පුරවැසි කොලම

(ඩොලර් ට්‍රිලියන ගණනක ධනය සොරකම් කරමින් 1880 සිට 1920 දක්වා බ්‍රිතාන්‍ය යටත් විජිතවාදයදීන් දළ වශයෙන් ඉන්දියානු ජාතිකයන් මිලියන 165ක් මරා දමා ඇති බව විද්වත් අධ්‍යයනයකින් හෙළි විය. ගෝලීය ධනේශ්වර ක්‍රමය යුරෝපීය අධිරාජ්‍ය ජන සංහාරයන් මත පදනම් වූ ක්‍රමයකි. එම කරමය අවසානයේදී ඇඩොල්ෆ් හිට්ලර්ගේ ජන සංහාරයන්ට ආභාෂය ලබා දුන් අතරම ෆැසිස්ට්වාදය පතුරුවා හැරීමටද තුඩු දුන්නේය.)

විද්වතුන් පිරිසක් කරණු ලැබූ අධ්‍යයනයකට අනුව, බ්‍රිතාන්‍ය යටත් විජිතවාදය දළ වශයෙන් වසර 40 ක් තුළ ඉන්දියාවේ අවම වශයෙන් මිලියන 100 ක් ඝාතනය වීමට හේතු පාදක වී ඇත.

වසර 200කට ආසන්න කාලයක් පැවැති යටත් විජිතවාදය තුළ බ්‍රිතාන්‍ය අධිරාජ්‍යය අවම වශයෙන් ඩොලර් ට්‍රිලියන 45ක් වත් ඉන්දියාවෙන් සොරාගත් බවද මේ වන විට ප්‍රකට ආර්ථික විද්‍යාඥයෙක් ගණන් බලා ඇත.

 

යුරෝපීය අධිරාජ්‍යයන් විසින් ඔවුන්ගේ දේශසීමාවෙන් පිටත සිදු කරන ලද ජන සංහාරක අපරාධ ඇඩොල්ෆ් හිට්ලර්ට සහ බෙනිටෝ මුසෝලිනීට ආභාෂය ලබා දුන්නේය. එලෙසම ඔවුන්ගේ දේශසීමා තුළ යුරෝපීය අධිරාජ්‍යයන්ට සමාන ජන ඝාතන අපරාධ සිදු කළ ෆැසිස්ට් පාලන තන්ත්‍රවල නැගීම සඳහා තුඩු දුන්නේය.
ආර්ථික මානව විද්‍යාඥ ජේසන් හිකල් සහ ඔහුගේ සම කර්තෘ ඩිලන් සුලිවන් විසින් “Capitalism and extreme poverty: A global analysis of real wages, human height, and mortality since the long 16th century.” යන මාතෘකාව යටතේ ගෞරවනීය ශාස්ත්‍රීය සඟරාව වන World Development සඟරාවෙහි ලිපියක් ප්‍රකාශයට පත් කරන ලද්දේය.

එම වාර්තාවේ, වර්ෂ 1880 සහ 1920 අතර කාල්ය තුළ බ්‍රිතාන්‍ය යටත් විජිතවාදය හේතුවෙන් ඉන්දියාව මිලියන 165 ක ජන්කායක් ඝාතන වලට ගොදුරු වූ බව විද්වතුන් ගණන් බලා ඇත.

“මෙම සංඛ්‍යාව නාසි සමූලඝාතනය ඇතුළුව ලෝක යුද්ධ දෙකෙන්ම සිදුවූ මරණ සංඛ්‍යාවට වඩා විශාලය,” ඔවුහු එම ලිපියෙහි සඳහන් කළහ.

“1950 වන තෙක්, යටත් විජිතකරණයෙන් පසු ඉන්දියානු ආයු අපේක්ෂාව නූතන එංගලන්තයේ මුල් යුගයේ ආයු අපේක්ෂාව වූ වසර 35.8 මට්ටමට ළඟා වූයේ නැත.”
මේ අතර “බ්‍රිතාන්‍ය යටත්විජිතවාදය වසර 40ක් තුළ ඉන්දියානුවන් මිලියන 100ක් ඝාතනය කළ ආකාරය” යන මාතෘකාව යටතේ අල් ජසීරා සඟරාවේ ලිපියක හිකල් සහ සුලිවන් සිය පර්යේෂණ සාරාංශ ගත කර ඇත.

