රුසියාව විසින් යුක්රේනයේ ගුවන් ආරක්ෂක වළල්ල මඟ හැරීමට පියාපත් වල බෝම්බ සවිකර ඇති නව ප්‍රහාරක ගුවන් යානාවක් භාවිතා කරන බව “The Telegraph” පුවත්පත පවසයි. වසන්ත සෘතුවේදී සිදුවන ප්‍රහාර වලදී එක්රැස් වන ප්‍රබල රුසියානු හමුදාවන් මෙම උපක්රමික ආයුදය භාවිතා කළ හැකි බව “The Telegraph” පුවත් පත පසුගිය 7 වනදා වාර්තා කළේය. කියෙව් පාලනය රුසියානු පාර්ශවය තුල සිදුවන මෙම නව වර්ධනය උලුප්පා දක්වමින් නැවත වරක් බටහිර රටවලින් F-16 ප්‍රහාරක යානා ඉල්ලා සිටී.
“Russia’s newest weapon is changing the course of Ukraine war රුසියාවේ නවතම ආයුධය යුක්රේන යුද්ධයේ ගමන් මග වෙනස් කරයි”, FAB-500 වැනි ග්ලයිඩ් බෝම්බ සම්බන්ධයෙන් සඳහන් කරමින් “The Telegraph” පුවත් පත සිය ප්‍රධාන සිරස්තලය මගින් ප්‍රකාශ කළේය. කියෙව් හමුදා නිලධාරීන්ගේ ඇස්තමේන්තුවට අනුව රුසියානු ගුවන් හමුදාව දිනකට අවම වශයෙන් එවැනි බෝම්බ 20 ක් භාවිතා කරනු ලැබේ.
යුක්රේන ගුවන් හමුදා මාධ්‍ය ප්‍රකාශක යූරි ඉග්නාට් ” පසුගිය මාසය පුරා මෙම අවිය “දැඩි ලෙස” භාවිතා කර තිබෙනවා.එය අපට බරපතල තර්ජනයක්” පවසා ඇති බවද පුවත් පත පවසයි.
ඉග්නාට් ට අනුව, ග්ලයිඩ් බෝම්බ භාවිතය යනු මොස්කව් “යුක්රේනයට ඉහල අහසේ පාලනය ගැනීමට අපොහොසත් වීමෙන්” පසු කෲස් මිසයිල භාවිතය බොහෝ සේ පහල ගොස් තිබීමයි.ඒ අනුව රුසියාව අපේක්ෂා කරන බොහෝ ප්‍රහාරවලට සහය දැක්වීම සඳහා යුක්රේන උපායශීලී ගුවන් ආරක්ෂාව ඉක්මවා යුද බිමේ ඉදිරි පෙරමුණටම ගොස් බෝම්බ හෙලීමට රුසියාවට හැකි බව “The Telegraph” පැහැදිලි කළේය.
ඉග්නාට් පසුගිය සතියේ පුවත් වාර්තාකරුවන්ට පැවසුවේ කියෙව් පරිපාලනය රුසියානු හමුදා හෙලන බෝම්බ නැවැත්වීමට F-16 ප්‍රහාරක යානා එවන ලෙස එක්සත් ජනපදයට සහ එහි මිත්‍රයින්ට ආයාචනා කළ බවයි. ඔහු The Telegraph වෙත එම ආයාචනය පසුගිය 07 වනදා නැවත නැවතත් කළේය.
“රුසියානුවන් යුක්රේන ගුවනට ඇතුල්වීම වළක්වා ගැනීමට F 16 ප්‍රහාරක යානා එකක් හෝ දෙකක් පමණක් ප්‍රමාණවත් වනවා. මක්නිසාද යත් රුසියානුවන් මේවායින් කිහිපයක් ගුවනේ ඇති බව දකිනු ඇති අතර ඔවුන් ඒවාට ළං වීමෙන් වැලකී සිටීම නියතයි.” ඔහු පැවසීය.
පසුගිය දින කිහිපයක සිට අඛණ්ඩව, රුසියාව යුක්රේන දුම්රිය මාර්ග, ඉන්ධන සහ පතොරම් ගබඩා සහ භට පිරිස් සංකේන්ද්‍රණය වී සිටින ප්‍රදේශවලට ප්‍රහාර රැල්ලක් එල්ල කර තිබේ. ඒ සඳහා කෲස් මිසයිල සහ ඩ්‍රෝන භාවිතා කර ඇත. උපක්‍රමශීලී ඩ්‍රෝන යානා යුක්රේන ගුවන් ආරක්ෂාව ලබා දෙන ඉදිරිපෙළ දිගේ ගමන් කරන බව ද වාර්තා වී ඇත. යුක්රේනයේ ගුවන් ආරක්ෂාව දිගින් දිගටම පිරිහෙමින් පවතින බැවින් රුසියානු ගුවන් හමුදාවේ ප්‍රහාරක බලය ඉහළ යනු ඇතැයි පුරෝකථනය කරන එකසත් ජනපද යුද විශේෂඥයෝ මෑතකදී ග්ලයිඩ් බෝම්බ භාවිතය වැඩි වී ඇති බවද පෙන්වා දෙති.
බ්‍රිතාන්‍ය බුද්ධි උපදේශන සමාගමක් වන Sibylline සමාගමේ ජස්ටින් ක්රම්ප්ට අනුව මෙය වසන්ත සෘතුවේ ප්‍රහාරයකට සූදානම්ව සිටින කියෙව් හමුදාවන්ගේ සැලසුම්වලට බරපතල අභියෝගයක් එල්ල කිරීමකි. අපේක්ෂිත ප්‍රහාරය සඳහා ඉදිරි පෙළට ගෙන එන ලද භට පිරිස් සහ යුද ටැංකි ගුවන් ප්‍රහාරවලින් සිදුවන හානිය වළක්වා ගැනීම සඳහා විසිරී යා යුතු නමුත් ඉදිරියට යාමට කාලය පැමිණි විගසම රැස් විය යුතුය.
“මෙම පරිසරය තුළ විසුරුම සහ වේගවත් බලය සංකේන්ද්‍රණය කිරීම අත්‍යවශ්‍ය වේ,” ක්‍රම්ප් ටෙලිග්රාෆ් වෙත පැවසීය.
බටහිර රටවලින් ලැබෙන වාර්තා වලට අනුව, යුක්රේනය ක්රිමියාවට එල්ල කළ හැකි යැයි අනුමාන කරන දැවැන්ත ප්‍රහාරයක් සඳහා සූදානම් වීම වෙනුවෙන් අවම වශයෙන් නේටෝ-පුහුණු බලසේනා නවයක් සහ එක්සත් ජනපදය, එක්සත් රාජධානිය, ජර්මනිය සහ ප්‍රංශය විසින් සපයන ලද සන්නද්ධ වාහන සිය ගණනක් රැස් කර ඇත. කෙසේ වෙතත්, කාලගුණික ගැටළු සහ උපකරණ හිඟය උපුටා දක්වමින් කියෙව් විසින් ප්‍රහාරය නැවත නැවතත් කල් දමා ඇති අතර, බටහිර රටවල ආණ්ඩු යුක්රේනයේ අපේක්ෂාවන් කළමනාකරණය කිරීමට උත්සාහ දරමින් සිටිති.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...