දේශීය පුවත්

දකුණු කොරියාවේ සහ ඉන්දුනීසියාවේ මහ බැංකු අතරමැදි මුදල් ඒකකය් ලෙස එක්සත් ජනපද ඩොලරය භාවිතයෙන් ඉවත් වී තම ජාතික මුදල් ඒකක වලින් ද්විපාර්ශ්වික වෙළඳාම ප්‍රවර්ධනය කිරීම සඳහා අවබෝධතා ගිවිසුමක් අත්සන් කර ඇති බව වාර්තා වේ.

මේ සම්බන්ධයෙන් දෙරටේ මහ බැංකු ඒකාබද්ධ ප්‍රකාශයක් නිකුත් කරමින් කියා සිටියේ, මෙම පියවර මගින් දකුණු කොරියානු සහ ඉන්දුනීසියානු සංගතවලට ගනුදෙනු පිරිවැය අඩු කිරීමට සහ විනිමය අනුපාත අවදානම්වලට නිරාවරණය වීම අවම කිරීමට උපකාරී වනු ඇතැයි අපේක්ෂා කරන බව ය.

ඉන්දුනීසියාවේ මහ බැංකුව සහ කොරියානු මහ බැංකුව, ජාතීන් දෙක මූල්‍ය සබඳතා ඉහළ නංවා ගැනීමට උත්සාහ කරන බැවින්, තොරතුරු හුවමාරු කර ගැනීම සහ නිරන්තර සාකච්ඡා තුළින් සහයෝගීතාව ශක්තිමත් කිරීමට අඛණ්ඩව කටයුතු කරන බව අවධාරණය කළහ.

මැයි 2 වැනිදා දකුණු කොරියාවේ ඉන්චියොන් නගරයේ දී ආරම්භ වූ 26 වැනි “ආසියාන් + 3” මුදල් අමාත්‍යවරුන්ගේ සහ මහ බැංකු අධිපතිවරුන්ගේ රැස්වීමට සමගාමීව මෙම ගිවිසුම අත්සන් කර ඇත.
“ආසියාන් + 3” කණ්ඩායම සමන්විත වන්නේ අග්නිදිග ආසියාතික ජාතීන්ගේ සංගමයේ සාමාජික රටවල් දහයෙන් වන අතර, චීනය, ජපානය සහ දකුණු කොරියාව එම කණ්ඩායමට එක්ව ඇත.

ජාත්‍යන්තර වෙලඳාමේ කොළබැම්මෙන් (greenback- ඩොලරය හැඳින්වීමට යොදා ගන්න ග්‍රාම්‍ය වචනයකි ) ඉවත්වීමේ උත්සාහයන් ASEAN සහ බ්‍රසීලය, රුසියාව, ඉන්දියාව, චීනය සහ දකුණු අප්‍රිකාවෙන් සමන්විත BRICS වැනි ප්‍රධාන ආර්ථික කණ්ඩායම් අතර වේගවත් වෙමින් තිබේ.

ප්‍රධාන ගෝලීය බලශක්ති නිෂ්පාදකයෙකු සහ අපනයනකරුවෙකු වන රුසියාවට එරෙහිව බටහිර ජාතීන් විසින් හඳුන්වා දුන් සම්බාධකවල පසුබිමට එරෙහිව මෙම පියවර කරලියට පැමිණේ.

ඉන්දුනීසියානු මහ බැංකුවේ ප්‍රධානී පෙරී වර්ජියෝ පසුගිය මාසයේදී කියා සිටියේ තම ජාතිය තායිලන්තය, මැලේසියාව, චීනය සහ ජපානය වැනි රටවල් සමඟ කරන ගනු දෙනු වලදි ඩොලරයෙන් ඉවතට යාමට කටයුතු කරන බවයි. මාර්තු මාසයේදී බ්‍රසීලය සහ චීනය අතරමැදි මුදල් ඒකකය ලෙස ඩොලරය අතහැර දමා ඔවුන්ගේම මුදල් ඒකක වලින් වෙළඳාම් කිරීමට ගිවිසුමක් අත්සන් කළහ.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More