එම ලිපියේ ඔවුහු මෙසේ පැහැදිලි කරති.
ආර්ථික ඉතිහාසඥ රොබට් සී ඇලන් විසින් කරන ලද පර්යේෂණයකට අනුව, බ්‍රිතාන්‍ය පාලනය යටතේ ඉන්දියාවේ අන්ත දරිද්‍රතාවය 1810 දී සියයට 23 සිට 20 වන සියවසේ මැද භාගයේදී සියයට 50 දක්වා වැඩි විය. බ්‍රිතාන්‍ය යටත් විජිත සමයේ සැබෑ වැටුප් පහත වැටුණු අතර, 19 වැනි සියවසේ ඉතාම මට්ටමට ළඟා විය. සාගත නිතර නිතර පැමිණි අතර ඒවා මාරාන්තික විය.යටත් විජිතවාදය ඉන්දියානු ජනතාවට ප්‍රතිලාභ සැලසූවාට වඩා, වාර්තාවී තිබෙන ඉතිහාසයේ සමානකම් කිහිපයක් සහිත මානව ඛේදවාචකයකි.

1880 සිට 1920 දක්වා කාලය බ්‍රිතාන්‍යය අධිරාජ්‍ය බලයේ උච්චතම අවස්ථාව බවත් ඉන්දියාවට විශේෂයෙන් විනාශකාරී වූ බවට විශේෂඥයෝ එකඟ වෙති. 1880 ගණන්වල ආරම්භ වූ යටත් විජිත පාලන තන්ත‍්‍රය විසින් සිදු කරන ලද විස්තීරණ ජන සංගණනවලින් හෙළි වන්නේ 1880 ගණන්වල පුද්ගලයන් 1,000කට මරණ 37.2 සිට 1910 දශකයේදී එම අගය 44.2 දක්වා මරණ අනුපාතය සැලකිය යුතු ලෙස වැඩි වූ බවයි.එලෙසම එම කාලය තුළ ආයු අපේක්ෂාව අවුරුදු 26.7 සිට අවුරුදු 21.9 දක්වා අඩු විය.

වර්ල්ඩ් ඩිවලොප්මන්ට් සඟරාවේ මෑත කාලීන පත්‍රිකාවක,” මෙම කුරිරු දශක හතර තුළ බ්‍රිතාන්‍ය අධිරාජ්‍ය ප්‍රතිපත්ති මගින් මියගිය පුද්ගලයින් සංඛ්‍යාව තක්සේරු කිරීමට අපි සංගණන දත්ත භාවිතා කළෙමු. ඉන්දියාවේ මරණ අනුපාත පිළිබඳ ශක්තිමත් දත්ත පවතින්නේ 1880 ගණන්වල සිට පමණි. අපි මෙය “සාමාන්‍ය” මරණ සඳහා මූලික පදනම ලෙස භාවිතා කරන්නේ නම්, 1891 සිට 1920 දක්වා කාලය තුළ බ්‍රිතාන්‍ය යටත් විජිතවාදයේ අනුග්‍රහය යටතේ අතිරික්ත මරණ මිලියන 50 ක් පමණ සිදු වූ බව අපට පෙනී යයි.

