දේශීය පුවත්

වෙළඳපල පර්යේෂණ ආයතනයක් වන ‍YouGov විසින් පසුගිය 16 වනදා ප්‍රකාශයට පත් කරන ලද ඡන්ද විමසීම් දත්ත වලට අනුව එක්සත් රාජධානියේ පුරවැසියන්ගෙන් 60% කට ආසන්න ප්‍රමාණයක් අගමැති රිෂි සුනක් කෙරෙහි විශ්වාසයක් නොමැති බව තහවුරු වන බව දේශපාලන විශ්ලේෂකයෝ පවසති.

පුද්ගලයන් 2012 ගේ සහභාගිත්වයෙන් ‍YouGov ආයතනය විසින් මැයි 14 සහ 15 යන දිනවල පවත්වන ලද සමීක්ෂණයේ ප්‍රතිඵල වලින් යෝජනා කළේ ප්‍රතිචාර දැක්වූවන්ගෙන් 6%ක් පමණක් කොන්සර්වේටිව් පක්ෂයේ නායකයාගේ වැඩපිළිවෙල ක්‍රෙහි “ඉතා හිතකර” බවට මත දක්වා ඇති බවයි.

ප්‍රතිචාර දැක්වූ අයගෙන් 25%ක් සුනාක් පිළිබඳ ඔවුන්ගේ ස්ථාවරය “තරමක් හිතකර” ලෙස මත දක්වා තිබුණි. එහෙත් ප්‍රතිචාර දැක්වූවන්ගෙන් 59%කටම සුනක්ගේ අගමැතිකම පිළිබඳ නිෂේධාත්මක මතයක් තිබූ බව මත විමසුමෙන් අනාවරණය වී ඇතැයි විශ්ලේෂකයෝ පවසති. මෙම 59% ප්‍රතිශතය තුළ සිටින 34% ක්ම පවසා සිටියේ අග්‍රාමාත්‍යවරයා පිළිබඳ ඔවුන්ගේ මතය “ඉතා අවාසිදායක” බවයි.

එරට විපක්ෂය වන කම්කරු පක්ෂයේ නායක Keir Starmer, මත විමසිමේදී සුනක්ට වඩා සුළු වශයෙන් ඉදිරියෙන් සිටින බව ‍YouGov ආයතනය පවසයි.සමීක්ෂණයට සහභාගිවන්ගෙන් 35% ක් Keir Starmer ට ප්‍රතිවිරුද්ධ මත ප්‍රකාශ කළ 51%ක් Keir Starmer ට  “හිතකර” මතයක් පලකර ඇති බව වාර්තාව පවසයි. සමීක්ෂණයට සහභාගි වුවන්ගෙන් 15% ක් කිසිදු ආකාරයකින් මතයක් ඉදිරිපත් නොකිරීමට වග බලා ගත්හ.
‍YouGov කළ සමීක්ෂණයේ දත්ත මීට සමාන සමීක්ෂණ වල ප්‍රතිඵල හා සම්පාත වන අතර ලේබර් පක්ෂයට සහය දැක්වීමේ වර්ධනයක් පෙන්නුම් කිරීම විශෙෂත්වයක් බව විශ්ලේෂකයෝ පවසාති. Statista ආයතනය විසින් කළ සමීක්ෂණයක විශ්ලේෂණයට අනුව, මහ මැතිවරණයක් ඉක්මනින් පැවැත්වුවහොත් බ්‍රිතාන්‍ය මහජනතාවගෙන් 43% ක් කම්කරු පක්ෂයට ඡන්දය දෙනු ඇත. 2010 සිට එක්සත් රාජධානිය පාලනය කරන ආණ්ඩු පක්ෂය වන කොන්සර්වේටිව් පක්ෂයට ඡන්දය ලබා දෙන්නේ 26%ක් පමණක් බවද අනාවරණය වේ.

2022 සිට බොහෝ ඡන්ද විමසීම්වලදී ටෝරිවරු ලේබර් පක්ෂයට වඩා පසුපසින් සිටිති. ලිස් ට්‍රස්ගේ දින 44 ක කැළඹිලි සහිත අගමැතිකම දෙපාර්ශවය අතර සහයෝගය සඳහා විශාල පරතරයක් විවර කළේය.
සුනක්ගේ පාලනය යටතේ ටෝරි ඡන්ද ප්‍රමාණය තරමක් දුරට වර්ධනය වී ඇති අතර, Statista ආයතනයේ සමීක්ෂණ දත්ත විශෙලේෂණයේදී පෙනීයන්නේ වර්තමාන දේශපාලන වාතාවරණය තුළ ඉදිරි ඕනෑම මහ මැතිවරණයකින් කොන්සර්වේටිව් පක්ෂය පරාජයට පත්වන බව යැයි දේශපාලන විශ්ලේෂකයෝ පවසති.

Statista විසින් උපුටා දක්වන ලද දත්ත වලට අනුව බ්‍රිතාන්‍ය ඡන්දදායකයින් ආර්ථිකය ප්‍රධාන ගැටලුවක් ලෙස නිරන්තරයෙන් හඳුනාගෙන ඇත. මහජන සෞඛ්‍යය මෙන්ම ජාතික සෞඛ්‍ය සේවයේ සාර්ථක ක්‍රියාකාරිත්වය, ආගමන ප්‍රතිසංස්කරණ සහ පරිසරය ද එක්සත් රාජධානිය මුහුණ දෙන වැදගත්ම ගැටළු ලෙස සලකනු ලබන බව සමීක්ෂණ ප්‍රතිඵල පෙන්වා දෙන බව දේෂපාලන විශ්ලේෂකයෝ පවසති.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More