දේශීය පුවත්

යුක්රේනයේ මහජන චීන රජයේ විශේෂ නියෝජිතයා සාම සාකච්ඡා සම්බන්ධයෙන් නිපුනයෙකු වන අතර රුසියානු- යුක්‍රේන සාම සාකච්ඡා ප්‍රවර්ධනය කිරීමේදී ධනාත්මක කාර්යභාරයක් ඉටු කළ හැකි අයෙකු වනු ඇතැයි චීන විදේශ අමාත්‍යාංශයේ ප්‍රකාශකයෙකු ඊයේ (28 ) ප්‍රකාශ කළේය. මෙහි ඇති විශේෂත්වය වන්නේ චීන ජනාධිපති ෂී ජින්පින් සහ යුක්රේන ජනාධිපති  සෙලෙන්ස්කි ද්විපාර්ශ්වික සබඳතා සහ යුක්රේන අර්බුදය සම්බන්ධයෙන් දුරකථනයෙන් සාකච්ඡාවෙන් පසුව වීම විශේෂත්වයකි.

චීන විදේශ අමාත්‍යාංශයේ ප්‍රකාශක මාඕ නින්ග් පැවසුවේ, මේ සම්බන්ධයෙන් වැඩිදුර තොරතුරු අමාත්‍යාංශය විසින් ඉදිරියේදී නිකුත් කරන බවයි. එලෙසම යුක්රේන අර්බුදය දේශපාලනික වශයෙන් සමථයකට පත් කිරීම සඳහා චීනය ජාත්‍යන්තර ප්‍රජාව සමඟ අඛණ්ඩව කටයුතු කරන බවත් අවධාරණය කළේය.

එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලයේ ස්ථිර සාමාජිකයෙකු සහ වගකිවයුතු ප්‍රධාන රටක් වන චීනය, යුක්රේන අර්බුදයට නරඹන්නෙකු වීම හෝ “ගින්නට ඉන්ධන එකතු කිරීම” හෝ අර්බුදය ලාභ ලැබීමේ අවස්ථාවක් ලෙස භාවිතා කිරීම තෝරා නොගන්නා බව චීන ජනාධිපති ෂී සිය යුක්රේන සගයා සමඟ කළ දුරකථන ඇමතුමේදී අවධාරණය කළේය. .

“යුක්රේන අර්බුදය සම්බන්ධයෙන් මැදිහත් වීමේදී චීනය සැමවිටම සාමය අරමුණු කරන්නගේ පාර්ශවයේ සිටින අතර, චීනයේ මූලික ස්ථාවරය වන්නේ සාකච්ඡා හරහා සාමය ප්රවර්ධනය කිරීමයි,” ෂී සඳහන් කළේය.

“චීනය කරන කරණු ලබන සෑම ක්‍රියාවක්ම අවංක අදහසින් කරණු ලබනවා . ඉදිරියට යා හැකි එකම මාර්ගය සංවාදය සහ සාකච්ඡාව පමණයි. න්‍යෂ්ටික යුද්ධයකදී ජයග්‍රාහකයෙකු හමුවන්නේ නැහැ.” ජනාධිපතිවරයා පැවසීය.

න්‍යෂ්ටික ප්‍රශ්නය සම්බන්ධයෙන්, ගැටුමට සම්බන්ධ සියලුම පාර්ශ්ව සන්සුන්ව සිටිය යුතුවාක් මෙන්ම සංයමයෙන් ක්‍රියා කළ යුතු යුතුවාක් මෙන්ම සියලුම දෙනා සැබවින්ම තම අනාගතය සහ මනුෂ්‍යත්වයේ අවශ්‍යතා වෙනුවෙන් ක්‍රියා කළ යුතු අතර අර්බුදය ඒකාබද්ධව කළමනාකරණය කළ යුතු යැයි මාඕ ඊයේ (27 ) පැවැති මාධ්‍ය හමුවේදී පැවසීය.තත්වයන් වර්ධනය වන විට, අවස්ථාව ප්‍රයෝජනයට ගැනීම සහ අර්බුදයට දේශපාලන විසඳුමක් ගෙන ඒම සඳහා හිතකර කොන්දේසි ගොඩනැගීම වැදගත් වන බව ඔහු වැඩිදුරටත් අවධරණය කළේය.

ස්වෛරීභාවය සහ භෞමික අඛණ්ඩතාව සඳහා අන්‍යෝන්‍ය ගෞරවය චීන-යුක්රේන සබඳතාවල දේශපාලන පදනම වේ. යුක්රේනය සමඟ සබඳතා වර්ධනය කිරීමට චීනයේ සූදානම ස්ථාවර සහ පැහැදිලි ය. ජාත්‍යන්තර තත්ත්වය කෙසේ වර්ධනය වුවද චීනය යුක්රේනය සමඟ අන්‍යෝන්‍ය වශයෙන් වාසිදායක සහයෝගීතාවක් ඇති කර ගැනීමට කටයුතු කරන බව චීන විදේශ අමාත්‍යාංශය යළි අවධාරණය කළේය.

යුක්රේන ජනාධිපතිවරයාගේ වෙබ් අඩවියේ පළ කරන ලද නියෝගයකට අනුව, චීනයේ යුක්රේන නව තානාපතිවරයා ලෙස සෙලෙන්ස්කි බදාදා හිටපු උපායමාර්ගික කර්මාන්ත අමාත්‍යවරයෙකු වූ Pavlo Ryabikin පත් කරනු ලැබ තිබේ.
යුක්රේනය අලුතින් පත් කරන ලද තානාපතිවරයා චීනය පිළිගන්නා අතර ඔහුගේ රාජකාරිය හැකි තරම් පහසු කිරීමට කැමැත්තෙන් සිටින බව මාඕ මාධ්‍ය හමුවේදී සඳහන් කළේය.

 



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More