දේශීය පුවත්

ඉන්දියාව මිලදී ගන්නා ඛනිජ තෙල් ඇතුලු රුසියානු නිෂ්පාදන වලට රුසියානු රූබලය වෙනුවට ඉන්දියානු රුපියලෙන් ගෙවීමේ යාන්ත්‍රණයක් පිළිබඳ ඉන්දියාව සහ රුසියාව අතර වසරක කාලයක් පුරා පැවැති සාකච්ඡා ඇනහිට ඇති බව ඉන්දීය මුදල් අමාත්‍යාංශයේ නිර්නාමික නිලධාරීන් රොයිටර් පුවත් සේවයට පවසා ඇත.

දෙරට අතර වැඩෙන වෙලඳ අසමතුලිතතාවය හේතුවෙන් රුසියාවට රුපියලේ අතිරික්තයක් අවශ්‍ය නොවන බව පවසා ඇතැයි රොයිටර් පුවත් සේවය වැඩිදුරටත් පවසයි. කෙසේ වෙතත්, ඉන්දියානු ප්‍රවෘත්ති ඒජන්සිය,නම් නොකළ රුසියානු නිලධාරියෙක් ඒවා බටහිර මාධ්‍ය වල “ප්‍රාර්ථනා” ලෙස හඳුන්වමින් රොයිටර් වාර්තා ප්‍රතික්ෂේප කළ බව වාර්තා කළේය.

වාර්තා වන ආකාරයට සාකච්ඡා අත්හිටුවීමට තවත් හේතුවක් වන්නේ මුදල් පරිවර්තනය කිරීමේ වෙහෙසකර සහ මිල අධික ක්‍රියාවලියයි. ඉන්දියානු රුපියල සෘජුවම රූබලයට පරිවර්තනය කළ නොහැකි බැවින්, ද්විත්ව පරිවර්තන ගාස්තු මුළු ගනුදෙනු වටිනාකමෙන් 3% දක්වා ඉහළ අගයකට ළඟා විය හැකිය.

ඉන්දියානු අපනයන සංවිධාන සම්මේලනයේ( Federation of Indian Export Organizations-FIEO) අධ්‍යක්ෂ ජනරාල් අජේ සහයි, රුපියල-රූබල් වෙළඳ යාන්ත්‍රණය මුහුණ දෙන “මෙහෙයුම් ගැටළු” සම්බන්ධයෙන් රුසියානු පුවත් සේවය මෑතදී ගෙනහැර දැක්වීය. “රුපියල් අධික ලෙස ගනුදෙනු කිරීම සම්බන්ධයෙන් රුසියානු අපනයනකරුවන් අතර කනස්සල්ලක් පවතී. විනිමය අනුපාතිකය ද අවධානයට ලක්විය යුතු තවත් අංශයක් වී තිබේ, ”ඔහු වැඩිදුරටත් පැවසීය. අජේ සහයි විසින් සීමිත සහ ස්ථාවර කාල රාමුවක් සඳහා ව්‍යුත්පන්න කළ හැකි පරිපාලන විනිමය අනුපාතිකයක් යෝජනා කර සිටියේය. උදාහරණයක් ලෙස දින 15ක කාලයකට, අතිරේක පිරිවැය ඉතිරි කර ගැනීම සඳහා ව්‍යුත්පන්න කළ හැකි පරිපාලන විනිමය අනුපාතිකයක් රුසියානු අපනයනයකරුවන්ගේ පාර්ශවයෙන් යෝජනා විය. නමුත් ඉන්දියානු අපනයනකරුවන් එයට අකමැති විය.
වාර්තාගත සාකච්ඡා බිඳවැටීම පැමිණෙන්නේ වට්ටම් සහිත රුසියානු තෙල් ආනයනය කිරීමේ පසුබිම මත ඉන්දු-රුසියාවේ වෙළඳ හිඟයේ වැඩිවීම මධ්‍යයේ ය. ක්‍රියාකාරී රුපියල්-රූබල් වෙළඳ යාන්ත්‍රණයක් කරා යන ගමනේ තවත් බාධකයක් වන ගෝලීය බොරතෙල් මිලෙහි සැලකිය යුතු පහත වැටීමක් සහ රුසියානු තෙල් සඳහා වන වට්ටම් හැකිලීමෙන් පසුව ඉන්දියානු පිරිපහදු කරන්නන් තවදුරටත් අනපේක්ෂිත ලාභ අත්විඳින්නේ නොමැති වීමයි.

ඉන්දියානු රජයේ දත්ත වලට අනුව 2021-22 දී රුසියාවෙන් කළ ආනයනයන් ඩොලර් බිලියන 9.87 සිට 2022-23 දී ඩොලර් බිලියන 46.3 දක්වා 369% කින් ඉහළ ගොස් තිබේ. එක්සත් ජනපදය ප්‍රමුඛ බටහිර සම්බාධකවල පසු කම්පනවලින් මිදීමට මොස්කව් ඉන්දියාව සහ චීනය වැනි ආසියානු ආර්ථික බලවතුන් දෙසට හැරවීම නිසා බොරතෙල් නැව්ගත කිරීම් වල ඝාතීය වැඩිවීම මෙයට බොහෝ දුරට හේතු වී ඇති බව ආර්ථික විද්‍යාඥයන්ගේ මතයයි.

පසුගියදා බටහිර ඉන්දීය වෙරළබඩ ප්‍රාන්තයේ ගෝවා හි පැවති ෂැංහයි සහයෝගිතා සංවිධානයේ (SCO) විදේශ අමාත්‍යවරුන්ගේ කවුන්සිලයේ රැස්වීමට සමගාමීව මාධ්‍ය සමඟ අදහස් දක්වමින් රුසියානු විදේශ අමාත්‍ය සර්ජි ලැව්රොව් ඉන්දියානු  රුපියලේ බහුලත්වය පිළිබඳ ගැටලුව පිළිගත්තේය. “ඉන්දියානු රුපියල සම්බන්ධයෙන් ගත් කළ, මෙය ප්‍රශ්නයක් වන්නේ ඉන්දියානු බැංකුවල ගිණුම්වල රුපියල් බිලියන ගණනක් ගොඩගැසී ඇති නිසා මෙන්ම අප මෙම මුදල් භාවිතා කළ යුතු වන නිසායි. මේ සඳහා රුපියල් වෙනත් මුදල් බවට පරිවර්තනය කළ යුතුය. මේ ගැන තවදුරටහ් සාකච්ඡා කරනවා,” ඔහු පැවසීය.

කෙසේ වෙතත්, ඩොලරයේ “අපයෝජනය” වළක්වා ගැනීම සඳහා “ජාතික මුදල් භාවිතය ඉහළ නැංවීම” පිළිබඳ ෂැංහයි සහයෝගිතා සංවිධානයේ සාමාජික රටවල් අතර ඇති අවබෝධය ලැව්‍රොව් පෙන්වා දුන්නේය. “යුරේසියානු ප්රතිසංස්කරණ හා සංවර්ධන බැංකුවේ සහ නව BRICS සංවර්ධන බැංකුවේ දැනට ගොඩ නගා  ඇති භාවිතයන් අපට භාවිතා කළ හැකියි.” ඔහු තවදුරටත් පැවසුවේය.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More