පුරවැසි කොලම

බෝසතාණන් වහන්සේ නමක් කල්ප ගනන් පෙරුම් පුරල සම්මා සම්බුදු බව ලබන්නෙ තමන් අවබෝධ කරගත් ධර්මය අන් අයටත් අවබෝධ කරවන්න. එහෙමයි කියල බුදුරජාණන් වහන්සේලාට බැහැ හැම කෙනෙක්ටම නිවන් අවබෝධ කරවන්න. අවබෝධ කරවන්න පුලුවන් වෙන්නෙ හේතු සම්පත් තියෙන අයට විතරයි. බෝධිසත්වයන් වහන්සේ පෙරුම් පුරණ කාලයේ ඉඳන් අග්‍ර ශ්‍රාවකයො, මහා ශ්‍රාවකයොත් පාරමිතා පුරාගෙන එනව. සිවුපිළිසිඹියාපත් මහරහතන් වහන්සේලා ඇතුලු තවත් මාර්ගඵල ලබන්න පුලුවන් හේතු සම්පත් තියෙන බොහෝ ගිහි පැවිදි අය බුදුරජාණන් වහන්සේ පහළ වෙන කාලයේ උපදිනවා. හේතුසම්පත් ඇති නැති තවත් බොහෝ පිරිස ඒ කාලයේ උපදිනවා.

ගිය තැන ඉඳන් භික්ෂූන්ට සිල්පද පනවන්න ගත්තා. ඒ සිල්පද පැනවීමට හේතු අරන් බැලුවම අපිට දැනගන්න පුලුවන් වෙනව ඒ කාලෙ භික්ෂූන්, භික්ෂුණීන් කරපු වැරදි මොනවද කියල. විනය පිටකයේ ඒව සඳහන් වෙනවා.

සමහර භික්ෂූන් මෛතූන සේවනය කරපු බව සඳහන් වෙනව. සමහර භික්ෂූන් සොරකම් කරපු බව සඳහන් වෙනව. සමහරු මිනිස් ඝාතන කළ බව සඳහන් වෙනව. සමහරු ලාභ ප්‍රයෝජන උදෙසා තමන් ධ්‍යාන, මාර්ගඵල ලබපු බව ප්‍රකාශ කළ බව සඳහන් වෙනව. සමහර භික්ෂූන් උපක්‍රම කරල ශුක්‍ර මෝචනය කළ බව, ස්ත්‍රීන්ගේ අවයව ස්ඵර්ශ කළ බව, සමහරු ස්ත්‍රීන් සමඟ අසභ්‍ය කතා කළ බව සඳහන් වෙනව. සමහරු දානයට මතූන සේවනයෙන් සංග්‍රහ කිරීමෙන් අග්‍ර වූ පින් රැස් වෙන බව කියල තිබුන. සමහරු මගුල් කපුකම් කරල තිබුන. සමහරු ගිහි අය එක්ක නටල, ගයල, සෙල්ලම් කරල විනෝද වෙමින් කුල දූෂණය කරල තිබුන. සමහරු ගහගෙන තිබුන. සමහරු විනෝදයට ගල් පෙරලල මිනිස්සු මැරිල තිබුන. සමහරු මත් පැන් බීල තිබුන. ඔය විදිහට විවිධ වැරදි සඳහා සිල්පද 220ක් භික්ෂූන්ට පනවල තියෙනව. භික්ෂුණීන්ට ඔක්කොම සිල්පද 304ක්.

අය ඉන්නව කියල නොදැන නෙවෙයි. එතනින් බලන්න ඒ ගුණ වලින් මොන වගේ භික්ෂූන්ද අදහස් කරල තියෙන්නෙ කියල.

ලැබෙයි. තම තමන්ගෙ කර්ම ගැන සැලකිලිමත් වෙන්න. බුදු දහමෙ තියෙන්නෙ අනුන් හදන එකක් නෙවෙයි තමන් හැදෙන එකක්. අනුන් හදන වගකීම තියෙන්නෙ ස්ථවිර භික්ෂූන්ට. ඒව ඒ භික්ෂූන් බලාගනියි. ගිහි අය භික්ෂූන් හදන්න යන්න ඕන වෙන්නෙ නැහැ. අග්ගික්ඛන්ධෝපම සූත්‍රයේදී බුදුරජාණන් වහන්සේ දුස්සීල භික්ෂූන්ට දුසිල්වත්කමේ බරපතලකම ගැනත් දේශනා කරල තියෙනව. ඒ නිසා භික්ෂූන් දැනගන්න ඕන සිල්වත් වෙන්න.

බුද්ධ සාසනයෙ එදත්, අදත්, හෙටත් වැරදි වැඩ කරන භික්ෂූන්, දුස්සීල භික්ෂූන් ඉන්න බව තේරුම් ගන්න. සියලු භික්ෂූන්ගෙන් රහතන් වහන්සේලා බලාපොරොත්තු වෙන්න එපා. ඔච්චරම දොස් කියන්න ඕන නම් පැවිදි වෙලා අවුරුද්දක් හරියට මහණදම් පුරල පෙන්නන්න. ඔය කාටවත් ඒක ලේසි දෙයක් නෙවෙයි. පැවිදි වෙලා ටික දවසක් යද්දි තමයි යට තියෙන කෙලෙස් මතු වෙන්න ගන්නෙ. එතකොට තමයි තේරෙන්නෙ මහණදම් පිරීම හිතන තරම් සුන්දර නෑ කියල. හැම කෙනෙක්ම සංඝරත්නය නිවැරදිව තේරුම් ගන්න. සංඝරත්නයේ වටිනාකම තේරුම් ගන්න. භික්ෂූන්ගේ පසුබිම තේරුම් ගන්න. සිල්වත් දුසිල්වත් දෙපිරිසම හැම කාලයේම ඉන්න් බව තේරුම් අරන් තමන්ගෙ කුසල් සිත ආරක්ෂා කරගන්න.

තෙරුවන් සරණයි!

(උපුටා ගැනීම : සුබෝධ හිමිගේ facebook ගිණුමෙනි)



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More