ලෝකයේ මුලින්ම වෙඩි බෙහෙත් (Gun Powder) හොයාගන්නේ චීන ජාතිකයො.
හැබැයි ඔවුන් වෙඩි බෙහෙත් පාවිච්චි කළේ ‘ගිනිකෙළි’ වලට.
ලෝකයේ මුලින්ම වෙඩි බෙහෙත් ආයුධයක් විදියට පාවිච්චි කරන්න පටන් ගත්තේ යුරෝපීයයන්. චීනයේ මිනිස්සු ගිනිකෙළි සංදර්ශන වලට පාවිච්චි කරපු වෙඩි බෙහෙත්ම, යුරෝපීයයන්ට ආයුධයක් වීම ඇතුලේ ලොකු කතාවක් තියෙනවා. ඒ තමයි “පෙරදිග” සහ “බටහිර” ශිෂ්ඨාචාරයන්ගේ චින්තනයේ වෙනස.
බටහිර ශිෂ්ඨාචාරය ඉතා යුදකාමීයි. ඔවුන් දැඩි ඕනෑකමකින් ආර්ථික සමෘද්ධිය හෙව්වා. ඒ වෙනුවෙන් යුද්ධය සහ ආක්‍රමණය ඔවුන්ගේ පරම තේරීම් වුනා. ඔවුන් වෙනත් රටවල සහ ජාතීන්ගේ ධනය හා සම්පත් තමන්ගේ සුඛ විවරණය උදෙසා මංකොල්ලකෑමට කිසිසේත්ම මැලි වුනේ නැහැ.
පෙරදිග මිනිස්සු බොහෝ විට හෙව්වේ ආත්ම විමුක්තියක්. ඔවුන් අධ්‍යාත්මික ගවේෂණයක යෙදුනා. ලෝකයේ දියුණුම යුද තාක්ෂණය, ඔත්තු සේවා බටහිර රටවල් මූලික කරගෙන ඇතිවෙන්නේ ඒ ඔවුන්ගේ සංස්කෘතික ආභාෂය නිසා.
බටහිර රටවල් යුද්ධයේදි සහ ආක්‍රමණයේදි අනුකම්පා විරහිතයි. යුද්ධයකදි ඔවුන්ගේ ආයුධ වෙන්නේ ගිනි අවි පමණක් නෙවෙයි. රාජ්‍ය තාන්ත්‍රික මෙහෙයුම්, ඔත්තු සේවා ඔවුන්ගේ ඕනෑම යුද්ධයක තීරණාත්මක කාර්යබාරයක් ඉටු කරනවා.
ඉන්දියන් සාගරයේ මධ්‍ය ලක්ෂයක පිහිටා තිබෙන, සමස්ත ඉන්දියන් සාගරයම පාලනය කිරීමේ මධ්‍යස්ථානයක් කර ගත හැකි ශ්‍රී ලංකාව 1505 ඉදලා යුරෝපීය ජාතීන්ගේ ආක්‍රමණයට ලක් වුනා. නමුත් 1815 වනතුරු ඔවුන්ට ශ්‍රී ලංකාව සම්පූර්ණයෙන්ම යටත් කර ගැනීමට හැකි වුනේ නැහැ.
සියවස් තුනක් ශ්‍රී ලංකාව යටත් කරගන්න උත්සාහ කරපු ආක්‍රමණිකයො, ඔවුන් ශ්‍රී ලංකාව යටත් කර ගැනීමට නොහැකි හේතු කිහිපයක් හඳුනාගෙන තිබුනා. වරෙක මෙරට බ්‍රිතාන්‍ය ආණ්ඩුකාරවරයා ලන්ඩනයට යැවූ ලිපියක “කහ සිවුර දරන පූජ්‍ය පක්ෂයත්, වාරි පද්ධතියත් පවතින තුරු සිලෝන්, යටත් කර ගත නොහැකි යැයි” දන්වා තිබුනා.
නමුත් ඔවුන් 1815 දී සාර්ථක වෙනවා. සියවස් තුනක් අසාර්ථක වුනු ආක්‍රමණිකයො 1815 සාර්ථක වීමට ප්‍රධාන හේතුව වුනේ ජොන් ඩොයිලි විසින් මෙහෙයවපු බ්‍රිතාන්‍ය ඔත්තු සේවය.
‘තම්බි මුදලියාර්’ ලෙසින් හඳුන්වපු දොන් ඒඩ්‍රියන් ජයවර්ධන (J.R ජයවර්ධන පරම්පරාවේ ආරම්භකයා) බ්‍රිතාන්‍යයන්ගේ ප්‍රධාන දේශීය ඔත්තුකරුවා වුනා.
