දේශීය පුවත්

රුසියාව සහ යුක්රේනය අතර පවතින ගැටුම “හොලිවුඩ් චිත්‍රපටයක්” නොවන බවත් ආරම්භ වී ඇති ගැටුමේදී කියෙව් එල්ල කරන ප්‍රතිප්‍රහාරය යුද්දයේ හැරවුම් ලක්ෂ්‍යයක් වනු ඇතැයි අපේක්ෂා නොකළ යුතු බවත් ජනාධිපති ව්ලැඩිමීර් සෙලෙන්ස්කිගේ සහායක මිහායිල් පොඩොලියැක් පවසා ඇතැයි වාර්තා වේ.

“අපි ප්‍රතිප්‍රහාර සම්බන්ධයෙන් අදහස් දක්වන විට එම ප්‍රහාරවලින් රුසියාවට කඩා වැටෙනු ඇතැයි පැවසීම හෝ අනෙක් අතට යුක්‍රේනයට කිසිදු වාසියක් නොලැබෙනු ඇතැයි පැවසීමෙන් අදහස් වෙන්නේ අපි හොලිවුඩ් චිත්‍රපටයක් නරඹමින් සිටින බවයි. එයින් අදහස් වන්නේ අපි පෘථිවිය මැද විශාල යුද්ධයක පාර්ශවකරුවන් වී සිටින බවත් “ගොන්ඩෝර්” දෙවියා සියල්ල තීරණය කරනු ඇතැයි සිතන බවයි. නමුත් එවැන්නක් සිදුවන්නේ නැහැ, ”පොඩොලියාක් ඊයේ(9) පැවසීය.

“දිගු කාලීන ප්‍රහාරයක් යනු “බොහෝ සිදුවීම්” වල එකතුවක් . සමහර සිදුවීම් “වඩා සාර්ථක විය හැකි වුවත් සමහර ඒවා අඩු සාර්ථකත්වයක් අත්පත් කරගත හැකියි.” ඔහු තවදුරටත් පැවසීය.

මනෝරාජික මත යුක්රේන සමාජය තුළ කෙතරම් ගැඹුරට කාවැදී ඇත්ද යන්න පිළිබඳව පොඩොලියාක් විස්තර නොකරීමට වගබලා ගත්තේය. යුක්‍රේන රුසියා ගැටුම වාර්තා කරණ යුක්රේන මාධ්‍ය ආයතන සහ නිලධාරීන් විසින් රුසියානු හමුදා සාමාන්‍යයෙන් හඳුන්වනු ලැබන්නේ ‘orcs’ හෙවත් මනෝරාජික සටනක යුද උන්මතකයන් ලෙසිනි. පොඩොලියැක් ඊයේ (09) කළ ප්‍රකාශය යුක්රේන සහ බටහිර නිලධාරීන් කිහිප දෙනෙකුගේ මෑත ප්‍රකාශයන්ට අනුකූලව කර ඇති බව තහවුරු වේ. ඒ අනුව යුක්‍රේන හමුදා දිගු කලක් තිස්සේ බලා සිටි ප්‍රහාරය සම්බන්ධයෙන් අපේක්ෂාවන් ඉතා ඉහළ මට්ටමක තබා නොගන්නා ලෙස ඔවුන් යුක්‍රේන ජනතාවගෙන් ඉල්ලා සිටිති. මෙහෙයුම වසන්තය ආරම්භ වන විටම හෝ ශීත සෘතුවේ අග භාගයේ දී ආරම්භ කිරීමට අපේක්ෂා කළ නමුත් මේ දක්වා එම මෙහෙයුම ආරම්භ වී නොමැත.

කියෙව්හි ඉහළම රාජ්‍ය තාන්ත්‍රිකයෙකු වන දිමිත්‍රි කුලේබා මෑතකදී ප්‍රතිප්‍රහාරය සමස්ථ ගැටුමේ තීරණාත්මක මොහොතක් ලෙස සැලකීමට එරෙහිව අදහස් දැක්වූවේය. යුක්රේනය තමන්ට අයිති යැයි කියාගන්නා සියලුම ප්‍රදේශවලින් රුසියානු හමුදා පලවා හැරීමේ ප්‍රකාශිත ඉලක්කයට ලඟා වීමට හැකි වේවිද යන්න පිළිබඳව එක්සත් ජනපදයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් කිහිප දෙනෙකු ද සැක පළ කර ඇත. එපමණක් නොව, එක්සත් ජනපද ජාතික ආරක්ෂක කවුන්සිලයේ ප්‍රකාශක ජෝන් කර්බි මෑතකදී අනතුරු ඇඟවූයේ මොස්කව් හමුදා නුදුරේදීම නව ප්‍රහාරයක් දියත් කිරීමේ ඉඩකඩක් පවතින බවයි.

“වසන්ත සෘතුවේදි කාලගුණික තත්වය යහපත් වන විට .. දැනටමත් කාලගුණය යහපත් වීමට පටන් තියෙන්නේ … රුසියානුවන්ට යුක්‍රේනයේ සමහර ප්‍රදේශවල ප්‍රහාර එල්ල කිරීමට කටයුතු කරනු ඇතැයි අපට අපේක්ෂා කළ හැකියි.” කර්බි පසුගිය 5 වනදා අමෙරිකානු රජයේ මාධ්‍ය ආයතනයක් වන වොයිස් ඔෆ් අමෙරිකා ගුවන් විදුලි සේවයට පැවසුවේය.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More