මිලියන පනහක මරණ විශ්මය ජනක අගයක් වන අතර එය ගතානුගතික ඇස්තමේන්තුවකි. සැබෑ වැටුප් පිළිබඳ දත්ත පෙන්නුම් කරන්නේ, 1880 වන විට, යටත් විජිත ඉන්දියාවේ ජීවන තත්වයන් දැනටමත් ඔවුන්ගේ පෙර මට්ටම්වලට වඩා භිසුනු ලෙස පහත වැටී ඇති බවයි. ඇලන් සහ අනෙකුත් විද්වතුන් තර්ක කරන්නේ යටත් විජිතවාදයට පෙර ඉන්දියානු ජීවන තත්වයන් “බටහිර යුරෝපයේ සංවර්ධනය වෙමින් පවතින කොටස් හා සමානව” පැවතිය හැකි බවයි. ඉන්දියාවේ පූර්ව යටත් විජිත මරණ අනුපාතය කුමක්දැයි අපි නිශ්චිතවම නොදනිමු, නමුත් එය 16 වන සහ 17 වන සියවස්වල එංගලන්තයට සමාන යැයි උපකල්පනය කළහොත් (පුද්ගලයින් 1,000 කට මරණ 27.18),1881 සිට 1920 දක්වා කාලය තුළ ඉන්දියාවේ අතිරික්ත මරණ මිලියන 165 ක් සිදුවී ඇති බව අපට පෙනී යයි.” ලෙස සඳහන් වේ.

නිශ්චිත මරණ සංඛ්‍යාව මූලික මරණ පිළිබඳව අප කරන උපකල්පනවලට සංවේදී වන අතර, බ්‍රිතාන්‍ය යටත් විජිතවාදයේ උච්චතම අවස්ථාව වන විට මිලියන 100 කට ආසන්න ජනතාවක් කොතැනක හෝ අකාලයේ මිය ගිය බව පැහැදිලිය. මෙය මානව ඉතිහාසයේ ප්‍රතිපත්තිමය වශයෙන් ඇති වූ විශාලතම මරණ අර්බුද අතර වේ. එය සෝවියට් සංගමයේ, මාඕවාදී චීනයේ, උතුරු කොරියාවේ, පොල්පොට්ගේ කාම්බෝජයේ සහ මෙන්ගිස්ටුගේ ඉතියෝපියාවේ සියලු සාගතවලදී සිදු වූ මරණ සංඛ්‍යාවට වඩා විශාලය.

මෙම විශ්මය ජනක සංඛ්‍යාව ලේඛන වලට බ්‍රිතාන්‍ය අධිරාජ්‍යය පාලනය තුළ “මිනිසුන් විසින් නිර්මාණය ලද සාගතයන්” හේතුවෙන් මියගිය තවත් මිලියන සංඛ්‍යාත ඉන්දියානුවන් ඇතුළත් නොවේ.

1943 දී කුප්‍රකට බෙංගාල සාගතයේදී ඉන්දියානුවන් මිලියන 3 ක් කුසගින්නෙන් මිය ගියේය. එහෙත් මෙම කාලය තුල බ්‍රිතාන්‍ය රජය ඉන්දියාවෙන් ආහාර අපනයනය කළ අතර ධාන්‍ය ආනයනය තහනම් කළේය.

1943 බෙංගාල සාගතය ස්වභාවික හේතූන් නිසා ඇති වූවක් නොවන බව විද්‍යාඥයින් විසින් කරන ලද ශාස්ත්‍රීය අධ්‍යයනයන් සොයා ගන්නා ලදී.එම සාගතය බ්‍රිතාන්‍ය අගමැති වින්ස්ටන් චර්චිල්ගේ ප්‍රතිපත්තිවල ප්‍රතිඵලයකි.
චර්චිල් යනු කුප්‍රකට ජාතිවාදියෙකි. වරක් ඔහු ප්‍රකාශ කළේ “මම ඉන්දියානුවන්ට වෛර කරනවා. ඔවුන් තිරිසන් ආගමක් ඇති තිරිසන් ජනතාවක්.”

1930 ගණන්වල මුල් භාගයේදී, චර්චිල් නාසි නායක ඇඩොල්ෆ් හිට්ලර් සහ ෆැසිස්ට්වාදය ආරම්භ කළ ඉතාලි ආඥාදායකයා වූ බෙනිටෝ මුසෝලිනි ද අගය කිරීමට කටයුතු කළේය.
චර්චිල්ගේම විද්වත් ආධාරකරුවන් පිළිගත්තේ ඔහු “මුසෝලිනී කෙරෙහි ප්‍රසාදය පළ කළ” බවත්, “ඉතාලි ෆැසිස්ට්වාදය සහ ඉතාලි කොමියුනිස්ට්වාදය අතර තෝරා ගැනීමට බල කළහොත්, චර්චිල් පැකිලීමකින් තොරව ඉතාලි ෆැසිස්ට්වාදය තෝරා ගන්නා බවයි.”
එක්සත් ජාතීන්ගේ නියෝජ්‍ය මහලේකම්වරයෙකු ලෙස සේවය කළ ඉන්දීය දේශපාලඥ ශෂී තරූර්, විශේෂයෙන්ම චර්චිල් යටතේ බ්‍රිතාන්‍ය අධිරාජ්‍යයේ අපරාධ සම්බන්ධ තොරතුරු සවිස්තරාත්මකව ලේඛනගත කර ඇත.

