සියම් රට භික්ෂූන් වහන්සේලා වඩම්මවා උපසම්පදා කර්මය මෙරට සිදු කර මේ වන විට වසර 270 ක් ගත වී තිබේ. මේ නිමිති කොට ගෙන සියම් දේශයෙන් සැපැමිණි භික්ෂූන් වහන්සේලා සියක් නමක් පාද චාරිකාවේ යෙදී සිටිති. උන්වහන්සේලා ගේ මීළඟ අභිප්‍රාය වන්නේ සියම් දේශයෙන් වැඩම කළ උපාලි මහ තෙරුන්වහන්සේ ඇතුළු විසි එක් නම ප්‍රථමයෙන් විවේකව වැඩ සිටි ත්‍රිකුණාමල බෝගස් හතර පුණ්‍ය භූමියේ සැමරුම් උත්සවයක් සිදු කිරීමයි. මෙම කටයුත්තට මේ වන විට දෙමළ ජාතික සන්ධානයේ සාමාජිකයන් විරෝධතා දක්වමින් සිටිති.
දෙදහස් පන්සීයක ලිඛිත ඉතිහාසයක් ඇති සිංහල රාජවාලියේ අසිරිමත්ම සිදු වීම වනුයේ මහින්දාගමනයට රාජ්‍ය අනුග්‍රහය හිමි වීමයි. ලක් බුදු සසුන පිහිටුවීම ත් එතැන් පටන් සිංහල නරපතියන් විසින් මෙම ශාසනය දිවි දෙවනි කොට ආරක්ෂා කරගැනීමට කටයුතු කිරීමත් නිසා ආසියාකරයේ ථෙරවාදී භික්ෂූන් ගේ කේන්ද්‍රස්ථානය ලෙසට ලංකාව පත් විය. වර්ෂ 1505 වන තෙක් නොයෙකුත් සතුරු ආක්‍රමණ හමුවුවේ වුවද අඛණ්ඩව අවිච්ඡින්නව පැවති සම්බුද්ධ ශාසනය පරංගින් ලංකාවට සැපත් වීමෙන් පසු බලවත් සේ දුර්වල විය. සිංහල කුමාරවරු සහ රදළයන් පර සමය ගැන්වීමද විහාරස්ථාන සුණු විසූණු කර දැමීම ද මිෂනාරීන් විසින් ආගම පැතිරවීමෙන් ද ශාසනයට ලැබුණු රාජ්‍ය අනුග්‍රහය ක්‍රමානුකූලව ඉවත් විය. කෝට්ටේ යුගයේ අවසාන සමයේ සීතාවක රාජසිංහයන් ශිව සමයේ පිහිටීම නිසා භික්ෂූන් විශාල පිරිසක් ඝාතනයට ලක් විය. දළදා වහන්සේ පරංගින් ගෙන් බේරා ගැනීමට සපරගමුවේ දෙල්ගමුවට වැඩම වන්නට සිදු විය. මේ තත්වය මත හුදකලා වු භික්ෂූන් වහන්සේලා වෙනුවෙන් වාර්ෂික උපසම්පදා කර්මය සිදු කිරීමේ බලවත් බාධා එල්ල වන්නට ඇත.
පළමු වන විමල ධර්ම සූරිය රජු විසින් නව රාජධානියක් උඩරට ඇති කර ගත් පසු නැවත උපසම්පදාව පිහිටු වීමට කටයුතු කළද එය වැඩි කළක් නොපැවතියේ රටේ සතුරු ආක්‍රමණ බලවත් වූ හෙයිනි. අනතුරුව දෙවන විමලධර්ම සූරිය රජු ද රක්ඛංග දේශයෙන් උපසම්පදාව ලබා ගැනීමට දොඩම්වල මුදියනන්සේ ගේ නායකත්වයෙන් දූත කණ්ඩායමක් පිටත් කර හැරියහ. ඔවුනට දැන ගැන්මට හැකි වූයේ එහි උපසම්පදාව පවතින බව පමණකි.අනතුරුව විජයරාජසිංහ රාජ්‍ය කාලය තුල දොරණෑගම මුහන්දිරම් රාළ සහ මාතර රාළ ඇතූල කණ්ඩායමක් පිටත් කර හැරිය නමුදු නැව මුහුදු බත් වූයෙන් වෑයම අසාර්ථක විය..මේ කාලයේ ශාසනය ආරක්ෂා කරගනිමින් විහාරස්ථාන වල වැඩ වාසය කරන ලද්දේ ගණින්නාන්සේ නමින් දක්වන පිරිසකි.
