දේශීය පුවත්

දක්ෂිනාංශික භාරතීය ජනතා පක්ෂය (BJP) කර්නාටක ව්‍යවස්ථාදායක මැතිවරණයේදී ප්‍රධාන විපක්ෂය වන ඉන්දීය ජාතික කොංග්‍රසයට පරාජය වීම නින්දිත පරාජයක් බව දේශපාලන විශ්ලේෂකයෝ පවසති
ඉන්දියාව ඇයගේ යටත් විජිත හාම්පුතා වන බ්‍රිතාන්‍යයෙන් ණයට ගත් “first-past-the-post” (FPTP) සිධාන්තය අනුව එරට ඡන්දය භාවිතා කරයි. මෙම ක්‍රමය සරල බහුතර ක්‍රමය ලෙසද හඳුන්වනු ලබන අතර, මැතිවරණ කොට්ඨාශයක වැඩිම ඡන්ද සංඛ්‍යාවක් ලබා ගන්නා අපේක්ෂකයා ජයග්‍රාහකයා ලෙස ප්‍රකාශයට පත් කරනු ලබයි.

ලෝක් සභාව ලෙස හැඳින්වෙන පාර්ලිමේන්තුවේ පහළ මන්ත්‍රී මණ්ඩලයට සහ ප්‍රාන්ත ව්‍යවස්ථාදායක සභාවන්ට සාමජිකයන් පත්කර ගන්නා සෘජු මැතිවරණ වලදී මෙම ක්‍රමය භාවිතා වේ. “”first-past-the-post” ක්‍රමය හෙවත් සරල බහුතර ක්‍රමය සඳහා එල්ල වන එක් ප්‍රධාන විවේචනයක් නම්, මැතිවරණ තරඟයකදී සමස්ත ඡන්ද වලින් අඩකට වඩා අඩු ප්‍රමාණයක් ලබාගෙන තිබියදීත්, අපේක්ෂකයෙකුට ජයග්‍රහණය කළ හැකි බැවින්, එය සැමවිටම ව්‍යවස්ථාදායකයේදි මහජනයාගේ මතය නිවැරදිව ප්‍රකාශ වන නියෝජිත වරමක් සඳහා ඉඩ නොදෙන බවයි.

මෙම ක්‍රමය යටතේ ඉන්දීය ජාතික කොංග්‍රසය මන්ත්‍රීවරුන් 224කින් යුත් ප්‍රාන්ත ව්‍යවස්ථාදායකයේ සරල බහුතරයක් හෙවත් ආසනවලින් 50%කට වඩා වැඩි ප්‍රමාණයක් දිනා ගත්තේය. ඉන්දීය ජාතික කොංග්‍රසය සමස්ත ප්‍රකාශිත ඡන්ඩ වලින් 42.88%ක ඡන්ද ප්‍රතිශතයක් ලබා ගත් අතර එය 1989 සිට එම පක්ෂය ලබාගත් ඉහළම අගයයි. ඒ අනුව ඉන්දීය ජාතික කොංග්‍රසය ආසන 135ක් දිනා ගත්තේය. කෙසේ වුවද ආණ්ඩුවක් පිහිටුවීමට ලබාගත යුතු අවම ආසන සංඛ්‍යාව 122 ක් වන්නේය. මීට පෙර බලයේ සිටි භාරතීය ජනතා පක්ෂයට මැතිවරණයේදී හිමි වූයේ යන්තම් ආසන 66ක් පමණි. ප්‍රාදේශීය ආගමික පක්ෂයක් වන ජනතා දාල් පක්ෂය ආසන 19ක් ජයග්‍රහණය කළේය.

එලඹෙන 2024 වසරේ ඉන්දියාවේ පැවැත්වෙන තීරණාත්මක පාර්ලිමේන්තු මැතිවරණයට පෙර ඉන්දියාවේ වඩාත්ම සංවර්ධිත ප්‍රාන්තය වන ඉන්දියාවේ දකුණු ප්‍රදේශයේ ප්‍රාන්තයක් වන කර්නාටක ප්‍රාන්තයෙන් භාරතීය ජනතා පක්ෂය දරුණු සෝදා පාලුවකට ලක්වීම එම පක්ෂයට තීරණාත්මකය.

ආකර්ශනීය නායක, අගමැති නරේන්ද්‍ර මෝදි යටතේ භාරතීය ජනතා පක්ෂය 2014 සිට ඉන්දියාව පාලනය කරනු ලබන්නේ රටේ සමාජ ව්‍යුහයට තර්ජනයක්ව වැඩෙන ධ්‍රැවීකරණය සහ වාර්ගික ගිනි ගැනීම් මධ්‍යයේය. මිලියන 180කට වැඩි සාමාජිකයින් සංඛ්‍යාවක් සිටින ලොව විශාලතම පක්ෂය වන භාරතීය ජනතා පක්ෂය කර්නාටක මැතිවරණයේදී මෝඩිව ආරක්ෂා කිරීමට ඉන්දීය ජාතික කොංග්‍රසයේ ජයග්‍රහනය ආපසු හැරවීමට උත්සාහ කරමින් සිටියේය. එහෙත් ඡන්ද විමසන ස්ථානයේදි ඔවුන්ගේ ඡන්ද දායකයන්ගේ දුර්වල හැසිරීම හේතුවෙන් මෝඩිගේ ඡන්ද ග්‍රාහක ප්‍රතිරූපය බිඳ වැටී ඇත.