“හිට්ලර්ගේ මෙන් චර්චිල්ගේ දෑත්වලද ලේ තැවරී තිබේ,” තරූර් අවධාරණය කළේය. “චර්චිල් බෙංගාල සාගතයේ දී ඔහු ගත් හෝ අනුමත කළ තීරණ නිසා මිලියන 4.3 ක ජනතාවක් මිය ගියෝය. ඒවා චර්චිල් විසින් පෞද්ගලිකවම අත්සන් කළ තීරණයි.” ශෂී තරූර් පෙන්වා දුන්නේය.

සම්මානලාභී ඉන්දීය ආර්ථික විද්‍යාඥ උට්සා පට්නායික් බ්‍රිතාන්‍ය අධිරාජ්‍යය විසින් ඉන්දීය උප මහද්වීපයෙන් ඩොලර් ට්‍රිලියන 45 ක ධනයක් ඉවතට ගත් බව ඇස්තමේන්තු කර ඇත.
2018 ඉන්දියානු පුවත් වෙබ් අඩවියක් වන “මින්ට්” වෙබ් අඩවිය සමඟ සම්මුඛ සාකච්ඡාවකදී ඇය මෙසේ පැහැදිලි කළාය.
“1765 සහ 1938 අතර, පවුම් ට්‍රිලියන 9.2 ක් (ඩොලර් ට්‍රිලියන 45 ට සමාන) පිටතට ගලා යාමට සැලැස්සුවා. එය ඉන්දියාවේ අපනයන අතිරික්ත ඉපැයීම් මිනුම ලෙස ගෙන එයට 5% පොලී අනුපාතයකට එකතු කර මෙම ගණනය කිරීම් කරනු ලැබුවා. ඉන්දියානුවන් ඉපැයූ රන් සහ විදේශ විනිමය කිසිවිටෙක ඉඩ්න්හියානු ආර්ථිකය්ට බැර කර නැත. ඒ වෙනුවට, කිසිදා ස්වාධීන රටක සිදු නොවන සිද්ධියක් වන දේශීය නිෂ්පාදකයින්ට රුපියල් වලින් ගෙවා ඇත . මධ්‍යම රජයේ අයවැයෙන් 26-36% අතර අගයක ප්‍රමානයක් පිටතට ගෙනගොස් ඇත. ඉන්දියාවේ දැවැන්ත විදේශ ඉපැයීම් රට තුළ රඳවා ගත්තේ නම් එය පැහැදිලිවම ඉන්දියාවේ දැවැන්ත වෙනසක් සිදු කිරීමට ඉඩ තිබුණි. වඩා හොඳ සෞඛ්‍ය සහ සමාජ සුබසාධන දර්ශක සහිතව ඉන්දියාව මීට වඩා බොහෝ දියුණු වන්නට තිබුණි. 1929 ට පෙර දශක තුනක් තිස්සේ ඉන්දියාව ලෝකයේ දෙවන විශාලතම අපනයන අතිරික්ත ඉපැයීම් වාර්තා කළද, 1900 සහ 1946 අතර ඒක පුද්ගල ආදායමේ ප්‍රායෝගිකව කිසිදු වැඩි වීමක් සිදු නොවීය.

