රුසියානු ආරක්ෂක හමුදා එල්ල කළ නිරවද්‍ය හයිපර්සොනික් කින්සාල් මිසයිල ප්‍රහාරයකින් කියෙව් නගරය වටා පිහිටුවා ඇති පේට්‍රියට් ගුවන් ආරක්ෂක පද්ධතියක් විනාශ වී ඇති බව මොස්කව්හි ආරක්ෂක අමාත්‍යාංශය අද(16) වාර්තා කළේය. යුක්රේන රජය මීට පෙර කියා සිටියේ රුසියානු කින්සාල් මිසයිල එක්සත් ජනපදයේ නිෂ්පාදිත ආයුධ බිම හෙළීමට හැකි වූ බවයි.
කෙසේ වුවද රුසියානු හමුදාව ප්‍රහාරය සම්බන්ධයෙන් වැඩිදුර විස්තර ලබා දුන්නේ නැති අතර බටහිර ආධාරකරුවන් විසින් යුක්රේනයට සැපයූ දිගු දුර පද්ධතියට පහර දුන් බව මොස්කව් පරිපාලනය ප්‍රකාශ කළ පළමු අවස්ථාව එය විය.
මැයි 15 දා රාත්‍රියේ රුසියානු හමුදා විසින් එල්ල කරන ලද දැවැන්ත මිසයිල ප්‍රහාරයකට ඔවුන්ගේ ගුවන් ආරක්ෂක පද්ධතිය ඔරොත්තු දුන් බව කියෙව් පරිපාලනය වාර්තා කළේය. යුක්රේන හමුදාව පවසා සිටියේ ඔවුන් විසින් එල්ල කළ වෙනත් විවිධ ගුවන් ඉලක්ක වලට අමතරව කිංසාල් මිසයිල හයක් බිම දැමූ බවයි
රුසියානු ආරක්ෂක අමාත්‍යාංශය අඟහරුවාදා දිනපතා පැවති සාකච්ඡාවකදී ප්‍රහාරය තහවුරු කළේ, “යුක්‍රේන හමුදා ස්ථාන සහ බටහිර ජාතීන්ගෙන් ලබා දුන් යුධෝපකරණ, ආයුධ සහ මිලිටරි දෘඩාංග ගබඩා කරන ස්ථාන” ඇතුළු මිලිටරි ඉලක්කවලට පහර දීම සඳහා දිගු දුර නිරවද්‍ය ආයුධ භාවිතා කර ඇති බව අනාවරණය කරමිනි .
යුක්රේන අගනුවර යොදවා ඇති පේට්‍රියෙට් මිසයිල ආරක්ෂක පද්ධතිය රුසියානු මිසයිල වෙත ප්‍රති මිසයිල ප්‍රහාර කිහිපයක් එල්ල කරන ආකාරය දැක්වෙන වීඩියෝවක් සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වේ.එහෙත් තත්පර කිහිපයකට පසු විශාල පිපිරීමක් එම ප්‍රදේශයේ දක්නට ලැබේ.
යුක්රේන රජය පසුගිය සතියේ කියා සිටියේ තමන් ප්‍රථම වරට Kinzhal මිසයිලයක් බිම හෙළීම සඳහා පේට්‍රියේට් මිසයිල පද්ධතියක් භාවිතා කළ බවයි. එහෙත් Kinzhal මිසයිලයක් යනු අධිධ්වනික ආයුධයක් වන අතර එහි වේගයට ප්‍රායෝගිකව බාධා කිරීමට හැකියාවක් නැත.
රුසියානු මාධ්‍ය වෙත අදහස් දක්වමින් රුසියානු ආරක්ෂක අමාත්‍යාංශය, නිර්නාමික මූලාශ්‍ර ගෙනහැර දක්වන යුක්‍රේන ප්‍රකාශය “ප්‍රාර්ථනා සහගත චින්තනයක්” ලෙස බැහැර කළේය.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...