කීර්ති ශ්‍රී රාජසිංහ රාජ්‍ය කාලයේ දී සිල්වත් සමාගම යනුවෙන් ප්‍රසිද්ධව සිටි භික්ෂූ පිරිසක් සැබෑ ධර්මය පිළීබඳ අවදියෙන් තැන තැන දේශනා පවත්වමින් සිටි සමයේ රජුගේ හිත දිනාගැනීමට සමත් විය. එහි ප්‍රධානත්වය ගත් වැලිවිට සරණංකර නම් භික්ෂුවක් නිලමේ වරු මෙහෙයවා සියම් දේශයෙන් උපසම්පදාව ගෙන ඒමට වෑයමක් දැරීය. විල්බාගෙදර රාළ පට්ටපොළ මොහොට්ටාල ඇල්ලෙපොළ මොහොට්ටාල ආයිත්තා ලිද්දේ මුහන්දිරම් ඊරියගම මුහුන්දිරම් යන මේ පිරිස ත්‍රිකුණාමල වරායෙන් නැව් නැගී සියම් දේශයට පිටත්ව ගියහ. ඔවුහු බලවත් පරිශ්‍රමයක් යොදා ලන්දෙසි නැවකින් සියමට ළඟ විය. සියමත් ලංකාවත් අතර දීර්ඝ කාලයක් තිස්සේ බලවත් සම්බන්ධයක් තිබුණි. සියම් කුමරුවෙකුට කීරවැල්ලේ පරපුරෙන් කුමාරියක පවා සරණ පාවා දුන් බව ජන ප්‍රවාදයේ සඳහන්ය. මෙකල සිටි සියම් රජු ශ්‍රද්ධාවන්තයෙකි. ඔහු මේ දූත පිරිස ආදරයෙන් පිළිගෙන නවාතැන් සලස්වා එරට වැදගත් සිද්ධස්ථානයක් වන සච්චබද්ධ පර්වතය පාමොත් ප්‍රභාත් විහාරය ඇතුළු සිද්ධස්ථාන කීපයක්ම වන්දනා කිරීමට අවස්ථාව සලසා දුන්නේය.
අනතුරුව සියම් රජු විසින් සපයා දුන් නැව ගඟ දිගේ යාත්‍රාකොට සියම් වරායට සේන්දු වූ නමුත් නැව දුර්වල විය. නැවේ දුරුවලතා හේතු කොට ගෙන දූත පිරිසද සියම් භික්ෂුන්ද අධෛර්ය වූ බව පැවසෙයි. කෙසේ වුවත් විල්බාගෙදර රාළ ගේ අප්‍රතිහත ධෛර්ය නිසා ලන්දෙසීන් සමග කතිකා කොට යළි නැවක් ලබා ගත් නුමුදු එයද අබලන් විය. කෙසේ හෝ නැවතත් උත්සාහ වන්ත වී ලන්දේසීන් සතු මස්කාබෙල් නම් විශාල නැවකට ගොඩ වීමට ඔවුන්ට අවස්ථාව හිමි විය. සියම් දේශයෙන් පිටත් වූ උපසම්පදා භිකෂූන් අතර සියම් උපාලිථෙර ආර්ය මුණි ථෙර ඉන්ද්‍රසුවණ්න ථෙර ඇතූළු භික්ෂූන්වහන්සේලා විසිඑක් නමක් ද සාමණේරයන් වහන්සේලා හත් නමක්ද උපාසකයෙකුද විය. එසේම ප්‍රසුදන්ත මේස්ත්‍රී ඇතූළු ඇමතියන් පස් දෙනෙකුද මේ ගමනට එක් වී තිබුණි.මේ ගමන පිටත් වීමේ දී බලවත් ශ්‍රද්ධාවෙන් යුක්ත වූ සියම් රජු සතූටු කදුළු වැගිරවූ බව දැක්වෙයි. සියමෙන් පිටත් වූවන් අතර වූ පට්ටිපොළ මොහොට්ටාල අතරමගදී මරණයට පත් විය. ඉන්පසු සින්න පට්ටනමට පැමිණි කල්හි විහාල සුළි කුණාටුවක් නිසා නැවු ගණනාවකට අලාභ හානි විය. කෙසේ වෙතත් මේ කිසිම විපතික් අධෛර්ය නොවූ විල්බාගෙදර රළ ලන්දෙසි කොටුවට ගොස් නිරන්තරයෙන් සාකච්ඡා වට කීපයක් පවත්වා එකඟතාවකට පැමිණියේය. පෙර කී පරිදි මස්කාබෙල් නම් නැවෙන් පිටත් වීමට ප්‍රථම විල්බා ගෙදර රාළ සීනයක් දුටුවේය. මේ සීනය තෙරුම් කර ගැනීමෙන් පසු ඔහු සතුටු වූයේ තමන්ගේ කාර්යය ඒකාන්ත වශයෙන් සඵල වන බව ඒ සීනයෙන් පෙන්වා දුන් බැවිනි. මේ කාලයේ මුහුදු ගමන් අතිශයින් භයංකර විය. වීහාල නෞකාවකට ඇරෙන්නට කුඩා යාග්‍රා සුළි කණාටු වලට ඔරෙත්තු නොදුන්නේය. ඒ නිසා ලන්දේසීන් සපයා දුන් විහාල නෞකාව ගමනට පිරිමැසුණේය.බෙතාවියෙන් පිටත් වූ දූත පිරිස නොයෙකුත් වරායන් වල නවත්වා දීර්ඝ මුහුදු ගමනකින් පසු වර්ෂ 1753 මැයි මසයේ 14 දින දී ත්‍රිකුණාමල වරායට සැපත් විය.
