිරීමත් , ඔවුන් ගේ දරුවන් ,භාර්යාවන් ,ස්වාමිපුරුෂයින් මෙන්ම ඥතීන් වින්දිතභාවයට පත් කිරීම හරහා වක්‍ර ‍ වශයෙන් අවමව ලක්ෂ 3 කට ආසන්න පිරිසක් පලිගැනීම්වලට ලක්ව ඇත්තේ ය. ස්වකීය ස්වාමිපුරුෂයා,භාර්යාව, දරුවා , ඥාතියා හොරෙක්, දුෂිතයෙක්,රාජ්‍ය දේපල සොරාකෑ අයෙක් ලෙස ලෙස සමාජය ඉදිරියේ හංවඩු ගැසීම හරහා වින්දිත භාවයට පත් වන්නන්ට වන පිලිසරණ කුමක් ද?. මේ වනාහි අතිශය සංවේදී කතාවක් නොවන්නේද?.

රාජ්‍ය බලය උදෙසා කකරන සෑම ක්‍රියාවක් ම ” නූතන බල දේශපාලනයේ පියා ” ලෙස සැලකෙන මැකියාවෙල්ලී සාධාරණීකරණය කර ඇත . නමුත් හොරු අල්ලන මුවාවෙන් යහපාලන රෙජීමය කරන, සංවිධානාතමක මේ දේශපාලන දඩයම කිසිසේත් මැකියාවෙල්ලී විසින් හෝ සාධාරණීකරණය කරනු ඇතැයි සිතිය නොහැක.

මේ දේශපාලන දඩයම , මේ දේශපාලන පලිගැනීම එතරම් අවිනීතය, එතරම් ගුජ්ප්සාජනකය , එතරම් ම්ලේඡ්‍ ය. මේ සංවිධානාතමක දේශපාලන දඩයම පිටුදැකීමට සියලු බලවේග කදවුරු බැදීමට කාලය එලබ තිබේ. එසේ නොවන්නේ නම් 1989 – 1990 වැනි භීෂණකාරී යුගයක දැවැන්ත මානව දඩයමක් කල පරිද්දෙන් අතිවිශාල වූ සංහාරයකට යහපාලන රෙජිමය ඉදිරියේදී කටයුතු කරනු නොඅනුමානය .

ඉන්දික ජයරත්න



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More