මත්තල ගුවන්තොටුපොළ ඉන්දියාවට ලබා දීම තුළින් ජාත්‍යන්තර බලවතුන්ගේ බල අරගලයට ශ්‍රී ලංකාව ගොදුරු වීමේ අවදානමක් ඇති බව ඒකාබද්ධ විපක්ෂය අවධාරණය කරයි.
ඒකාබද්ධ විපක්ෂයේ මන්ත්‍රීවරුන් තිස් දෙනෙකු අද(16) මත්තල ගුවන්තොටුපලේ නිරීක්ෂණ චාරිකාවක ද නිරත වූ අතර එහිදී ගුවන්තොටුපළේ වත්මන් තත්ත්වය පිළිබඳව ඔවුන් කරුණු රැසක් අනාවරණ කළේය.
මත්තල ගුවන්තොටුපොළ ඉන්දීය සමාගමකට බදු පදනම මත විකිණීමට රජය තීරණය කර ඇති පසුබිමක ඒකාබද්ධ විපක්ෂයේ මන්ත්‍රීවරුන් 30 දෙනෙකු එම ගුවන්තොටුපලේ වත්මන් තත්ත්වය සොයා බැලීම සඳහා අද නිරීක්ෂණ චාරිකාවකට එක් වුණි.
පාර්ලිමේන්තු මන්ත්‍රී චමල් රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් යුත් මන්ත්‍රීවරුන් කණ්ඩායම මෙහිදී ගුවන්තොටුපලේ නිලධාරීන් සමගත් සාකච්ඡා කරනු ලැබුවේය.
ඉන් අනතුරුව වී ගබඩා කිරීමට යොදාගත් ගුවන් භාණ්ඩ රැඳවුම් මධ්‍යස්ථානයද මන්ත්‍රීවරුන්ගේ නිරීක්ෂණයට ලක් වුණි.
පසුව ගිනි නිවීම් අංශය පිළිබඳව ද සොයා බැලූ මන්ත්‍රීවරුන් ගිනි නිවීම් රථ ක්‍රියාත්මක භාවයේ පවතින්නේ ද යන්න පිළිබඳවත් සොයා බලනු ලැබුවේය.
අනතුරුව ගුවන්තොටුපලේ ඉන්ධන පිරවුම්හල ද මන්ත්‍රීවරුන් විසින් නිරීක්ෂණය කරනු ලැබුවේය.
මේ අතර ජාතික නිදහස් පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා මත්තල ගුවන්තොටුපල ඉන්දියාවට ලබා දීම පිළිබඳව නිවේදනයක් නිකුත් කරමින් පවසන්නේ රටේ ජනතාව මහ බලවතුන්ගේ යුදමය ගැටුම්වලට ගොදුරු කරමින් කරනු ලබන මෙම මහා පාවාදීම ඉන්දු – ලංකා ගිවිසුමට වඩා බරපතළ පාවාදීමක් බවට ඉතිහාසය විසින් සටහන් තබනු ඇති බවයි.
එම දිනය පැමිණෙන තෙක් බලා නොසිට මේ පාවාදීම වැළැක්වීම සඳහා සමස්ත ජාතියම නැගීසිටිය යුතු බව අවධාරණය කරන බව ද මන්ත්‍රීවරයා නිවේදනයෙන් පෙන්වා දී තිබේ.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...