දකුණු අප්‍රිකානු ජනාධිපති සිරිල් රමපෝසා ජාත්‍යන්තර අපරාධ අධිකරණයෙන් (ICC) ඉවත් වන බව ප්‍රකාශ කිරීමේදී වැරැද්දක් සිදු වී ඇති බව ඔහුගේ කාර්යාලය ඊයේ (26 ) ප්‍රකාශ කළේය.
ජනාධිපති රමපෝසාගේ කාර්යාලය එහි වෙබ් අඩවියේ ප්‍රකාශයක් නිකුත් කරමින්,“ දකුණු අප්‍රිකාවේ තත්ත්වය පිළිබඳව පාලක අප්‍රිකානු ජාතික කොන්ග්රසය (ANC) විසින් පවත්වන ලද මාධ්‍ය හමුවකදී කරන ලද ප්‍රකාශය තුළ වැරදි තොරතුරු අඩංගු වේ” යැයි කියා සිටියේය.
“කණගාටුවට කරුණක් නම්, 26 පැවති මාධ්‍ය සැසියකදී ජනාධිපතිවරයා ද එවැනිම ස්ථාවරයක් වැරදි ලෙස තහවුරු කර තිබීමය.”
දකුණු අප්‍රිකාව ජාත්‍යන්තර අපරාධ අධික්රණයේ ප්‍රධාන ලේඛනය වන රෝම ප්රඥප්තියේ පාර්ශ්වකරුවෙකු ලෙස සිටින බවත්, “ජාත්‍යන්තර නීතිය සමාන හා ස්ථාවර ලෙස ක්‍රියාත්මක කිරීම සඳහා අඛණ්ඩව උද්ඝෝෂනය කරන බවත්” ජනාධිපති කාර්යාලය තහවුරු කළේය.
පසුගිය අගෝස්තු මාසයේදී බ්‍රික්ස් කණ්ඩායමේ සමුළුවක (බ්‍රසීලය, රුසියාව, ඉන්දියාව, චීනය සහ දකුණු අප්‍රිකාව ඇතුළත් අවිධිමත් කණ්ඩායමක්) සත්කාරකත්වය දැක්වීමට තම රට සූදානම් වන විට රමෆෝසා ජාත්‍යන්තර අපරාධ අධිකරණයෙන් ඉවත් වීමට යෝජනා කළේය. පසුගිය මාසයේදී රුසියානු ජනාධිපති ව්ලැඩිමීර් පුටින් අත්අඩංගුවට ගැනීමට ජාත්‍යන්තර අපරාධ අධිකරණය වරෙන්තුවක් නිකුත් කළේය. “යුක්රේනයේ රුසියානු හමුදා වාඩිලාගෙන සිටින ප්‍රදේශවලින්” ළමයින් “නීති විරෝධී ලෙස පිටුවහල් කිරීම” සම්බන්ධයෙන් ජාත්‍යන්තර අපරාධ අධිකරණය පුටින්ට සහ රුසියානු ළමා අයිතිවාසිකම් කොමසාරිස් මාරියා ල්වෝවා-බෙලෝවාට චෝදනා කළේය.
යුක්රේන හමුදාව විසින් ෂෙල් ප්‍රහාර එල්ල කරන ලද ප්‍රධාන වශයෙන් රුසියානු භාෂාව කතා කරන ඩොන්බාස් ප්‍රදේශයෙන් – සිවිල් වැසියන් ඉවත් කිරීමට රුසියානු ක්‍රියාමර්ග වෙත මෙම විවේචනාත්මක චෝදනා යොමු වේ. එක්සත් ජනපදය මෙන් රුසියාව ජාත්‍යන්තර අපරාධ අධිකරණයේ අත්සන් කර නොමැති නිසා, යුක්රේනයේ සිටි සරණාගතයින් මිලියන 2.9 ක් පමණ ඉවත් කිරීමට පියවර ගෙන ඇත. මෙය වෙනත් ඕනෑම රටක මෙලෙස සරණාගතයින් ඉවත් කිරීමට වඩා වැඩි අගයකි.
මොස්කව් පරිපාලනය එම චෝදනා ප්‍රතික්ෂේප කර ඇති අතර, ළමයින් නීත්‍යානුකූලව සටන් කලාපයකින් ඉවත් කර ඇති බවත්, පසුව ඔවුන්ගේ ඥාතීන් ඉදිරිපත් වූ විට ඔවුන්ගේ පවුල් සමඟ නැවත එක් වූ බවත් කියා සිටියේය.
ඊයේ(26) මාධ්‍යවේදීන් අමතමින් රමෆෝසා පැවසුවේ, “ජාත්‍යන්තර අපරාධ අධිකරණය මෙවැනි ගැටලු සම්බන්ධයෙන් කටයුතු කරන ආකාරය දැකීමෙන් බොහෝ දුරට දකුණු අප්‍රිකාව ජාත්‍යන්තර අපරාධ අධිකරණයෙන් ඉවත් විය යුතු බවට අප්‍රිකානු ජාතික කොන්ග්රසය තීරණය ගෙන තිබෙනවා” යනුවෙනි.
දකුණු අප්‍රිකාව ජාත්‍යන්තර අපරාධ අධිකරණය පාර්ශවකරුවෙකු ලෙස, අධිකරණයේ තීරණවලට ගරු කළ යුතුය. රුසියාව 2000 දී රෝම ප්රඥප්තියට අත්සන් කළ නමුත් එය අනුමත නොකළ අතර එතැන් සිට එහි සාමාජිකත්වය ඉවත් කර ඇත. ක්‍රෙම්ලිනය පසුගිය මාසයේ කියා සිටියේ මොස්කව් පරිපාලනය ජාත්‍යන්තර අපරාධ අධිකරණයේ අධිකරණ බලය පිළිගන්නේ නැති බවයි.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...