වසර දෙකකට පෙර පාර්ලිමේන්තු න්‍යාය පුස්තකයට ඇතුළත් කර තිබියදී පාර්ලිමේන්තුවට නැවත ඉදිරිපත් නොකරන බවට තීරණය කර තිබූ ථෙරවාදී කථිකාවත් පනත හා විහාර දේවාලගම් පනත හෙට පාර්ලිමේන්තුවේ (17 දා) පාර්ලිමේන්තුවේ අධීක්ෂණ මන්ත්‍රී කමිටුවට ඉදිරිපත් කිරීමට රජය ගෙන ඇති තීරණය සැකයට හේතු වී ඇති බව ඒකාබද්ධ විපක්ෂයේ නායක දිනේෂ් ගුණවර්ධන මහතා සඳහන් කරයි.
ගුණවර්ධන මහතා සඳහන් කළේ මේ පනත් දෙක සඳහා මහ නාහිමිවරුන්ගේ විරෝධතා මතුවීම නිසා 2016 මෙම පනත් පාර්ලිමේන්තුවෙන් ඉවත් කර ගත් බවයි.
‘‘මෙම පනත් දෙක සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණය ලබා දී ඇති තීන්දුවක් ද තිබෙනවා. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුව මෙම පනත් සංශෝධනය විය යුතු බව එම තීන්දුවෙන් කියවෙනවා. ඒ වාගේම 2016 දී මෙම පනත් පාර්ලිමේන්තුවට ඉදිරිපත් වූ අවස්ථාවේ ෙතේරනිකායික මහ නාහිමිවරු ඒවාට විරුද්ධ වුණා. දැන් ආණ්ඩුව මේ පනත් දෙක සම්මත කර ගන්න හදන්නේ මහා නාහිමිවරුන් හා බෞද්ධ සංවිධාන නොදැනුවත්වද කියලා අපිට ප්‍රශ්නයක් තිබෙනවා.‘‘
මේ රජය පනත් සම්මත කර ගන්නේ ප්‍රජාතන්ත්‍ර විරෝධීය ආකාරයටයි. කාරක සභා අවස්ථාවේදී සංශෝධන එකතුකරලා ආණ්ඩුවට ඕනෑ විදිහට පනත් සම්මත කරනවා. මේ පනත් දෙකත් ඒ අනුව සම්මත කර ගත්තොත් බෞද්ධ සමාජයට ඇති විය හැකි බලපෑම ගැන අපි අවධානය යොමු කළ යුතු බවද දිනේෂ් ගුණවර්ධන මහතා කීවේය.
ත්‍රෛියිනිකායික මහානාහිමිවරුන් දැනුවත් කර උන්වහන්සේලාගේ අනුමැතිය ලැබි ඇති බැවින් හෙට පාර්ලිමේන්තුවේ අධීක්ෂණ මන්ත්‍රී කමිටුවට පනත් දෙක ඉදිරිපත් කරන බව බුද්ධ ශාසන අමාත්‍ය ගාමිණි ජයවික්‍රම පෙරේරා මහතා පවසයි.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...