මැයි 10 වැනි දින මැතිවරණය තනි අදියරක් ලෙස පැවැත්වීමට පෙර, කර්නාට ප්‍රාන්තයේ අගනුවර සහ ඉන්දියානු ජාතියේ තොරතුරු තාක්ෂණ කේන්ද්‍රස්ථානය වන බැංගලෝරයේ දැවැන්ත මාර්ග සංදර්ශන ඇතුළුව මෝඩි කළ සියලු ප්‍රචාරක උපක්‍රම පල රහිත වී තිබේ. සමස්තයක් වශයෙන්, අගමැතිවරයා රැස්වීම් 19 ක් සහ මාර්ග සංදර්ශන හයක් අමතා තිබුණි. ඔහුගේ පක්ෂ සාමාජිකයන්ගේ ශ්‍රේණි තුළ දැවැන්ත ආරවුල් විසින් සමස්ත දූර කාලය පුරාම පැවති රාජ්‍යයේ පාලන-විරෝධී ප්‍රවනතාව පිටුදැකීමට මෙම ප්‍රචාරක කටයුතු ප්‍රමානවත් නොවුනි.

ඊට පටහැනිව, 2014 සහ 2019 පාර්ලිමේන්තු මැතිවරණවල අඛණ්ඩ පරාජයෙන් පසු ජනප්‍රියත්වය නව ගැඹුරකට ඇද වැටුණු කොංග්‍රසය, පක්ෂයේ හිටපු ජනාධිපති රාහුල් ගාන්ධිගේ “භාරත් ජෝඩෝ යාත්‍රාවේ” බලපෑමෙන් පසු කර්නාටක සහ දකුණු ඉන්දියාවේ සමහර ප්‍රදේශවල පාක්ෂිකයන් තුල විශාල පිබිදීමක් ඇති වුණි. දේශපාලන පාගමන්, දේශන සහ රැලි සහිතව රට හරහා මාස පහක ප්‍රචාරක ව්‍යාපාරයක් දියත් කළේය.

ගාන්ධි සිය පක්ෂයේ ජයග්‍රහණයෙන් පසු නවදිල්ලියේ වාර්තාකරුවන්ට පැවසුවේ “දුප්පත් ජනතාව කර්නාටකයේ ගජමිතුරු ධනපතියන් පරාජය කළ බවයි. අපි මේ සටන කළේ වෛරයෙන් නෙවෙයි.” 1947 දී රට බ්‍රිතාන්‍යයන්ගෙන් නිදහස ලබා ගත් දා සිට අගමැතිවරුන් තිදෙනෙකු ඉන්දියාවට ලබා දුන් ගාන්ධි-නේරු පවුලේ වංශය, කර්නාටක ප්‍රාන්තයේ ඇතිවූ ප්‍රවණතාවය රාජස්ථාන්, මධ්‍ය ප්‍රදේශ්, චත්තිස්ගාර් සහ තෙලන්ගානා වැනි අනෙකුත් ප්‍රාන්තවල ග්‍රහණය වනු ඇතැයි ශුභවාදී අදහස් සමාජය තුළ ඇති වෙමින් තිබේ.මෙම ප්‍රාන්ත සියල්ල මේ වසර අගදී මැතිවරණයකට යාමට නියමිතව තිබේ.

2014 දී බලයෙන් පහ වූ දා සිට පැවැත්මේ අර්බුදයකට මුහුණ දී සිටි කොංග්‍රසයේ ජයග්‍රහණය මීට වඩා සුදුසු අවස්ථාවකදී සනිටුහන් කිරීමට නොහැකි බව දේශපාලන විශ්ලේෂකයින්ගේ මතයයි. කර්නාටක ජයග්‍රහණය 2019 සිට භාරතීය ජනතා පක්ෂයට එරෙහිව ඉන්දීය ජාතික කොංග්‍රසය ජයග්‍රහණය කළ පළමු අවස්ථාව ද වේ.

ප්‍රාන්තයේ නව මහඇමති අපේක්ෂකයා කවුරුන්ද යන්න විමසීමට කොන්ග්‍රස් සභාපති මල්ලිකාර්ජුන් ඛාර්ගේට බලය පැවරීමට ව්‍යවස්ථාදායක සභාවට අලුතින් තේරී පත් වූ මන්ත්‍රීවරු තීරණය කර ඇත. 2013 සිට 2018 දක්වා කාලය තුළ ප්‍රාන්තයේ ඉහළම තනතුර හොබවා ඇති දොද්දලහල්ලි කෙම්පෙගෞඩ ශිවකුමාර්ගේ ආධාරකරුවන් සහ සිද්දරමයියා අතර සටන් පාඨ යුද්ධයක් ආරම්භ වී තිබේ.

කර්නාටක යනු ලොව විශාලතම ප්‍රජාතන්ත්‍රවාදි රාජ්‍යයේ ප්‍රධානතම ප්‍රාන්තයකි. එය ඉන්දියාවේ ප්‍රමුඛතම නිෂ්පාදන ප්‍රාන්ත රාජ්‍යයක් වන අතර සෘජු විදේශ ආයෝජන සඳහා ඉල්ලුම් කරන ගමනාන්තයකි. ඇපල් අයිෆෝන් නිෂ්පාදක ෆොක්ස්කොන් වැනි බහුජාතික සමාගම් ප්‍රාන්තයේ දිගටම ආයෝජනය කිරීම ස්ථාවර රජයක් විසින් සහතික කරනු ඇත.

සාම්ප්‍රදායිකව, දකුණු ඉන්දීය ප්‍රාන්ත සෑම විටම ඔවුන්ගේ උතුරු සගයන් අභිබවා ගොස් ඇති අතර,උතුරු සගයන් බලයේ සිටින භාරතීය ජනතා පක්ෂය ජයග්‍රහණය කළ යුතු අවසාන මායිම ලෙස පවතී.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More