සියලු ඉපැයීම් බ්‍රිතාන්‍යය විසින් අත් පත් කර ගනු ලැබූ බැවින්,ඉන්දියාව එවැනි එකතැන පල්වීම සිදුවීම පුදුමයක් නොවේ. සාමාන්‍ය මිනිස්සු මැස්සන් වගේ මිය ගියේ මන්දපෝෂණයෙන් සහ ලෙඩ රෝග හේතුවෙනි. 1911 දී ඉන්දියානුවෙකුගේ උපතේදී ජීවිතය පිළිබඳ අපේක්ෂාව වසර 22 ක් පමණක් වීම කම්පනයට කරුණකි. කෙසේ වෙතත්, වඩාත්ම කැපී පෙනෙන දර්ශකය වන්නේ ආහාර සහ ධාන්‍ය ලබා ගැනීමේ හැකියාවයි. සාමාන්‍ය ඉන්දියානුවන්ගේ මිලදී ගැනීමේ හැකියාව අධික බදු වලින් මිරිකී තිබූ නිසා, ඒක පුද්ගල වාර්ෂික ආහාර ධාන්‍ය පරිභෝජනය 1900 දී කිලෝග්‍රෑම් 200 සිට දෙවන ලෝක යුද්ධය ආසන්නයේ කිලෝග්‍රෑම් 157 දක්වා පහත වැටුණු අතර 1946 වන විට එය කිලෝග්‍රෑම් 137 දක්වා පහත වැටුණි. අද ලෝකයේ, අඩුම තරමින් සංවර්ධිත නොවන කිසිදු රටක් 1946 ඉන්දියාව සිටි ස්ථානයට ආසන්නයටවත් පැමිණ නැත.

ඒ අනුව පට්නායික් අවධාරණය කළේ:

නූතන ධනේශ්වර ලෝකය යටත්විජිතවාදය සහ පරිධියේ රටක ධනය සූරාකන්නේ නොමැතිව පවතින්නේ නැත. බ්‍රිතාන්‍යයේ කාර්මික සංක්‍රාන්තිය, 1780 සිට 1820 දක්වා කාලය තුළ, ආසියාවෙන් සහ බටහිර ඉන්දීය කොදෙව්වලින් එකතු වූ විදේශ විනිමය, බ්‍රිතාන්‍යයේ දළ දේශීය නිෂ්පාදිතයෙන් සියයට 6ක් පමණ වූ අතර, එය එහිම ඉතුරුම් අනුපාතයට සමාන විය. 19 වන ශතවර්ෂයේ මැද භාගයෙන් පසු, බ්‍රිතාන්‍යය මහාද්වීපික යුරෝපය සහ උතුරු ඇමරිකාව සමඟ ජංගම ගිණුම් හිඟයක් පවත්වාගෙන ගිය අතර, ඒ සමඟම, බ්‍රිතාන්‍ය ප්‍රාග්ධන ගිණුම් හිඟය ද පවත්වාගෙන ගිය අතර මෙම කලාපවල විශාල වශයෙන් ආයෝජනය කළේය. මෙම හිඟයන් දෙක මෙම කලාප සමඟ විශාල සහ ඉහළ යන ගෙවුම් ශේෂ හිඟයන් වෙත අවසානයේදී ළඟ විය.

එක්සත් ජනපදයේ සහ මහාද්වීපික යුරෝපයේ දුම්රිය මාර්ග, මාර්ග සහ කර්මාන්තශාලා තැනීමට ගිය බ්‍රිතාන්‍යයට මෙතරම් ප්‍රාග්ධනයක් අපනයනය කිරීමට හැකි වූයේ කෙසේද? මෙම කලාප සමඟ එහි ගෙවුම් ශේෂ හිඟය යටත් විජිත විසින්, විශේෂයෙන්ම ඉන්දියාව විසින් ඉපැයූ මූල්‍ය රත්‍රන් සහ විදේශ විනිමය අත්පත් කර ගනිමින් පියවා ගනිමින් සිටියේය. යුද්ධය වැනි සෑම අසාමාන්‍ය වියදමක්ම ඉන්දීය අයවැයට ද යොදන ලද අතර, වාර්ෂික විනිමය ඉපැයීම් හරහා ඉන්දියාවට සපුරාලීමට නොහැකි වූ ඕනෑම දෙයක් එහි ණය ලෙස පෙන්වූ අතර, ඒ සඳහා පොලී එකතු විය.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More