දේශීය පුවත්

රුසියාව ඊයේ (16 ) අලුයම කියෙව්හි ඉලක්ක වෙත “ඒකාබද්ධ ප්‍රහාරයක්” දියත් කර ඇති බව වාර්තා වේ. මාධ්‍යට නම සඳහන් කිරීමට අකමැති වූ යුක්‍රේන හමුදා නිලධාරියෙක් රුසියාව එල්ල කළ ප්‍රහාරය “ඝනත්වය අතින් සුවිශේෂී” ප්‍රහාහරයක් බව පවසා ඇතැයි වාර්තාවේ.

බෝම්බ ප්‍රහාරයට ඩ්‍රෝන යානා, කෲස් මිසයිල සහ ඇතැම් විට බැලස්ටික් මිසයිල පවා යොදා ගෙන ඇති බව කියෙව්හි හමුදා පරිපාලනයේ ප්‍රධානී සර්ජි පොප්කෝ සිය ටෙලිග්‍රැම් ගිනුමෙහි සටහනක් තමබමින් කියා සිටියේය.

“උපරිම ප්‍රහාරක මිසයිල ප්‍රමාණයක් කෙටිම කාලසීමාවක් තුළ දියත් කරන ලදී,” ඔහු අනාවරණය කළේය.

පොප්කෝ කියා සිටියේ “කියෙව් ගුවන් සීමාවේ ඇති මිසයිල ආරක්ෂණ පද්ධතිය සතුරු ඉලක්කවලින් බහුතරයක් හඳුනාගෙන විනාශ කරන ලද” බවයි.

යුක්රේන සන්නද්ධ හමුදාවන්ගේ ප්‍රධාන අණ දෙන නිලධාරියා වන ජෙනරල් වැලරි සාලුෂ්නිගේ ටෙලිග්‍රාම් ගිනුමෙහි පසුව අනාවරණය කළේ මිසයිල 18 ක් එක රැයක් තුළ කියෙව් අගනුවරට දියත් කළ බවත්, ඒවා සියල්ලම කියෙව් ගුවන් ආරක්ෂණ පද්ධතිය මගින් විනාශ වූ බවයි. ඒ අතර Kinzhal හයිපර්සොනික් මිසයිල හයක්, Kalibrර කෲස් මිසයිල 9ක් සහ ගොඩබිමින් දියත් කරන ලද Iskander බැලස්ටික් මිසයිල තුනක් ඇතුළත් බව එම නිවේදනයේ දැක්වේ.

Kinzhal (Dagger) යනු 2017 වසරේ සිට ක්‍රියාත්මක වන රුසියානු අධිධ්වනික ගුවනේ සිට මහ පොලොවට එල්ල කරණ මිසයිලයකි. එයට ශබ්දයේ වේගය මෙන් 12 ගුණයක වේගයක් (පැ.කි.මී. 14,800ක් පමණ) දක්වා වේගයෙන් ගමන් කළ හැකි අතර නිරන්තරයෙන් ප්‍රති මිසයිල මගහැරීමේ උපාමාරු සිදු කිරීමේ හැකියාවද පවතියි. එලෙසම මෙතෙක් ලෝකයේ පවතින ඕනෑම ගුවන් ආරක්ෂණ පද්ධතියක් විනිවිද යාමට එම මිසයිලයට හැකියාව ඇත.

බෝම්බ ප්‍රහාරයට ඩ්‍රෝන යානා, කෲස් මිසයිල සහ සමහරවිට බැලස්ටික් මිසයිල සම්බන්ධ වූ බව කියෙව්හි හමුදා පරිපාලනයේ ප්‍රධානී සර්ජි පොප්කෝ සිය ටෙලිග්‍රාම් ගිණුමෙහි ලියා තිබේ.

කෙසේ වුවද නවතම ප්‍රහාර සම්බන්ධයෙන් රුසියානු ආරක්ෂක අමාත්‍යාංශය තවමත් අදහස් දක්වා නොමැත. මීට පෙර මෙවැනි මෙහෙයුම් අනාවරණය කරන විට,රුසියානු ආරක්ෂක අමාත්‍යාංශය සාමාන්‍යයෙන් අවධාරණය කරන්නේ එම මිසයිලවලට අපේක්ෂිත සියලු ඉලක්ක විනාශ කිරීමට හැකි වූ බවයි.

කියෙව් “ත්‍රස්තවාදී උපක්‍රම” භාවිතා කරන බවට සහ මූලෝපායික ක්‍රිමියානු පාලම ඇතුළු රුසියානු යටිතල පහසුකම් ඉලක්ක කරන බවට චෝදනා කිරීමෙන් පසු මොස්කව් පරිපාලනය පසුගිය වසරේ ඔක්තෝම්බර් මාසයේදී යුක්‍රේනයට මහා පරිමාණ මිසයිල ප්‍රහාර එල්ල කිරීම ආරම්භ කළේය.

එතැන් සිට, යුක්රේන හමුදා ස්ථාපනයන්ට සහ බලශක්ති පහසුකම්වලට එරෙහිව විවිධ වර්ගයේ ප්‍රක්ෂේපන සහ කමිකේස් ඩ්‍රෝන ඇතුළත් මහා පරිමාණ මිසයිල බෝම්බ ප්‍රහාර ගණනාවක් සිදු කර ඇති අතර, එමඟින් එරටේ ගුවන් ආරක්ෂක හැකියාවන් පළුදු වීමට හේතු විය.

මාස දෙකක පමණ විරාමයකින් පසුව මැයි මස මුලදී යුක්රේනය පුරා ප්‍රහාර යළි ආරම්භ කිරීමට රුසියාව කට යුතු කළේය. පොප්කෝට අනුව,මැයි මාසය ආරම්භයේ සිට කියෙව්හි ඉලක්ක වෙත එල්ල වූ අටවැනි ප්‍රධාන මිසයිල සහ ඩ්‍රෝන් ප්‍රහාරය මෙය වන්නේය.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More