බටහිර ප්‍රභූන්ට නාසීන්ගේ “උමතු අභිලාෂයන්” වල ප්‍රතිවිපාක අමතක වී ඇති බව රුසියානු ජනාධිපති ව්ලැඩිමීර් පුටින් මොස්කව්හි රතු චතුරශ්‍රයේ පැවැති ජයග්‍රාහී සැමරුම් දින පෙළපාළිය පිළිගැනීමේ කතාව අතරතුර පැවසීය.
“උසස් බව පිළිබඳ ඕනෑම මතවාදයක් ස්වභාවයෙන්ම පිළිකුල් සහගත, සාපරාධී සහ මාරාන්තික” බව රුසියාව විශ්වාස කරන බව ජනාධිපතිවරයා අවධාරණය කළේය.
“ගෝලීය ප‍්‍රභූ පැලැන්තිය ඔවුන්ගේ සුවිශේෂත්වය දිගටම අවධාරනය කරනවා. එලෙසම ඔවුන් එකිනෙකාට එරෙහිව ජනයා උසිගන්වනවා. සමාජයේ භේද ඇති කරනවා. ලේ වැකි ගැටුම් සහ කුමන්ත්‍රණ අවුලවලනවා. වෛරය, රුසෝෆෝබියාව සහ ආක්‍රමණශීලී ජාතිකවාදය වපුරවමින් මිනිසා මිනිසකු බවට පත් කරන සාම්ප්‍රදායික පවුල් වටිනාකම් විනාශ කරනවා.” පුටින් පැවසීය.
රුසියානු නායකයාට අනුව, මේ සියල්ල එක්සත් ජනපදය සහ ඔවුන්ගේ සහචරයින් විසින් සිදු කරනු ලබන්නේ “ඔවුන්ගේ කැමැත්ත, ඔවුන්ගේ අයිතිවාසිකම් සහ ඔවුන්ගේ නීති තවදුරටත් නියම කිරීම” සහ මූලික වශයෙන් “මංකොල්ලකෑම්, ප්‍රචණ්ඩත්වය සහ මර්දනය කිරීමේ පද්ධතියක්” ජාත්‍යන්තර තලයේ ක්‍රියාත්මක කිරීම සඳහා ය.
“නාසීන්ගේ උමතු අභිලාෂයන්ට මඟ පෑදුවේ කුමක් දැයි එක්සත් ජනපදයට සහ ඔවුන්ගේ සහචරයින්ට අමතක වී ඇති බව පෙනෙනවා. මේ ම්ලේච්ඡ නපුර සම්පූර්ණයෙන්ම පරාජය කළේ කවුරුන්ද යන්න එක්සත් ජනපදයට සහ ඔවුන්ගේ සහචරයින්ට අමතක වී ත්බෙනවා.” ඔහු අවධාරණය කළේය.
යුක්රේනයේ ගැටුම ගැන සඳහන් කරමින් පුටින් පැවසුවේ “මාතෘ භූමියට එරෙහිව සැබෑ යුද්ධයක් මුදා හැර තිබෙනවා. නමුත් අපි ජාත්‍යන්තර ත්‍රස්තවාදයට විරුද්ධ වුණා. අපි ඩොන්බාස් හි පදිංචිකරුවන් ආරක්ෂා කර අපගේ ආරක්ෂාව සහතික කරනවා.” යනුවෙනි.
බටහිරයන්ගේ අරමුන වන්නේ “අපේ රට කැඩී බිඳියාම හා විනාශය සාක්ෂාත් කර ගැනීමයි. දෙවන ලෝක සංග්‍රාමයේ ප්‍රතිඵල ශුන්‍ය කිරීම. ගෝලීය ආරක්‍ෂාව සහ ජාත්‍යන්තර නීති පද්ධතිය මුලුමනින්ම බිඳ දැමීම සහ ඕනෑම ස්වෛරී සංවර්ධන මධ්‍යස්ථානයක ගෙල සිර කිරීම ඔවුන්ගේ අරමුණයි.” ඔහු අවධාරණය කළේය.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...