දැනට නිකුත් වී ඇති මැතිවරණ ප්‍රතිඵලවලට අනුව තායිලන්ත මහා මැතිවරණයේ ජය විපක්ෂයට හිමිව ඇති බව වාර්තා වේ.
හමුදා සහාය ලබන වත්මන් පාලක පක්ෂය මැතිවරණයේදී දැඩි පසුබෑමකට ලක්ව ඇති අතර, සමස්ත ඡන්දවලින් 99%ක් පමණ මේවන විට ගණන් කර අවසන් අතර, එහිදී පෙරමුණ ගෙන සිටින්නේ තරුණ නායක පිටා ලිම්ජොරොන්රාට්ගේ නායකත්වයෙන් යුතු මූව් ෆෝවඩ් පක්ෂය බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
මෙවර මැතිවරණයේ පෙරමුණ ගනු ඇතැයි අපේක්ෂා කළ හිටපු තායිලන්ත අගමැති තක්ෂීන් ෂිනවත්ගේ දියණිය වන පේටන්ට්රන් ෂිනවාත්ගේ පියු තාන් පක්ෂය දෙවැනි ස්ථානයේ පසුවන බවත් විදෙස් මාධ්‍ය පවසයි.
මැතිවරණ විචාරකයින් අනාවැකි පළකර ඇත්තේ සමස්ත ප්‍රතිඵල අනුව මූව් ෆෝවඩ් පක්ෂයට ආසන 147ක් සහ ෂිනවත්ගේ පියු තායි පක්ෂයට ආසන 138ක් දිනාගනු ඇති බවයි.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...