ඔවුන් ශ්‍රී ලංකාව ඒකියව තබා ගත් සංස්කෘතියට පහර දුන්නා. ශ්‍රී ලාංකිකයන්ගේ ආගම, වාරි පද්ධතිය, සංස්කෘතියට ඔවුන් පහර දුන්නා. ආගම වෙනස් කරන ස්වදේශිකයන්ට වඩා වැදගත් තනතුරු ලබා දුන්නා. සිංහලයන්ගේ සංස්කෘතිය සහ අන්‍යයතාවය හාස්‍යයට ලක් කළා.
ක්‍රමක්‍රමයෙන් ගමෙහි පාලනය ‘පන්සලෙන්’ ඉවත් කර, බ්‍රිතාන්‍ය රජයට පක්ෂපාතී ආරච්චිලාට, මුදලි ලාට ලබා දීමට ඔවුන් කටයුතු කළා. ඉන් නොනැවති මේ ඔත්තු සේවය ඉතාම සූක්ෂමව සෙන්කඩගල රාජධානියේ ශක්තීන් බිඳ දැමුවා. රජතුමා සහ නිළමේවරුන් අතරත්, රජතුමා සහ ජනතාව අතරත් ඝට්ටන ඇති කළා. සූක්ෂමව නිළමේවරුන් තමන්ගේ පැත්තට බා ගත්තා. රටවැසියන් අතර රජතුමා පිළිබඳ විශ්වාසය නැති කරවූවා.
අනිත් අතට රජතුමා මත්පැන් වලට හුරු කෙරෙව්වා. ඔහු පියවි සිහියෙන් නොසිටින, බේබද්දෙක් බවට පත් කළා. මහා සංඝරත්නයට රජු කෙරෙහි කළකිරීම් ඇති කළා. අවසානයේ ජෝන් ඩොයිලි විසින් මෙහෙයවපු, තම්බි මුදලි තීරණාත්මක කාර්යබාරයක් කළ බ්‍රිතාන්‍ය චරපුරුෂ සේවය සාර්ථක වුනා.
ඔවුන් ශ්‍රී ලංකාව සම්පූර්ණයෙන්ම යටත් කරගෙන තවත් සියවසක් ශ්‍රී ලංකාව පාලනය කළා. මෙරට සම්පත් සොරා ගත්තා. යළිත් නැගි සිටීමට නොහැකි අයුරින් මෙරට ජනතාව තලමින් පාලනය කළා. වැව් ගොඩ කළා. කුඹුරු ගිනි තැබුවා. පන්සල් කඩා බිඳ දැමූවා. ඒ අපේ රටේ ඉතිහාසය.
ලෝක ඉතිහාසය ගත්තත් ලොව බොහෝ රටවල් දෙකඩ කරන්න, විනාශ කරන්න, බිඳ වට්ටන්න මේ ඔත්තු සේවා කටයුතු කරපු අවස්තා ඕනෑතරම්.
20 වන ශතවර්ෂයේ මහා ප්‍රබල ඔටෝමන් අධිරාජ්‍ය බිඳ වැට්ටුවේ බ්‍රිතාන්‍ය බුද්ධි අංශ මෙහෙයුමකින්. අරාබීන් බිඳ වට්ටවා එකිනෙකා කෙටවීමට නම් ඔවුන් අතර ගෝත්‍ර වශයෙන් ගැටුම් ඇති කළ යුතු යැයි සොයා ගත්තේ බ්‍රිතාන්‍ය ඔත්තු සේවා නිළධාරී තෝමස් එඩ්වර්ඩ් ලෝරන්ස්. එතරම් දුරට යා යුතු නැහැ.
මේ මොහොතේ සුඩානයේ ඇතිව තිබෙනා තත්ත්වය බලන්න. මිලිටරි කණ්ඩායම් දෙකක් අතර අභ්‍යන්තර යුද්ධයක් නිසා සුඩානය ගිනිගෙන දැවෙමින් පවතිනවා. ලෝකය සර්ව සාධාරණ වුනා නම්, භුමියෙහි පවතින සම්පත් මත ධනය තීරණය වුනා නම් ලෝකයේ ධනවත්ම කලාපය විය යුත්තේ අප්‍රිකාව.
