දේශීය පුවත්

බන්ධනාගාර තුළ මත්ද්‍රව්‍ය ජාවාරමේ නිරත වූ මරණීය දණ්ඩනය නියම වී සිටින ලැයිස්තුවේ පළමුවෙන්ම කාන්තාවකගේ නමක් ඇතුළත් බවත් එය කනගාටුවට කරුණක් බවත් අධිකරණ හා බන්ධනාගාර ප්‍රතිසංස්කරණ අමාත්‍ය තලතා අතුකෝරළ මහත්මිය පවසයි.

අමාත්‍යවරිය මෙම අදහස් පළ කළේ ස්වාභාවික ආපදාවන්ගෙන් විපතට පත් වූ ජනතාවට සහන සැලසීමේ වැඩසටහනකට කහවත්ත ප්‍රදේශයේදී අද (16දා) එක් වූ අවස්ථාවේදීය.

එහිදී තවදුරටත් අදහස් දැක් වූ අමාත්‍යවරිය,

“ඒ කාලයේ පාතාලය රාජ්‍ය අනුග්‍රහය යටතේ ක්‍රියාත්මක වුණා. අද කුවුරු අකමැති වුණක් කැමති වුණත් පාතාලය මර්දනය කරනවා. පාතාලය මෙහෙයවන කල්ලි කිහිපයක් කණ්ඩායම් කිහිපයක් අද ක්‍රියාත්මක වෙනවා. ඉඩම් මංකොල්ල කන පාතාලයක්, හොර ඔප්පු හදා ගෙන අහිංසක ජනතාවගේ ඉඩම් කොල්ලකන එකක් ක්‍රියාත්මක වෙනවා. තවත් පාතාලයක් තියෙනවා හොටල් පාතාලය. ඒක හික්කඩුව වැනි ප්‍රදේශවල ක්‍රියාත්මක වෙන්නේ. කිසි කෙනෙකුට ඒ පළාත්වල හෝටල් පටන් ගන්න බැහැ. තවත් ප්‍රදේශවල වාහන මංකොල්ල පාතාලය ක්‍රියාත්මක වෙනවා. මේවා අපි නැති කරන්න කටයුතු කළ යුතුයැයි ද පැවසීය.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More