දකුණු අප්‍රිකානු රජය ජාත්‍යන්තර අපරාධ අධිකරණයෙන් (ICC) ඉවත් වීමට නැවත උත්සාහ කිරීමට තීරණය කර ඇති බව ජනාධිපති සිරිල් රමෆෝසා ඊයේ (25 ) නිවේදනය කළේය. එළඹෙන අගෝස්තු මාසයේදී ඩර්බන් හි පැවැත්වීමට නියමිත බ්‍රික්ස් සමුළුවට රුසියානු ජනාධිපති වැලැදිමිර් පුටින් සහභාගි වීමට නියමිත අතර හේග් නුවර පදනම් වූ ජාත්‍යන්තර අපරාධ අධිකරණය රුසියානු ජනාධිපති ව්ලැඩිමීර් පුටින් ඉලක්ක කර නියෝග නිකුත් කර ඇත. ඒ හේතුවෙන් රුසියානු ජනාධිපතිවරයාට දකුණු අප්‍රිකාවට පැමිණීමේදී ප්‍රවාහණ ගැටලුවක් පැන නැගී ඇත.
දකුණු අප්‍රිකානු ජනාධිපතිවරයාට අනුව, සති අන්තයේ පැවැති රැස්වීමකින් පසුව අප්‍රිකානු ජාතික කොංග්‍රසය (ANC) විසින් මෙම තීරණයට එළඹ ඇති බවද කියවේ.
ප්‍රිටෝරියා හි රාජ්‍ය තාන්ත්‍රික සංචාරයක යෙදී සිටින ෆින්ලන්ත ජනාධිපති සවුලි නීනිස්ටෝ සමඟ ඒකාබද්ධ මාධ්‍ය සාකච්ඡාවකින් අනතුරුව රමෆෝසා මාධ්‍යවේදීන් වෙත පැවසුවේ, “ඔව්, පාලක පක්ෂය එම තීරණය කර තිබෙන්නේ දකුණු අප්‍රිකාව ජාත්‍යන්තර යුද අපරාධ අධිකරණයෙන් ඉවත් වීම නුවණට හුරු බවයි. බොහෝ දුරට ජාත්‍යන්තර අපරාධ අධිකරණය මෙවැනි ආකාරයේ ගැටළු සම්බන්ධයෙන් කටයුතු කරන ආකාරය දැකගත හැකි වීම මෙම තීන්දුව ගැනීමට හේතු වුවා.”
රමෆෝසා සඳහන් කළේ ජාත්‍යන්තර අපරාධ අධිකරණය විසින් ඇතැම් රටවලට “අසාධාරණ සැලකීම්” දැක ගත හැකි බවයි.
දකුණු අප්‍රිකාව 2016 දී ජාත්‍යන්තර අපරාධ අධිකරණයෙන් ඉවත් වීමට ප්‍රථම වරට උත්සාහ කළ නමුත් එය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනි බව මහාධිකරණ තීන්දුවකින් පසු එම පියවර අවලංගු කරන ලදී.
2015 වසරේ අප්‍රිකානු නායකයින්ගේ සමුළුවක් සඳහා සුඩානයේ හිටපු ජනාධිපති ඕමාර් අල් බෂීර් එරටට පැමිණි අවස්ථාවේදී අත්අඩංගුවට ගැනීමට අපොහොසත් වීමෙන් ජාත්‍යන්තර අපරාධ අධිකරණට දකුණු අප්‍රිකාව රටක් වශයෙන් වන බැඳීම් කඩ කර ඇති බව අනාවරණය වීමෙන් පසුව එම තීරණය ගෙන ඇත. හිටපු සුඩාන නායකයා දිගු කලක් තිස්සේ පැවති ඩාෆූර් ගැටුමට අදාළව අධිකරණය ඉදිරියේ ජන සංහාර චෝදනාවලට මුහුණ දී සිටියේය.
පසුගිය මාර්තු මාසයේදී ජාත්‍යන්තර අපරාධ අධිකරණය විසින් රුසියානු ජනාධිපති ව්ලැඩිමීර් පුටින් අත්අඩංගුවට ගැනීමේ වරෙන්තුවක් නිකුත් කිරීමෙන් පසු දකුණු අප්‍රිකාව ජාත්‍යන්තර අපරාධ අධිකරණයෙන් ඉවත් වීමේ නවතම නිවේදනය නිකුත් කර ඇත. “යුක්රේනයේ රුසියානු හමුදා කඳවුරු බැඳ සිටින ප්‍රදේශවලින්” ළමයින් “නීති විරෝධී ලෙස පිටුවහල් කිරීම” සම්බන්ධයෙන් ජාත්‍යන්තර අපරාධ අධිකරණය පුටින්ට චෝදනා කළේය.
යුක්‍රේන හමුදාව විසින් ප්‍රධාන වශයෙන් රුසියානු භාෂාව කතා කරන ඩොන්බාස් ප්‍රදේශයේ සිවිල් වැසියන් ඉලක්ක කර බෝම්බ දැමීම හේතුවෙන් එම වැසියන් ඉවත් කිරීමට රුසියාව ගත් උත්සාහය හේතුවෙන් රුසියානු ජනාධිපතිවරයා මෙම චෝදනාවලට ලක්ව තිබේ.
බ්‍රසීලය, රුසියාව, ඉන්දියාව, චීනය සහ දකුණු අප්‍රිකාව යන ලෝකයේ විශාලතම නැඟී එන ආර්ථිකයන්හි නායකයින්ට අගෝස්තු මාසයේ පැවැත්වෙන බ්‍රික්ස් සමුළුවේදී සත්කාරකත්වය සැපයීමට සූදානම්ව සිටින දකුණු අප්‍රිකාව, 2002 රෝම ප්‍රඥප්තියට අනුව පුටින් අත්අඩංගුවට ගැනීම සඳහා ජාත්‍යන්තර අපරාධ අධිකරණයේ වරෙන්තුව බලාත්මක කිරීමට බැඳී සිටිනු ඇත.
ප්‍රිටෝරියා පරිපාලනය විසින් පුටින් අත්අඩංගුවට ගන්නේ දැයි ඊයේ මාධ්‍යවේදීන් විමසූ විට, රමෆෝසා පැවසුවේ එම කාරණය “සැලකිල්ලට ගනිමින් පවතින” බවයි. කෙසේ වෙතත්, ඔහුගේ පක්ෂ ලේකම් ෆිකිලේ ම්බලුලා පැවසුවේ, පුටින් ඕනෑම වේලාවක රට තුළට සාදරයෙන් පිළිගනු ලබන බවත්,ජාත්‍යන්තර අපරාධ අධිකරණය සේවය කරන්නේ “කිහිපදෙනෙකුගේ අවශ්‍යතා” සඳහා පමණක් බවත්ය.
පුටින් සහ යුක්රේනයේ තත්වය පිලිබඳ ඔහුගේ “නොබැඳි” ආස්ථානය පැහැදිලි කිරීම සඳහා වොෂින්ටනයට නියෝජිත පිරිසක් එවන බව මේ මස මුලදී රමපෝසා නිවේදනය කළේය.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...