දේශීය පුවත්

බටහිර රටවල් යුක්‍රේනයට සපයා ඇති අවි අයුද යුක්රේන හමුදාවේ ඉහළ නිලධාරින් විසින් පෝලන්තය, රුමේනියාව සහ අනෙකුත් ප්‍රාන්තවල ජාවාරම්කරුවන්ට අලෙවි කරන බව ප්‍රවීණ ඇමරිකානු මාධ්‍යවේදියෙකු වන සේමූර් හර්ෂ් ප්‍රකාශ කරයි.

පුලිට්සර් ත්‍යාගලාභියෙකු වන සේමූර් හර්ෂ්, අෆ්ෂින් රත්ටන්සි මාධ්‍යවේදියා මෙහෙයවන “Going Underground”  වැඩසටහනට අදහස් දක්වමින් කියා සිටියේ, අතුරුදහන් වූ ආයුධ නැව්ගත කිරීම් පිළිබඳ සමහර වාර්තා එක්සත් ජනපද මාධ්‍යවල පවා පළ වී ඇති බැවින් බටහිර මෙම කළු වෙළඳපොල සම්බන්ධයෙන් දැනුවත් බවයි.

තම අදහස් දැක්වීම අතරතුර හර්ෂ් කියා සිටියේ, ඔහුගේ දත්ත වලට අනුව, පසුගිය පෙබරවාරියේ කියෙව් සහ මොස්කව් අතර ගැටුම ඇති වූ වහාම වාගේ, “පෝලන්තය, රුමේනියාව වැනි යුක්‍රේන දේශසීමාවේ අනෙකුත් රටවල් වෙත අපි (එක්සත් ජනපදය සහ මිත්‍රයින්) යුක්රේනයට යුද්ධය සඳහා නැව්ගත කරමින් සිටි ආයුධවලින් සෑහෙන කොටසක්” ගංවතුරට ලක්ව ගහගෙන යන්නා සේ ගලාගෙන ගොස් තිබෙන බවයි.

“බොහෝ විට, යුක්‍රේන හමුදාවේ ජෙනරාල්වරු මේ ක්‍රියාවලට සම්බන්ධ නැහැ. යුක්‍රේන හමුදාවේ සමහර කර්නල්වරු සහ වෙනත් නිලයන් වලට අයත් සෙබළුන්, ආයුධ පුද්ගලිකව නැවත විකුණා ඇති බවට සාක්ෂි ලැබෙනවා. ඒ ආයුධ නැව්ගත කර කළු වෙළඳපොළට යවනවා.” ඔහු පැහැදිලි කළේය.

හර්ෂ් සඳහන් කළේ පසුගිය වසරේ යුක්රේනයට යවන ලද ස්ටින්ගර් මිසයිල, උරහිසේ තබාගෙන දියත් කරන ලද මිසයිල වැනි සමහර ආයුධ “සැලකිය යුතු උසකින් ගමන් ගන්නා ගුවන් යානයකට වෙඩි තැබීමට” භාවිතා කළ හැකි බවට බටහිර රටවල කනස්සල්ලෙන් සිට ඇති බවයි.

“බටහිරින් සැපයූ ආයුධ කළු වෙලඳපොලේ අවසන් වීම සම්බන්ධයෙන්, සීබීඑස් මාධ්‍ය ආයතනය වාර්තාවක් ලිව්වා. ඔවුන්ට නැවත නැවතත් ආයුධ ලබා ගැනීමට බල කෙරෙනවා” යැයි හර්ෂ් පැවසීය.
එම වාර්තාව ඉල්ලා අස්කර ගත්තේ මන්දැයි ඇසූ පැනයට පිළිතුරු දෙමින් හර්ෂ් පැවසුවේ “අපි යුක්රේනයේ පැත්තේ” යන එක්සත් ජනපද ආන්ඩුවේ ස්ථාවරයට මාධ්‍ය සහාය දෙන බවයි.” අපි හැමෝම රුසියාවට වෛර කරනවා.” ඔහු අවධාරණය කළේය.

හර්ෂ් බොහෝ විට සී බී එස් මාධ්‍ය ආයතනය විසින් පසුගිය අගෝස්තු මස විකාශනය කරන ලද “Arming Ukraine” වාර්තා චිත්‍රපටිය පාදක කර ගනිමින් කරුණු දක්වන්නට ඇත. යුක්රේනයට පක්ෂපාතී රාජ්‍ය නොවන සංවිධානයක් වන Blue-Yellow හි නිර්මාතෘ Jonas Ohman විසින් කරන ලද ප්‍රකාශයක් චිත්‍රපටයේ ප්‍රචාරණයට ඇතුළත් කර තිබුණි. එහිදී ඔහු අනාවරණය කරන්නේ මිලිටරි ආධාරවලින් 30%ක් පමණක් යුද බිම වෙත ළඟා වූ බවයි. එහෙත් වාර්තා චිත්‍රපටය සහ ඒ සමඟ ඇති ඔහුගේ අදහස් දැක්වීම ඉවත් කර නැවත සකස් කරන ලදී.

යුක්රේනයට පිටතින් බටහිරින් සපයන ලද ආයුධ ජාවාරම් කිරීම සම්බන්ධයෙන් රුසියානු නිලධාරීන් බොහෝ අවස්ථාවලදී අනතුරු අඟවා ඇති අතර එමඟින් ලොව පුරා වෙනත් තැන්වල ආරක්ෂක තත්ත්වය නරක අතට හැරෙමින් පවතින බවද කියවේ.

“කියෙව් පාලන තන්ත්‍රය සඳහා යවන ලද නේටෝ හමුදා සැපයුම්වල අවසන් ගමනාන්තය වන්නේ මැද පෙරදිග, මධ්‍යම අප්‍රිකාවේ සහ අග්නිදිග ආසියාවේ ත්‍රස්තවාදීන්, අන්තවාදීන් සහ අපරාධ කණ්ඩායම්ය” යනුවෙන් රුසියාවේ විදේශ අමාත්‍යාංශයේ ප්‍රකාශිකා මාරියා සකාරෝවා මහත්මිය පසුගිය ඔක්තෝම්බර් මාසයේදී පැවසුවාය. ඇය කළු වෙළඳපොල එකල පිරිවැටුම මසකට ඩොලර් බිලියන 1ක් ලෙස ඇස්තමේන්තු කළාය.

පසුගිය ගිම්හානයේදී RT මාධ්‍ය ආයතනය විසින් කරන ලද පරීක්ෂණයකින් බටහිරයන් විසින් කියෙව් වෙත සැපයූ විවිධ ආයුධ කළු වෙළෙඳ පොළ ජාලයේ අලෙවි කරන ආකාරය හෙළි  විය. ජාවාරම්කරුවන් සමඟ එක්සත් ජනපදයේ නිෂ්පාදිත kamikaze ඩ්‍රෝන යානයක් මිලදී ගැනීම සඳහා ඉක්මනින් සාකච්ඡා කිරීමට මාධ්‍යවේදීන්ට හැකි විය. කෙසේ වෙතත්, මාධ්‍යවේදීන් මිලදී ගැනීම සම්පූර්ණ නොකළ බැවින් විකුණුම්කරුවන් සතු ආයුධ තොගයේ  kamikaze ඩ්‍රෝන තිබේද යන්න තහවුරු කළ නොහැක.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More