මේ කාලයේ මහ අදිකාරම් ධූරය දැරූවේ ඇහැලේ පොළ අදිකාරම්ය. නැව නිරුපද්‍රිතව ත්‍රිකුණාමලයට ගොඩ බට බව ආරංචි වූ කීර්ති ශ්‍රී රාජසිංහයන් ඇහැලේ පොළ අදිකාරම ප්‍රමුඛ ඉහළ නිළධාරින් පිරිසක් ත්‍රිකුණාමලයට පිටත් කර හැරීය. ඔවුහු එහි පැමිණ නැවේ සිටි භික්ෂුන් ඇතුළු සිංහල දූත පිරිස පොරොත්තුව බලා සිටියහ. නැවෙන් ගොඩ බට භික්ෂුන් වහන්සේලා සන්සුන් ගමනින් ත්‍රිකුණාමලය වරාය අසල සිට ඉතා නුදුරු ව තිබූ වන ගොමුවකින් ගැවසී ගත් නමුත් එළි පෙහෙළි වූ තිබූ රම්‍ය භූමියකට සැපත් විය. තාවකාලික ව කූඩාරම් ගසා ඒ ස්ථානයේ භික්ෂූන් වහන්සේලාට විවේක ගැනීමට සලස්වා තිබුණි. සියම් උපාලි ථෙර ඇතළු විසි එක් නමද රාජ්‍ය දූත පිරිසද ඉතාමත් ගෞරවයෙන් පිළිගත් අහැලේපොළ මහ අදිකාරම දාන මනාදියෙන්ද රස මසුවුලෙන්ද සතප්පවා භික්ෂූන් වහන්සේලාගෙන් ආශිර්වාද ලබා ගත්හ. මේ අවස්ථාවේ දී මෙම පුණ්‍ය භූමිය වටා බෝධීන් වහන්සේලා සතර නමක් රෝපණය කර අතැයි දැක්වේ.අනතුරුව මේ භික්ෂූහු පා ගමනින්ම සෙංකඩගල මහනුවර බලා පිටත් වූහ. සියම් මහ රජු විසින් ලබා දුන් ධර්ම ග්‍රන්ථ හිස උඩ තබා මහත් ගෞරවයෙන් වඩම්මන ලදහ. තෑගි භෝග දළදා වහන්සේට පූජා දි සත්කාර ඇතූළු සියල්ලම මෙසේ ගෙන යන ලදහ. ඒ ගමන් අතරමග විවේක ගැනීමටද නවාතැන් සපයා දීමටද ඇරණු පිරිසක් ඒ වින විටද සූදානම් කර තිබුණි.සතිදෙකතුනකින් පසු මහනුවර මල්වතු මහා විහාරයට පැමීණි භික්ෂූන් වහ්නසේලා එහි නවාතැන් ගත්හ. රාජ්‍ය දූත පිරිස බෝගම්බර නවාතැන් ගත්හ. ඉන්පසු ඇසළ මාසයේ දී සිංහල භික්ෂූන් වහන්සේලා ගේ උපසම්පදා කටයුතු ආරම්භ කළ බව දැක්වෙයි.
