දේශීය පුවත්

චීන-ඉන්දියානු දේශසීමාවේ වත්මන් තත්ත්වය සාමාන්‍යයෙන් ස්ථාවර වන අතර කලාපයේ තිරසාර සාමය සහ ස්ථාවරත්වය පවත්වා ගැනීම සඳහා දෙපාර්ශවය අතර සබඳතා තවදුරටත් වැඩිදියුණු කිරීමට සහ පහසු කිරීමට උත්සාහ කළ යුතු බව චීන රාජ්‍ය මන්ත්‍රී සහ විදේශ අමාත්‍ය ක්වින් ගැන්ග් (Qin Gang ) ප්‍රකාශ කළේය. පසුගිය 4 වනදා ඉන්දියාවේ ගෝවා හි පැවති ෂැංහයි සහයෝගිතා සංවිධානයේ විදේශ අමාත්‍යවරුන්ගේ රැස්වීමට සමගාමීව ඉන්දීය විදේශ කටයුතු අමාත්‍ය සුබ්‍රමනියම් ජයශංකර් සහ චීන විදේශ අමාත්‍ය ක්වින් ගැන්ග් හමුවිය.

චීනය සහ ඉන්දියාව, ලෝකයේ වඩාත්ම ජනාකීර්ණ සංවර්ධනය වෙමින් පවතින රටවල් දෙක ලෙස, නවීකරණයේ තීරණාත්මක කාල පරිච්ඡේදයක සිටින බව චීන විදේශ ඇමතිවරයා අවධාරණය කළේය.මෙහිදි චීන විදේශ අමාත්‍ය ක්වින් ඉන්දීය විදේශ අමාත්‍ය ජයශංකර් වෙත පැවසුවේ, ඉතිහාසයෙන් අත්දැකීම් සහ පාඩම් උකහා ගන්නා ලෙසත්, ද්විපාර්ශ්වික සබඳතා උපායමාර්ගික පදනමකින් සහ කාලීන ඉදිරි දර්ශනය මත පිහිටා දිගු කාලීන පැවැත්ම සඳහා යොදා ගන්න ලෙසත් ඉල්ලා සිටින බවයි.

“එකිනෙකාට ගරු කිරීම සහ ඉගෙනීම සහ අන්‍යෝන්‍ය සාර්ථකත්වය ළඟා කර ගැනීමේ විශ්වාසය තහවුරු කරමින් චීනය සහ ඉන්දියාව අසල්වැසි ප්‍රධාන රටවල් අතර සුහද සහජීවනයේ, සාමකාමී සංවර්ධනයේ සහ පොදු පුනර්ජීවනයේ නව මාවතකට අවතීර්ණ විය යුතුයි. එවිට රටවල් දෙකේම පුනර්ජීවනය සඳහා ආධාර සැපයිය හැකි අතර ලෝක සාමයට සහ සංවර්ධනයට ස්ථාවරත්වය සහ ධනාත්මක ශක්තිය එන්නත් කළ හැකියි” ක්වින් සඳහන් කළේය.

මෙහිදී, ද්විපාර්ශ්වික උපදේශන සහ හුවමාරු සිදු කිරීමට, බහුපාර්ශ්වික රාමු යටතේ සංවාද සහ සහයෝගීතාව වැඩි දියුණු කිරීමට, ජාත්‍යන්තර හා කලාපීය ගැටළු සම්බන්ධයෙන් සම්බන්ධීකරණය සහ සහයෝගීතාව ගැඹුරු කිරීමට සහ චීන-ඉන්දියාව සබඳතා සෞඛ්‍ය සම්පන්න සහ ස්ථාවර සංවර්ධන මාවතකට තල්ලු කිරීමට ඉන්දියාව සමඟ කටයුතු කිරීමට චීනයේ කැමැත්ත ද ක්වින් ප්‍රකාශ කළේය.

අමාත්‍යවරුන් දෙදෙනා අතර සිදුවූ හමුවේදී ජයශංකර් ඉන්දියාව චීනය සමඟ සබඳතා දෙස බලන ආකාරය සම්බන්ධයෙන්ද අදහස් හුවමාරු කර ගත්තේය.

ඉන්දියාව සහ චීනය තවමත් බොහෝ කරුණු සම්බන්ධයෙන් සහයෝගීතාව ශක්තිමත් කළ යුතු බව ජයශංකර් පෙන්වා දුන්නේය. උපදේශන හරහා දේශසීමා කලාපයේ සාමය සහ ස්ථාවරත්වය ආරක්ෂා කිරීමට ඉන්දියාව කැමැත්තෙන් සිටින බවද ජයශංකර් වැඩිදුරටත් පැවසුවේය.

ෂැංහයි සහයෝගිතා සංවිධානයේ රැස්වීමට සත්කාරකත්වය දැක්වීමේදී චීනය ඉන්දියාවට සහාය දෙනු ලබයි. වසරින් වසර මාරුවන වන සභාපති ධුරය මෙවර දරන ඉන්දියාව, සමගිය සහ සහයෝගීතාවයේ ආත්මය තුළ සිදුවීම් සාර්ථක කර ගැනීම සඳහා ක්‍රියාකාරී භූමිකාවක් ඉටු කරනු ඇතැයි අපේක්ෂා කරන බව ක්වින් පැවසීය.

විදේශ අමාත්‍යවරුන් දෙදෙනා පොදු අවධානයට ලක්විය යුතු ජාත්‍යන්තර සහ කලාපීය ගැටළු පිළිබඳව ද අදහස් හුවමාරු කර ගත්හ.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More