දේශීය පුවත්

ඩිමොක්‍රටික් පක්ෂයේ ප්‍රමුඛ පරිත්‍යාගශීලියෙකු වන ජෝර්ජ් සෝරෝස් යනු “මනුෂ්‍යත්වයට වෛර කරන” අයෙකු බවත් ඔහු විකට පොත්වල සුපිරි දුෂ්ටයෙකුට සමාන බවත් පවසමින් ඊයේ(16) හංගේරියානු ප්‍රකෝටිපතියෙකු වන ජෝර්ජ් සෝරෝස්ට දැඩි විවේචනයක් එල්ල කිරීමට එලොන් මස්ක් සිය ට්විටර් ගිණුම භාවිතා කර ඇති බව වාර්තා වේ.

එම ට්විටර් පණිවිඩය මේ වන විට මිලියන 20 කට වඩා වැඩි වාර ගණනක් නරඹා ඇති බවද වාර්තාවේ. මස්ක් සිය පණිවිඩයෙහි ලියා ඇත්තේ “සෝරෝස් මට මැග්නටෝව මතක් කර දෙයි” යනුවෙනි. මැග්නටෝ යනු X-Men නම් විකෘති විකට පොත් කතා මාලාවේ දුෂ්ඨයා බවයි.හංගේරියානු-ඇමරිකානු ව්‍යාපාරිකයෙකු වන ජෝර්ජ් සෝරස් නිතරම දක්ෂිණාංශික “පන්ච් බෑග්” එකක් ලෙස වර නැංවී ඇතැයි කියා සිටි මාධ්‍යවේදී බ්‍රයන් ක්‍රැසෙන්ස්ටයින් වැඩි දුරටත් පවසා සිටියේ, සමහර අය ඔහුගේ “යහපත් චේතනා” වලට ” ඔහුගේ දේශපාලන බැඳීම්” හේතුවෙන් එකඟ නොවන බවත් සෝරෝස් විරුද්ධවීමට එය හේතුවක් කර ගන්නා බවත්ය.

මාධ්‍යවේදී බ්‍රයන් ක්‍රැසෙන්ස්ටයින්ගේ අදහස් දැක්වීම සම්බන්ධයෙන් එලෝන් මස්ක් සිය ට්විටර් පණිවිඩයේ සටහනක් තබමින්”ඔබ සිතන්නේ ඒවා හොඳ චේතනාවන් බවයි,” යනුවෙන් ලියා තැබීය. ” ඔහුට අවශ්‍ය වන්නේ ශිෂ්ටාචාරයේ සියලුම වියමන් ඛාදනය කිරීමටයි. සෝරෝස් මනුෂ්‍යත්වයට වෛර කරනවා.” Space X සහ Tesla” ප්‍රධාන විධායක නිලධාරි එලෝන් මස්ක් ඔහුගේ ප්‍රකාශයන් සනාථ කිරීමට තවත් සාක්ෂි ඉදිරිපත් කළේ නැත.

මැගෙන්ටො යනු මාවෙල් කොමික්ස් කාටුන් කතා මලාවේ එන “X-Men franchise” හි ප්‍රධාන චරිතයයි. චිත්‍රපට මාලාවේ ප්‍රධාන දුෂ්ටයා වන මැගෙන්ටො ලෙස බ්‍රිතාන්‍ය නළු Ian McKellan චිත්‍රපට කිහිපයක රඟපෑවේය. මැගෙන්ටොට ඔහුගේ මනසින් චුම්බක ක්ෂේත්‍ර පාලනය කිරීමේ හැකියාව ඇත. සෝරෝස් මෙන්ම මැග්නටෝ ද X-Men canon හි සමූලඝාතනයෙන් දිවි ගලවා ගත් අයෙකි.

මස්ක් ඊයේ(16) නිකුත් කළ ට්විටර් පණිවිඩයට ලැබුණු ඔල්වරසන් නාදයෙන් ඉක්බිතිව, ප්‍රකාශනයේ නිදහස පිළිබඳ හිටපු එක්සත් ජාතීන්ගේ විශේෂ වාර්තාකරු ඩේවිඩ් කේයි විසින් මස්ක්ට චෝදනා එල්ල්ල කරන ලද්දේය. බොහෝ විට සෝරෝස් සමඟ සම්බන්ධ වූ සංවිධාන යුදෙව් විරෝධී මතවාදයන් ප්‍රවර්ධනය කරන ලදී. ඊට සමාන්තරව ට්විටර් ගිනුම් රාශියක් සෝරස්ගේ උපක්‍රමය හෙළිදරව් කිරීමට කටයුතු කරමින් සිටී.

ජොර්ජ් සෝරොස් නම් ප්‍රකෝටිපති ආයෝජකයාගේ “Soros Fund Management hedge” අරමුදල් සමූහය මාර්තු මස අගදී මස්ක් ගේ විදුලි වාහන නිෂ්පාදකයා වන ටෙස්ලා සමාගමේ ඔව්න් සතු සම්පූර්ණ කොටස් විකුණා ඇති බව එක්සත් ජනපද සුරැකුම්පත් හා විනිමය කොමිෂන් සභාවට (SEC) මූල්‍ය ගොනු කිරීමේදී හෙළිදරව් වීමෙන් දින කිහිපයකට පසුව සෝරොස් වෙත මස්ක්ගේ ප්‍රහාරය එල්ල විය.

2022 අවසානයේ සෝරෝස් සමූහයට ටෙස්ල සමාගමේ කොටස් 132,000 ක් පමණ අයහ්ව තිබූ නමුත් 2023 ආරම්භක මාසවලදී එහි සම්පූර්ණ කොටස් විකුණා දැමූ බව පෙන්නුම් කළේය. කෙසේ වෙතත්, පසුගිය මාසය තුළ ටෙස්ලා සමාගමේ කොටස් වල මිළ 11% කින් පමණ පහත වැටී ඇත. සෝරෝස්ගේ පිටුබලය ලත් හෙජ් අරමුදල ඇමzඔන් සහ ඇල්ඵබෙට් ඇතුළු අනෙකුත් සමාගම් වල කොටස් ද විකුණා ඇත.

මෑතකදි පැවැති සම්මුඛ සාකච්ඡාවකට එක් වෙමින්, දේශපාලන කටයුතුවලට මැදිහත් වීමට තම මුදල් භාවිතා කරන බවට එල්ල කරන ලද චෝදනා ප්‍රතික්ෂේප කිරීමට සෝරෝස් කටයුතු කළේය.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More