2023 මෙම වර්ෂය වන විට සියම් උපසම්පදාව ගෙනවුත් වර්ෂ 270 ක් සපිරෙයි. ඒ වෙනුවෙන් සියම් දේශයෙන් පැමිණි භික්ෂූන් වහන්සේලා පිරිසක් මේ වන විට දිවයිනේ රැඳී සිටිති. නොයෙකුත් සිද්ධස්ථාන වැඳපුදා ගනිමින් පාද චාරිකාවේ යෙදී සිටිති.
එදා 1753 දී ත්‍රිකුණාමල වරායට ගොඩ බැස පළමුවෙන්ම නවාතැන් ගත් ස්ථානයට සපැමිණ එතැන ධර්ම දේශනා කොට පා ගමනින් මහනුවර බලා ගමන් කිරීම උන් වහන්සේලාගේ අභිප්‍රාය වෙයි. සම්බුද්ද ශාසනයට මෙතරම් වැදගත් කමක් උසුලන ත්‍රිකුණාමල විවේක ස්ථානය අද හඳුන්වන්නේ බෝගස් හතර පුරාවිද්‍යා ස්ථානය යනුවෙනි. 2009 වර්ෂයේ මාර්තු මස 13 වන දින දී මෙම පුණ්‍ය භූමියෙහි වැදගත් කම සලකා 1593 අංකය යටතේ ගැසට් පත්‍රයකින් පුරාවිද්‍යා රක්ෂිතයක් කර ඇත.ඒ නිසා මෙම වගකීම හිමි පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවට දන්වා මෙම සංවිධාන කටයුතු ආරම්භ කර ඇත. ත්‍රිකුණාමල දිසාපතිවරයා ඇතූළු රාජ්‍ය නිළධාරීන් ගේ මූලිකත්වය යටතේ මෙම කටයුතු සඳහා අවසර ලබා ගැනීමට ත්‍රිකුණාමල පුරාවිද්‍යා සහකාර අධ්‍යක්ෂ වරිය වන නිරූපා ප්‍රිදර්ශනී මහත්මියගේ මාර්ගයෙන් අධ්‍යක්ෂ ජනරාල් වෙත දන්වා යවා තිබේ. අවසර ලබා දී ඇති නමුදු මේ වනතෙක් බුද්ධ ශාසන අමාත්‍යංශයේ පූර්ණ මැදිහත් වීම ලබා ගෙන නොමැති බව වාර්තා වෙයි.
එළඹෙන මැයි 14 දින අස්ගිරි මහා විහාරයේ අනුනායක පූජ්‍ය වේඬරුවේ උපාලි ස්වාමීන් වහන්සේගේ මූලිකත්වයෙන් සිදු වන මෙම සැමරීමේ උත්සවයට මේ වන විට පාර්ලිමේන්තු මන්ත්‍රී ආර්.සම්බන්ධන් මහතා ඇතුළු දෙමළ දේශපාලනඥයන්ද අන්තවාදීන් පිරිසක්ද විරෝධය පළ කරමින් සිටී. ආර්. සම්බන්ධන් ලා ත්‍රිකුණාමල කොටුවේ තිබෙන බුදු පිළිමයටත් වෛර කරන පිරිසකි. නැගෙනහිර සහ උතුරේ බෞද්ධ සිද්ධස්ථාන නොපැවතිය යුතු යැයි ඔවුහු ප්‍රකාශ කරති. ඒ අතර බෞද්ධ ස්මාරක කඩා දමමින් ශිව ලිංග තබා ගෙන යති. වසර දෙදහස් පන්සීයක ඉතිහාසය තුළ පැවති සම්බුද්ධ ශාසනික අයිතිය සුරක්ෂිත කිරීමට බාධාවකින් තොරව උත්සව පැවැත්වීමට ඇති අයිතිය අද බෞද්ධයන්ගෙන් පැහැර ගෙන තිබේ. මෙම සිද්දිය එයට හොඳ උදාහරණයකි.
– මතුගම සෙනෙවිරුවන් –
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...
බුදු රජාණන් වහන්සේගේ සිරිපා සලකුණ පිහිටවූ සච්චාබද්ධ පර්වතය තිබෙන්නේ තායිලන්තයේද? එය දැනට විෂ්ණු දේවාලය තියන තිරුපති එම ස්ථානය බවටත් මතයක් තියනවා. බුදු රජාණන් වහන්සේ තායිලන්තයට වැඩම කල බවට එරට ඉතිහාසයේ සඳහන් වෙනවද? මේ සච්චබද්ධ පර්වතය ගැන මොනවද තිබෙන තොරතුරු.