දේශීය පුවත්

ඉකුත් ජනාධිපතිවරණය සමයේ දිවිනැගුම අරමුදලෙන් රුපියල් මිලියන 36 කට වැඩි මුදලක් වැය කර දිවයින පුරා ප්‍රාදේශීය සභාවලට ජී.අයි. පයිප්ප බට මිලදී ගැනීමේ සිද්ධියක් සම්බන්ධයෙන් චෝදනා ලබා සිටින හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතාට වෛද්‍ය ප්‍රතිකාර සඳහා විදෙස් ගත වීමට කොළඹ මහාධිකරණය අද(16) අවසර ලබා දුන්නේය.

මෙම නඩුව කොළඹ මහාධිකරණ විනිසුරු ඒ. ඒ.ආර්.හෙයියන්තුඩුව මහතා ඉදිරියේ අද කැඳවූ අවස්ථාවේදී බැසිල් රාජපක්ෂ මහතා වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරුන් අධිකරනය හමුවේ කරුණු දක්වමින් තම සේවාදායකයාට වෛද්‍ය ප්‍රතිකාර ලබාගැනීම සඳහා අගෝස්තු මස 10 වන දා සිට නොවැම්බර් මස 10 වන දාදක්වා කාලසීමාව තුළ ඇමෙරිකා එක්සත් ජනපදයට යාමට අවශ්‍ය ඇති බවයි.

ඊට අදාළ වෛද්‍ය සහතික මෙන්ම රක්ෂණ වාර්තා අද අධිකරණය වෙත ඉදිරිපත් කළ එම නීතිඥවරුන් ඒ සඳහා දැනට පනවා තිබෙන විදෙස් ගමන් තහනම ලිහිල් කරන මෙන්ද අධිකරණයෙන් ඉල්ලීම් කළේය.

මෙහිදී රජයේ නීතිඥවරයා අධිකරණයට කරුණු දක්වමින් කියා සිටියේ මෙම ඉල්ලීම සම්බන්ධයෙන් විරුද්ධත්වයක් නොමැති වුවත් ඉදිරි නඩු විභාගවලට බාධාවක් නොවන පරිදි මෙම ඉල්ලීමට ඉඩ දෙන මෙන්ද අධිකරණයෙන් ඉල්ලා සිටියේය.

ඒ අනුව අදාළ කාලසීමාව තුළ විත්තිකාර බැසිල් රාජපක්ෂ මහතාට විදේශ ගතවීමට අවසර ලබාදුන් මහාධිකරණ විනිසුරුවරයා දැනට අධිකරණ භාරයේ පවතින ඔහුගේ විදේශ ගමන් බලපත්‍රය රුපියල් ලක්ෂ දෙකක පුද්ගලික ඇපයක් මත මුදා හරින මෙන් ද නියම කළේය.

කෙසේ වෙතත් ද්විත්ව පුරවැසිභාවය හිමි බැසිල් රාජපක්ෂ මහතාද  2019 ජනාධිපතිවරණය සදහා අපේක්ෂක ලයිස්තුවේ නිර්නාමිකව සිටින බවට දේශපාලන විචාරකයෝ අදහස් පළ කරති.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More