දියමන්ති වල සිට, තවමත් ධනය මනිනා ප්‍රධාන භෞතික ඒකකයක් වන රත්‍රං හි නිජබිම් අප්‍රිකාව. ඛනිජ තෙල් වල සිට, වන සම්පත්, කෘෂිකාර්මික භූමීන් මේ සියල්ල අඩුවක් නොමැතිව අප්‍රිකාවට හිමියි. නමුත් අප්‍රිකාව දිළිඳු බවේ ගිලෙමින් සිටිනවා. අප්‍රිකානු දරුවන් කුසගින්නේ මියයමින් සිටිනවා. මේ තත්ත්වයට ප්‍රධාන හේතුව එම රටවල ඇතිවෙන සිවිල් යුද්ධ සහ දේශපාලනික අස්ථාවරත්වයන්. සම්පත් වලින් පරිපූර්ණ අප්‍රිකානු රටක් කිසිදා සාමකාමීව පවතින්නේ නැහැ. නමුත් අප්‍රිකාවේ දියමන්ති පතල්, රත්‍රං නිධි අඛණ්ඩව ක්‍රියාත්මකයි.
අප්‍රිකා භූමියේ පවතින දියමන්ති සහ රත්‍රං පතල් වල හිමිකරුවන් වන්නේ විදේශීය ව්‍යාපාරිකයන්. අප්‍රිකාව දුගී දුප්පත් කලාපයක් කළ ආක්‍රමණ, සිවිල් යුද්ධ සියල්ල මෙහෙයවන්නේ ලෝකයේ එක් කලාපයකින්. ඔවුන්ගේ බුද්ධි අංශ, ඔත්තු සේවා අප්‍රිකානු මිනිසුන් බෙදමින්, ආයුධ ලබා දෙමින් ගැටුම් ඇති කරමින් සිටිනවා.
ඒ මේ ලෝකය වැඩ කරන හැටි. ඒ බව අපි තේරුම් ගැනීමට අවශ්‍යයයි.
ලෝකය කිසිදා සර්ව සාධාරණ එකක් වූයේ නැහැ. ආක්‍රමණිකයා කවදාවත් යහපත් වුනේ නැහැ.
ශ්‍රී ලංකාව ලෝකයේ වාණිජමය සහ යුධමය වශයෙන් ඉතාම වැදගත්කමක් ඇති ස්ථානයක පිහිටා තිබෙන රටක්. ඉන්දියන් සාගරයේ වාණිජ බලය සහ යුද බලය පාලනය කළ හැකි තැනක ශ්‍රී ලංකාව පිහිටා තිබෙනවා. ඉතින් ශ්‍රී ලංකාවට එවැනි ආක්‍රමණික බලපෑම්, කුමන්ත්‍රණ එල්ල නොවේ යැයි කිසිවෙකු කියයි නම් ඒ ගෝලීය දේශපාලනය ගැන අඹමල් රේණුවක හෝ දැනුමක් නොඇත්තෙක්.
එසේ නොමැතිනම්, සිතාමතාම කරුණ සඟවන වංචනිකයෙක්. ජෝන් ඩොයිලි ලා, තෝමස් එඩ්වර්ඩ් ලෝරන්ස් ලා ලෝකයේ කවදත් සිටිනවා. ඔවුන් රටවල් බිඳ වැට්ටවීමට, අකර්මණ්‍ය කිරීමට බලා සිටිනවා. ඔවුන්ගේ ආයුධ තුවක්කුව පමණක් නොවෙයි. එයට වඩා සූක්ෂම උපක්‍රම, මර උගුල්, ක්‍රමන්ත්‍රණ ඔවුන් භාවිතා කරනවා.
මේ මර උගුල් වලින් ගැලවී සිටීමට නම් ඔවුන් සහ ඔවුන්ගේ අරමුණු හඳුනා ගැනීමට තරම් බුද්ධිමත් වීම හැර වෙනත් විකල්පයක් නැහැ. ලෝකයේ ඕනැම රටක පාලකයන් සහ ජනතාව එවැනි නූතන ජෝන් ඩොයිලි ලා හඳුනා ගැනීමට තරම් බුද්ධිමත් විය යුතුයි, තාර්කික විය යුතුයි. කැලෑ නීතිය රජ කරන, රාජ්‍යයක් දුබල වූ සැණින් ගොඳුරු කර ගැනීමට මාන බලන මේ ගෝලීය දේශපාලනයේ ශ්‍රී ලාංකිකයන්ටත් ඇති එකම විකල්පය එයයි.
– ඉරේෂාන් සිරිවර්ධන –
2023.04.28
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...
චීන ජාතිකයන්ට බෞද්ධ ආභාෂය ලැබීම නිසා ඔවුන් වෙනත් රටවල් යටත් කරගෙන සූරා කෑම සිදු කලේ නැති බව සිතන්න පුළුවන්. ලංකාව හැකිතරම් රුසියන් චීන කඳවුරට එකතුවී (අපගේ අනන්‍යතාවය තබා ගන්නා ගමන් )ශක්තිමත් විය යුතුයි. දැන් ඇතිවී තිබෙන රුසියන් චීන සහයෝගිතාවය අඳුරු වලාවේ රිදී රේඛාවක් ලෙස දැකිය හැකියි.